IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


හේමාල්ගේ සරාගි පෙනුමට මම කැමතියි

2016-05-17-ent-28

"වරිග පොජ්ජ" චිත්‍රපටය තුළින් රංගනයට පිවිසි නදිශානි නිරුක්ෂිකා වර්තමානය වනවිට තරුණ පරපුර අතර අතිශය ජනප්‍රිය නිළියක් බවට පත්ව සිටින්නීය. ටෙලිනාට්‍යය හා සිනමා නිර්මාණ කිහිපයකටම දැනට දායකව සිටින ඇය ස්වර්ණවාහිනි නාළිකාවේ විකාශය වන වැඩසටහන් කිහිපයකම නිවේදිකාවක ලෙසද ඔබේ ආලින්දයට පැමිණෙයි. ගීත රූප රචනා මෙන්ම වෙළෙඳ දැන්වීම් බොහොමයක් සඳහා සිය දායකත්වය සපයා ඇති නිලුක්ෂි පිළිබඳව රසික අවධානයද නිරතුරුව ලැබේ. මේ නිසාම මෙවර "සාරවිට" තරු කතාබහට අපි නදිශානි නිරුක්ෂිකා සම්බන්ධ කරගත්තෙමු. එහෙත්, මාධ්‍යය නිතරම විමසන ප්‍රශ්නවලට වඩා තරමක් වෙනස් ආරක ප්‍රශ්න කිහිපයක් අපි ඇයට යොමු කළෙමු.

 

2016-05-17-ent-36නිළියක විදිහට ලංකාවට අමතරව වැඩ කරන්න කැමති?

බොලිවුඩ් සිනමාවේ.

 

හේතුව?

ඇත්තටම, ගොඩක් ආසයි මම බොලිවුඩ් සිනමාවට. කවදාහරි බොලිවුඩ් ගිහින් රංගනය ගැන හදාරන්නත් මගේ ලොකු කැමැත්තක් තියෙනවා.

 

බොලිවුඩ් සිනමාවට එකතු වෙනවා නම් වැඩ කරන්න කැමති අධ්‍යක්ෂවරුත් ඇති?

රෝහිත් ෂෙට්ටි.

 

ඔහුගේ විශේෂත්වයක් දකිනවාද?

ඔව්. බොලිවුඩ්වල ඉන්න අධ්‍යක්ෂවරුන්ට වඩා ඔහු මහත්මා ගති පැවතුම්වලින් පිරි කෙනෙක් කියලා හිතනවා. ඒ වගේම ඔහුගෙන් රංගනය වගේම බොලිවුඩ් සිනමාව ගැනත් ලොකු අවබෝධයක් ලබාගන්න පුළුවන්.

 

ඔහු මෑත කාලයේ කරපු සිනමා නිර්මාණ අතරින් ඔබ කැමති?

දිල්වාලි චිත්‍රපටය

 

"දිල්වාලි" චිත්‍රපටයේ කාජල් රඟපෑ චරිතය ඔබට ලැබුණා නම්?

ඇත්තටම මට එක හිතාගන්න බැරි වේවි. එහෙම අවස්ථාවක් ලැබුණොත් මම මේ ලෝකේ වාසනාවන්තම කෙනා වේවි.

 

ෂාරුක්, සල්මාන්, අමීර් මේ තුන්දෙනාගෙන් රඟපාන්න කැමති කවුද?

ෂාරුක්. ඔහු තමයි මගේ කැමතිම සිනමා නළුවා. ඔහුගේ රඟපෑම් ගැන කතා කරන්න මට වචන නැහැ.

 

"ජීස්ම්", "හේට් ස්ටෝරි", "මර්ඩර්" වල නව නිර්මාණ සිදු කරනවා. ඔබට එහි ප්‍රධාන චරිත ලැබෙනවා නම් තෝරගන්නේ?

"මර්ඩර්" චිත්‍රපටය.

 

ප්‍රධාන නළුවා වෙන්න ඕනා කවුද?

එම්රාන් හසීම්.

 

ඔබේ පෙම්වතා, ගෙදර කට්ටිය. ඔබේ බොලිවුඩ් යන්න කැමැත්ත දෙන්නේ නැහැ?

එතකොට නම් ටිකක් ඒ ගැන හිතන්න වෙනවා. නමුත්, මගේ අදහස නම් කොහොම හරි ඒ අය කැමති කරගන්න එක.

 

බොලිවුඩ් යන්නේ නැතිව ලංකාවේ සිනමාව තුළ යමක් කරන්න කැමති නැද්ද?

අනිවාර්යයෙන්ම කැමතියි. හොඳ අධ්‍යක්ෂවරයෙක් වගේම හොඳ චරිතයක් ලැබුණොත් අනිවාර්යයෙන්ම ප්‍රේක්ෂකයන්ට දැනෙන්න යමක් කරන්න කැමතියි.

 

බොලිවුඩ්වල රෝහිත් වගේම ලංකාවෙත් කැමති අධ්‍යක්ෂවරයෙක් ඉන්නවාද?

එක්කෙනෙක් නෙමෙයි කිහිප දෙනෙක්ම ඉන්නවා.

 

මෑතකදී ලංකාවේ නිර්මාණය වුණ චිත්‍රපට අතරින් ඔබගේ සිත්ගත්තේ?

කිහිපයක් තියෙනවා.

 

බොලිවුඩ්වල වරූන් ධාවන්, සිද්ධාර්ත් මල්හෝත්‍රා හොලිවුඩ්වල ටොම් ක_ස්, ජෙට්ලි වගේම ශ්‍රී ලංකාවේ හේමාල් රණසිංහ අතරින් වඩාත් සරාගී පෙනුමක් ඇත්තේ කාටද?

හේමාල් රණසිංහ

 

ඔහු සමග වැඩිහිටි චිත්‍රපටයක් ලැබෙනවා ඔබට රඟපාන්න?

නැහැ මම ඒ චිත්‍රපටය භාර ගන්නේ නැහැ. නිළියක් වුණාහම ලැබෙන ඕනෑම චරිතයක් අභියෝගයක් විදිහට භාර ගන්න ඕනා. නමුත්, මට ඔය වගේ ආරාධනාවක් ලැබුණොත් මට මගේ නිළි වෘත්තියට වඩා වැදගත් මගේ ෆැමිලි ලයිෆ් එක. ඉතින් මම දෙපාරක් ඒ ගැන හිතන්නේ නැතිව ඒ චරිතය අත් හරිනවා.

 

කතා බහ - බුද්ධික සේනාධීර / ඡායාරූප - මිහිර බණ්ඩාර දිසානායක

 

2016-05-17-ent-26
2016-05-17-ent-27
2016-05-17-ent-29
2016-05-17-ent-30
2016-05-17-ent-31
2016-05-17-ent-32
2016-05-17-ent-34
2016-05-17-ent-35

 



අදහස් (0)

හේමාල්ගේ සරාගි පෙනුමට මම කැමතියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 129 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 755 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site