වැඩවර්ජනය අතර තුර ධාවනය වු ලංගම දුර ගමන් සේවා බස් රථ දෙකකට තංගල්ලේදී හා හුංගමදී අද(02) ප්‍රහාරයක් එල්ල වී ඇතැයි පොලිසිය කියයි.
එමෙන්ම ධාවනය වන බස්රථ වලට ආරක්ෂාව සැපයීම සදහා පොලිස් නිලධාරින් යොදවා ඇති බව හම්බන්තොට පොලිසිය පවසයි.
මෙම වැඩ වර්ජනය හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව දැඩි අපහසුතාවයකට පත්වී සිටි අතර ත්‍රිවිල් රථ අදාළ රථගාල් තුල දක්නට නොලැබුනත් බොහොමයක් ත්‍රිවිල් රථ කුලී රථ සේවාවේ යෙදුණු බව දක්නට ලැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුණසිංහ මහත්තයයි සමන් මහත්තයයි: ආණ්ඩුව ආරක්ෂා කරන්න වැරදි කරන්න දෙන්න කියලා කොයිම වෙලාවකවත් මම කියලා නැහැ. වැරදි වලට දඩ ගහන්න ඕන. නමුත් එක මිනිස්සුන්ට ඔරෝත්තුදෙන්න ඕනා කියලයි මම කියන්නේ.මින්ස්සුන්ව මේ විදියට තලා පෙලන්න නෙවෙයි (ර)
මේ කරන දේවල් ජරා වැඩ.(හේ)
ජනාධිපතිතුමනි, අගමැතිතුමනි, ඔබතුමන්ලා මැදිහත්වෙලා මේ ප්‍රශ්නයට ඉක්මනින්ම විසඳුමක් දෙන්න. ඔබතුමාලගේ රජය කඩාවැටෙන්න මේ ප්‍රශ්නය හොඳටම ප්‍රමාණවත්. අඩුම ගණනේ යතුරුපැදියක්වත් තියෙන කිසිම කෙනෙක් ආයෙත් ඔබතුමාලගේ රජයකට ඡන්දයක් දෙන්නේ නැහැ. මම කියන්නේ නැහැ රියදුරන්ට වැරදි කරන්න ඉඩ දෙන්න කියලා. නමුත් දඩ නියම කරනකොට ඒක මිනිසුන්ට ඔරොත්තුදෙන විදියට නියම කරන්න ඕනෑ. (නි)
මොවුන් විරුද්ධ වන්නේ ආණ්ඩුවකට නොවේ. මොවුන් විරුද්ධ වන්නේ ඔබේත් මගේත් ජීවිත ආරක්ෂාවටය. (නි)
මේක අහවලාගේ වැඩක් වෙන්න බැහැ. මොකද එයා නියෝජනය කරන්නේ කුරුණෑගල චණ්ඩිනේ. (නි)
හම්බන්තොට වුණත් අවස්ථාවදියෝ ඉන්න පුළුවන්. මෙම ප්‍රශ්නය දුරදිග නොගොස් විසඳා ගැනීමට යහපාලන ආණ්ඩුවට පුළුවන් වේවා කියලා මම විශ්වාස කරමි (නි)
මේ මිනිසුන්ට ඕනෑ මොන ජරා වැඩක් කරලා හරි රට පුළුවන් තරම් අවුල් කරන්න (නි)
විජේපාල මහත්තයෝ, ආණ්ඩුව කොහොම වුණත් වැරදි කරන උන්නැහේලාට සපෝට් දෙනවා වගෙයි පෙනෙන්නේ. අපි එහෙම ඕවා කෙරුවානම් මෙලහට රිමාන්ඩ්! (නි)
පොදු දේපල වලට අලාබහානි කරන ඕනෑ අයෙකුට මරණය දක්වා බලය පාවිච්චි කිරීමට පොලිසියට පුළුවන්. මං හිතන්නේ පොලිසිය මේ තත්වයට මුහුණ දෙන්න සුදානම් නැහැ. නැත්නම් යහපාලනය ලිහිල් වැඩියි මේ වගේ රටකට. (නි)
විජේපාල මහත්මයාගේ ආකල්ප ගැන දුකයි. පනින රිලවුන්ට ඉනිමං බඳින්න හොද නැහැ. ආණ්ඩු පෙරළෙන්නේ මේවාට ඉඩ දීමෙන්. ඔවුන්ට වර්ජනයට ඇති අයිතිය මෙන්ම කඩාකප්පල්කාරී වැඩ කෙරේ නම් නිත්‍යානුකූලව ඒවා මර්දනය කිරීමේ අයිතියද ආණ්ඩුවට තිබිය යුතුය. මේ ජනතා මතය නොවේ. (නි)
පාලනයේ නොහැකියාව සහ අදක්ෂතාවය. (නි)
විජේපාල වැරැද්ද නොකර හිටියම ඉවරයි නේ , වෙනත් දියුණු වෙන රටවල මිට වඩා දරුණු විදියට මාර්ග නීති සම්බන්දයෙන් ක්‍රියා කරනවා (ර)
මිනිසුන් දැන් නීතියට බය නැහැ (නි)
විජේපාල මහත්මයා කියන්නේ ආණ්ඩුව රැකගන්න නම් නීතිය කඩන්න ඉඩ දෙන්න කියලද? ඕනෑ කෙනෙකුට ඕනෑ විදියට පාරේ යන්න දෙන්න කියලද? ඔයා අනතුරකට මුහුණ දුන් දවසට ඕක තේරෙයි. (නි)
ඕවා කාගේ වැඩ වෙන්න පුලුවන්ද? (නි)
මලික් සහ සත්‍යයා ගේ ඉගි කිරීම වැරදිය. ඔබ හිතන ආකාරයේ වැඩ එතුමන්ලා අනුමත නොකරන බව මගේ ප්‍රබල හැගීමය. වැරදි කරන යට දඩුවම් දිය යුතුය. (ර)
මෙවැනි ක්‍රියා වලට දඩුවම් දිය යුතුමයි (ර)
දඩ වලට බිය විය යුත්තේ වැරදි කරන අය පමණි.මේ අදහස් දාන ඕන කෙනෙකුට කියනවා පුළුවන් නම් රත්නපුර සිට ඇඹිලිපිටිය දක්වා පොඩි වාහනයකින් ගිහින් එන්න කියලා ඒ පැත්තේ බස් සහ ටිපර් එන්නේ ඇඟට මම කැලේට වාහනය දාලා දවස් කීපයක් ජීවිතය බේරාගෙන තියෙනවා.එහෙම අයට 25000 නෙවෙයි 75000 දඩ ගැහුවත් කමක් නැහැ.නියම විදියට යනවා නම් අපි දඩ ගෙවන්න වෙන්නේ නැහැනේ.දඩය තවත් වැඩි විය යුතුයි එහෙම වුනාමවත් අනතුරු අඩුවෙයි සහ මිනිසුන් විශේෂයෙන් බස් සහ ටිපර් රියදුරන් මානුෂික වෙයි.(හේ)