උතුරු ඉන්දියාවේ හිමාලයේ සිට ශ්‍රී ලංකාවට පියාසර කරන අවිච්චියෙක් පේරාදෙණි පොලිසියට ආවේය. කුරුල්ලා තුවාල ලබා සිටියේය.
පොලිසිය වහාම කුරුල්ලා පේරාදෙණිය සරසවියේ පශු වෛද්‍ය රෝහලට රැගෙන ගියේය. එහි වෛද්‍යවරු කුරුල්ලාට ප්‍රතිකාර කිරීම ඇරඹූහ. සුවවූ පසු කුරුල්ලා මුදා හැරෙනු ඇත.
මෙවැනි අවස්ථාවලදී ප්‍රයෝජනයට ගැනීම සඳහා පරිත්‍යාගශීලියකු පශු වෛද්‍ය පීඨයට පරිත්‍යාග කළ ත්‍රී රෝද රථය හා මොබිටෙල් සමාගම නොමිලේ දුන් ජංගම දුරකථනය උපකාරී වන බව පශු වෛද්‍ය රෝහල කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටට ආවේණික මාළු ගැන සජීව විජේවීර මහතා ලංකාදීපයට ලියූ ලිපි පෙළේ ලින්ක් ඇති කෙනෙක් ඒවා මට දෙනවාද? ලොකු උදවුවක්. (නි)
අවිච්චියන්ට බෙහෙත් කරන්නෙත් පොලිසිය. සාමාන්‍ය මිනිසුන්ට ඔලුව පැලෙන්න ගහන්නෙත් ඒ පොලිසියමයි. අනේ මන්දා, මොනවා කියන්නද කියලා! (නි)
ඔව් පොලිසියේ ජීප් රථය ඉතින් දේශපාලකයන්ගේ ඒවාට යන්න ඕනනේ නැත්නම් ලොකු අයගේ සේවයට දෙන්න ඕන (බ)
උදේ පාන්දර දැකපු හොදම ආරංචිය (බ)
එයාට තුවාල කල කෙනා ගැන පැමිණිල්ලටත් එක්කයි පොලිසියට එන්ට ඇත්තේ. හොද වැඩක් කලේ පොලිසිය. (නදී)
සත්‍යපාල පොලිසියෙන් හොඳ කෑමක් කලා තියෙන බව පේනවා. සේරම හොඳ කියද්දී මොකද මෙයා විතරක් දොස් කියන්නේ. (ස)
ඔය මොබිටෙල් අංකය අපිටත් දැන ගන්න දෙන්න (නදී)
පින් අතේ වැඩක්. මගේ ආචාරය. (නි)
පොලිසිය කළ දේ ඉහලින්ම අගයමි (නි)
අප අවට ඇති රටවල පොලීසි හා සසඳන විට අපේ පොලීසිය වඩාත් මානුෂිකයි. දේශපාලකයින් ඇඟිලි නොගසන්නේ නම් ඔවුන් වඩ වඩාත් මානුෂික වේවි. (නි)
තව තව පොලිසියට උදවු කරන්න ඕනෑ. මේ වගේ අවස්ථා වලදී ඒ උදවු වටිනවා (නි)
උතුම් ක්‍රියාවක්. පොලිසිය කළ හොඳ වැඩක්. මේ විදියට දිගටම හොඳ වැඩ විතරක් කරනවා නම් හොඳයි (නි)
මෙන්න අවිච්චියා ගැන තවත් විස්තර. http://sobaroo.blogspot.com/2012/05/indian-pitta-uninvited-guest.html (නි)
හොඳ වැඩක්. මගේ ගෞරවය (නි)