ශ්‍රී කල්‍යාණවංශ නිකායේ මූලස්ථානයවන දොඩංදූවේ ශෛලබිම්බාරාම විහාරස්ථානයේ දී පසුගිය දා ගැබිණි මව්වරු 48 දෙනකු වෙනුවෙන් දානමය පිංකමක් පැවැත්විණි. විහාරාධිපති දේවරම්වෙහෙරේ මේධාලංකාර හිමියන්ගේ පුද්ගලික වියදමින් මේ දානය පිරිනැමිණි. දොඩංදූව මහජන සෞඛ්‍ය කාර්යාලයේ පවුල් සෞඛ්‍ය සේවිකාවන් සහ විහාරස්ථානයේ දායක දායිකාවන්ගේ ශ්‍රම දායකත්වයෙන් පැවති මේ දානමය පිංකම අවසානයේ ගැබිණි මවුවරු වෙනුවෙන් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පාර්සලයක් ද පිරිනැමීම විශේෂත්වයකි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ හාමුදුරුවන්ට මොකද වෙලා තියෙන්නේ, තව ටික දවසකින් ගිහියන්ට පිරිත් කියන්න වෙන්නේ සාසනේ රැකගන්න. (බ)
හොඳ වැඩක් (බ)