හම්බන්තොට, පුත්තලම හා මොණරාගල සියලු පහසුකම්වලින් සමන්විත කාර්මික විද්‍යාල තුනක් පිහිටුවීමට චීන රජය එකඟතාව පළ කර ඇතැයි නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍යංශය කියයි.
එක් මධ්‍යස්ථානයක එක වර සිසුන් දෙදහසකට අධ්‍යාපනය ලැබිය හැකි වන පරිදි සියලු පහසුකම් ලබා දීමට චීන රජය එකඟ වූ බව ද එම අමාත්‍යංශය සඳහන් කරයි.
නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා චීනයේ කළ සංචාරයේ දී චීන ජාත්‍යන්තර කටයුතු සහකාර රාජ්‍ය අමාත්‍ය ඩිව් එන්යෝන්ග් සමග කළ සාකච්ඡාවකින් පසු මෙම අවස්ථාව ශ්‍රී ලංකාවට අත්වූ බව ද එම අමාත්‍යංශය කියයි.
ලංකා චයිනා ටෙක් ලෙස එම ආයතන තුන ආරම්භ කිරීමට සාකච්ඡාවලදී තීරණය වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට කාර්මික විද්‍යාල ඇතිකිරීමනම් .. හොඳ පියවරක් ..අපේ ජර්මානු කාර්මික ආයතනයෙන් ..ඉගෙනගත් අයට ..හොඳ අනාගතයක් තියනවා .ඕස්ට්‍රේලියා වල ....ඒ වගේම ..මේ ආයතනවලින් ඒ වගේ ඉල්ලුමක් ඇතිවේවි ...ඒ වගේම කර්මාන්තපුර ඉලක්ක කර වගේ ...මේ ආයතන බිහි වන්නේ ..හොඳ ක්‍රියාවක් ...(බ)
හොඳ ආරංචියක් (නි)
නියමයිනේ. ජයවේවා! (නි)
හැමදේම ඒ පැති වලට. අපිට මොකුත් නැහැ (නි)
රටේ ඇති කාර්මික විද්‍යාල වල කාර්මික පාඨමාලා ප්‍රමාණවත් තරම් නැහැ. ඇති පාඨමාලා සඳහාද ප්‍රායෝගික වැඩ සඳහා ප්‍රාමාණවත් තරම් අමුද්‍රව්‍ය නැහැ. ඉතින් අලුතින් හැදුවත් ඔය ටිකම තමයි. (නි)
ලංකාවේ අහිංසක සතුන් ඔක්කොම ඉවරයි. චීන්නු සත්තු ඔක්කොම මරාගෙන කනවා ෂුවර්. පව් මගේ රටේ සත්තු. (නි)
දැන් බලනකොට ලංකාව ඉන්දියාවේ කොටසක් නොවෙයි චීනයේම කොටසක් කියලයි හිතෙන්නේ. ලංකාව පාලනය කරන්නේ තනිකරම චීනයනේ. (නි)
හම්බන්තොට කට්ටිය ඔය මොකක්හරි අල්ලාගෙන පෙළපාලි යයි. එහෙට හැමෝම වැඩ කරනවා. වෙන පළාතකට දුන්නම නරකද ? (නි)
මොකද කට්ටිය කියන්නේ මේ ගැන? (නි)
චීන්නු මුට්ටි හදන්න විතරක් නොවෙයි මුට්ටිය දාලා බලන්නත් හොඳට දන්නවා. පාලකයන්ගේ උදව්ව කෙසේවෙතත් රටේ ජනතාවගේ විරෝධයක් ආවොත් දුවන්න වෙන බව චීන්නු විතරක් නොවෙයි අමෙරිකානුවොත් දන්නවා. (නි)
කාර්මික විද්‍යාල නැති නිසා තමයි පිටරට කම්කරුවන් ලෙස ගිහින් ලංකාවේ ශ්‍රමිකයෝ දුක් විඳින්නේ අඩු පඩියට. මේකටත් සරසවි සිසුන් පෙළපාලි යයිද දන්නේ නැහැ. කෝකටත් වතුර ටිකක් ලැහැස්ති කරගන්න එක හොඳයි (නි)
හම්බන්තොට කාර්මික විද්‍යාල හදන්න අවශ්‍ය නැහැ කියලයි මම නම් කියන්නේ (නි)
කතාවනම් සුපිරියි, කෙරුවාව නම් වැඩක් නැහැ. කමක් නැහැ අපි හිතමු සුපිරියටම හදයි කියලා. යාල කැලේ ඉන්න මුව පොව්වන්ටයි, මොනරුන්ටයි, අලි ටිකටයි කතරගම දෙවි හාමුදුරුවන්ගේම පිහිට ප්‍රාර්ථනා කරනවා! (නි)
මේ වගේ පොරොන්දු ඉතා ආකර්ශනීය බව ඇත්ත. ඒත් දැනට තියන කාර්මික විද්‍යාල ටික වැඩිදියුණු කරලා පවත්වා ගැනීමේ ක්‍රමවේදයක් ගැන හිතුවා නම් නේද මීට වඩා හොඳ. විදේශ රටකින් දෙනවා කියන හැමදේම කොන්දේසිවිරහිතව පිළිගැනීමට සුදානම් වීම එතරම් හිතකර දෙයක් නොවෙයි. (නි)
මෙතන අදහස් දක්වන්නන් සමහරකගෙ හීනමානය මනාව පැහැදිලි වෙනවා. හම්බන්තොටත් එක්ක පුදුම තරහක් තිබෙන්නෙ. මෙයාලගෙ වෑරද්ද නොවෙයි පාසල් වලින් ඉතිහාසය ඉවත්කරපු උතුමන්ලා තමයි මේවට වගකියන්න ඕනෑ. (නි)
ලංකාවට කාපිරි ආවා. ඒ පරම්පරාව අදටත් පුත්තලමේ දකින්න පුළුවන්. නොරොච්චෝලේ ආ අයත් තාමත් හදාගෙන යනවා. කාටද ආඩම්බර? (නි)