මහින්ද රාජපක්ෂ, නාමල් රජපක්ෂ යන මහත්වරුන් හම්බන්තොට සංවර්ධනය කරනවාට මෙතරම් අකමැති ඇයිද යන්න විශාල ප්‍රශ්නයක් බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (12) ලුනුගම්වෙහෙර වැලිගත්ත "ගජසමරගම" නිවාස යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට සහභාගි වූ අවස්ථාවේදි ප්‍රශ්න කළේය.
රජයේ අරමුණ පක්ෂ බේද බලමින් සංවර්ධනය ඇති කිරීම නොවන බව කී අග්‍රමාත්‍යවරයා පක්ෂ බේදයකින් තොරව සමාන සංවර්ධනයක් ඇති කිරීමට රජය කටයුතු කරන බව ප්‍රකාශ කළේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජය කුමක් වුවත් මොකද රටට රැකියා අවස්ථා වැඩි කරන සංවර්ධන යෝජනා ක්‍රියාත්මක වෙනවා නම් බාධා නොකර එහි ප්‍රතිපල ලබා ගනිමු. ලෝකේ බොහෝ රටවල්වල දිගුකාලීන යෝජනා ක්‍රම ආණ්ඩුව මාරුවුණා කියලා අතරමග නවත්වන්නේ නැහැ. ඒවා දිගටම ක්‍රියාත්මක කරමින් ජාතික ඉලක්ක වෙත ගමන් කරනවා. අපේ අය හිතන්නේ ශ්‍රී ලංකා ප්ලෑන් ශ්‍රී ලංකා පාක්ෂිකයෝම කළයුතුයි, වෙන මොකුත් නොවෙයි බලතණ්හාව හා මෝඩ ඡන්දදායකයින්ව කුලප්පු කිරීම හැර. (නි)
අපේ රට ගොඩගන්න නම් මහාපරිමාණ කර්මාන්තපුර, ඒ සඳහා පහසුකම් ඇති ප්‍රදේශවල වැඩි වැඩියෙන් බිහි කළයුතුයි. ඒ සඳහා දේශීය ආයෝජකයින් හට අවස්ථාව දෙන ගමන් විදේශීය ඍජු ආයෝජනයන් මෙරට තුලට ගෙන ආ යුතුයි. අද ඉන්දියාව දිහා බලන්න මුළු ලෝකෙම ඉන්න ව්‍යාපාරිකයෝ ඇවිල්ලා මහා පරිමාණ ආයෝජනයන් කරනවා. පාලකයින් දැනගන්න ඕනෑ සීමාව මොකක්ද, රටට හානි නොවන ජාතික ප්‍රතිපත්තියක් මත ඔවුන්ව පාලනය කරන්නේ කෙසේද කියා. (නි)
ඒ මිනිස්සු වැඩක් කරන්නේ හිතලා බලලා (නි)
හොඳ කොමිස් පාරක් වැදුන නම් තාත්තයි පුතයි දෙන්නම එක පයින් කැමති වේවි! (අ)
වර්තමාන රජයේ වැඩ පිළිවලට අනුව හම්බන්තොට දියුණු වුනොත් රාජපක්ෂලට ඡන්දය අඩු වෙනවා ඒ හින්ද රාජපක්ෂලට ඕනි නිතරම හම්බන්තොට ඔවුන්ගේ ග්‍රහනයේ තියා ගන්න.මේ කරගෙන යන සංවර්නධන වැඩ පිළිවලට බධා කරන්නේ ඒ නිසයි. ජනතාව බුද්ධිමත් වෙන්න ඕනි හරි දේ තේරුම් ගන්න. තමන්ගේ ප්‍රදේශය දියුණු වුනොත් එක බලපාන්නේ මුළු රටට සහ තම්න්ටයි දරුවන්ටයි. කල්ලි වලට එකතු නොවී රට ගැන සිතමු . රජය කරගෙන යන වැඩ පිළිවලට සහයෝගය දෙමු. (අ)
ගරු අගමැති තුමා සහ ගරු සජිත් මහතා අවංකව රට වැඩක් කරන පුද්ගලයන් කෙටි කලක් තුල විශාල වැඩකොටසක් හම්බන්තොටට කෙරුවේ. හිටපු ජනාදිපති දිවංගත ආර් ප්‍රේමදාස මහතාගේ සංකල්පයන් ඉදිරියට ගෙනියන්න ශක්තිය ලැබේවා. ආර් ප්‍රේමදාස මහතා දුගී ජනතාව වෙනුවෙන් කැපවීමෙන් වැඩ කල විශිෂ්ට නායකයෙක්. (අ)
තමන්ගෙ රට පිට රටවලට විකුණනඑක හොද වැඩක් කියල මම හිතන්නේ නැහැ. (අ)
හම්බන්තොට කර්මාන්ත පුරය ඉක්මනට ගොඩ නැගුවොත් මෙම ප්‍රදේශයේ විශාල දියුණුවක් වෙනවා. ඔබ තුමන්ලාගෙන් අපි ඉල්ලන්නේ එම ව්‍යාපෘතිය කෙටි කලක් ඇතුලත කරන ලෙසයි ඕන තරම් මුඩු ඉඩම් මේ ප්‍රදේයේ තියෙනවා අක්කර 10000 හරි අරගෙන අපිට රැකියා ලබා දෙන්න අපිට ඕනි හොද ජීවිතයක් ලබන්න. (අ)
ප්‍රශ්නයට මගේ උත්තරය නම්, හොරා කන්න විදියක් නැති නිසා. (අ)
මේ ඉස්සර ගලක් කියපු 88-89 භීෂණයේ 2001 හමුදා බුද්ධි අංශ පාවාදී බලයට පැමිණි පක්ෂයේ කතාද? (අ)
නිමල් ඔබගේ අදහසට මමත් සතුටු වෙනවා. අපේ රටට වෙලා තියෙන්නේ තමන්ගේ මල්ල පුරවාගෙන ගොඩ යන්න මාන බලන පිරිසක් (අ)
හම්බන්තොට වරාය හැදුවේ නැත්නම් දියුණු කරන්නේ අහවල් එකෙන්ද. ඒ කාලේ මේ වරාය හදනවට මේ අය මොන තරම් ආඩපාලි කිව්වද. වරාය වැඩ සටහනේ ඒ ප්‍රදේශයේ කර්මාන්ත සංවර්ධනය ඇතුලත්. ඒ ටික කරානම් ඇති මෙහෙම රට විකුනන්නේ නැතිව. ඔහෙලා කියන බයිලා මිනිස්සු පිළිගන්නේ නැහැ. ඒ අයට මොලේ තියෙනවා වුණෙ මොකක්ද දැන් වෙන්නේ මොනවද කියල තේරුම් ගන්න. (අ)
දහම් ...හම්බන්තොට වරාය හැදුවේ රට උගස් තියල කොටි ගානක් යටි මඩි ගහල .ඊට පස්සේ ජාත්‍යන්තරයත් එක්ක තරහ වුණා. දැන් කරන්නේ කරපු වැරදි හදාගෙන වාරයත් හම්බන්තොටත් ගොඩගැනීමේ උත්සහයක්. රනිල්ට කවදාවත් හම්බන්තොටින් චන්ද ලැබුනේ නැ. (අ)
දර්ශන ඡන්දේ නොලැබුණ එකයි අවුල (අ)
එක්කෙනෙකුට ඕනේ වරාය කුරුණෑගල හදන්න .අනිත් කෙනාට ඕනේ නීති විද්‍යාලයක් හම්බන්තොට හදන්න . අපිනම් කියන්නේ එපැත්තේ රට තණකොළ වවා වෙනත් ප්‍රදේශවලටත් රැකියා ලබා ගැනීමට කර්මාන්ත ශාලා ඇති කරන්න (අ)
කොමිස් නැතිකම .(හේ)
හම්බන්තොට ඡන්ද ප්‍රශ්නය මහින්දට බලපාන්නේ කොහොමද. එතුමා ඡන්දේ ඉල්ලන්නේ කුරුනෑගලින්නේ. (අ)
දහම් ඒකාලේ යටි මඩි ගගහ හරි රට සංවර්දනය කළා අද තියෙන්නේ ඒකේ අනිත් පැත්ත නේද සංවර්ධනයක් ඇත්තෙම නෑ හැබැයි කන්න සල්ලිත් නෑ (අ)
මෙ ලියනවුන් ප්‍රිරිබාහරනගේ බෝම්බයකට අහුවුන් නැත්තේ ඇයි? අහුවෙල වරෙලා (අ)
එතකොට ලංකාවේ ආයතන ටික පුද්ගලීකරනය කියලා නැතිකළේ අපිද? (නි)
දිමුත්, ඔබගේ බුද්ධිය සිතුවිලි හෝ උගත්කම දේශපාලන ගැති බවයි ඔබගේ අදහස් වලින් කියැවෙන්නේ. තව පස්සට වුණ සිද්ධි ගැනත් කියන්න (නි)
ඔය කියන කර්මාන්ත පුරයක් ලංකාවට වැඩක් නැහැ. ඕවායින් ඇතිවෙන හානි දකින්න සමහරවිට ඔය හදන හෝ විවෘත කරන අය නොහිටිවී. මහින්ද මාගම්තොට වරයා නොහදන්න , මත්තල ගුවන්තොටුපල නොහදන්න ඔය කියන කයිවාරුකාරයෝ ඒ පැත්තට යන්නේවත් නැහැ. කොයිතරම් කාලයක් රාජපක්ෂලාට බැන බැන ඉන්නද බලාපොරොත්තුව. රාජපක්ෂලා නොහිටින්න හම්බන්තොට නොවෙයි රටකුත් නැහැ. දැන් හදන්නේ ඒ බේරාගත්ත රට නැවත විනාශ කරන්නද? (නි)
රාජපක්ෂල එදා කළේ චීනෙන් ණය අරගෙන බාගෙට බාගයක් සාක්කුවේ දාගෙන සංවර්ධන දර්ශනයක් කරපු එක. හැබැයි පොළිය එක්ක ණය ගෙවන්නේ ජනතාව. ඕක නොතේරෙන පිරිසක් රටේ ඉන්නේ. හම්බන්තොට මාතර මොණරාගල කර්මාන්තපුර අරින්න යනකොට ඔක්කොටම කඩි කුලප්පුව. මේ රට ඉදිරියට යන්න බැරි මොකද? පක්ෂ දේශපාලනේ හින්දා. (නි)
අපිට ඕනෑ අපේ කර්මාන්තපුරේ හම්බන්තොටට. අපි කාගෙවත් වහල්ලු නොවේ. (නි)
සංවර්ධනය කියන්නේ රටේ වටිනා දේවල් පිටරටවලට කුණුකොල්ලෙට විකුණන එකද? (නි)
ජනතාව බුද්ධිමත් වී රට ගැන සිතමු. අනාගත දරුවන් ගැන සිතමු. රනිල් සජිත් නිසි තැනට රට ගෙනේවි. එයයි අපේ පැතුම. (නි)
සමහර අදහස් දැක්කහම මිනිස්සු ගැන කළකිරීමක් ඇතිවෙනවා (නි)
මේක කාගේවත් පුද්ගලික බූදලයක් නොවෙයි (නි)
හම්බන්තොට වරාය හැදුවේ නැත්නම් දියුණු කරන්නේ කොහොමද? මේක හදනකොට කොච්චර දේවල් කිවුවද? (නි)
නිමල් මහත්මා, ඔබගේ අදහස් දැක්වීම තමා වඩාත්ම ගැළපෙන්නේ. තමන්ගේ බල ප්‍රදේශ වෙනත් පුද්ගලයෙක් වෙනත් රජයකින් දියුණුවීම රාජපක්ෂලාට අවාසිසහගතයි. ඒ නිසා ඔවුන් බොරු ප්‍රචාර මඟින් සිංහලයන් කුලප්පු කර සතුටක් විඳිනවා ඇති (නි)
අදහස් ටික දැක්කහමම හිත පිරෙනවා (නි)
ඔවුනුත් එකයි මොවුනුත් එකයි. අපියි දුක් විඳින්නේ (නි)
හම්බන්තොට ගැන මෙයාලා කියපු පරණ දේවල් පරණ පත්තරවල ඕනෑතරම් තියනවා. ටිකක් නොවෙයි බොහොම තද විධියට මොවුන් මේ වරායට, ගුවන් තොටුපළට පහර ගැහුවා. ගලක් තියනවා කියා පාරම් බෑවා. පස්සේ වී ගබඩා කළා. දැන් කියනවා හොඳම වරාය එ්කලු. අර රතු නායකතුමාත් ඔන්න දැන් කියවනවා. මෙම නායකයෝ අපිම තෝරාගත් අය නිසා අපිටම ගහගන්න ඕනෑ (නි)
දහම් සහ ජනහිත යන අයගේ මොළය මොන තත්ත්වයෙන් තියෙනවද කියලා හිතාගන්න පුලුවන් . (අ)
අපි ඉවසීමෙන් බලා සිටිමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)
මම ඔබතුමාට කියන්න කැමතියි දැන් ජනතාව එතරම් මෝඩ නැහැ. ඔවුන්ට වෙලා තියෙන්නේ "ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවාගන්න බැහැ" කියන තැන ඉන්නයි. (නි)
අනේ! ආර් ප්‍රේමදාස ජනාධිපතිතුමා අද ජීවතුන් අතර හිටියා නම්... (නි)
අද මිනිස්සු කිසිම කළගුණයක් දත් පිරිසක් නොවේ. මීටපෙර රට දරුණු යුද්ධයක පැටලිලා තිබුන වගවත් මතක නැහැ. මහින්දටම බනිනවා. වැඩ කරලා දීලා ඒ මනුස්සය අද අපහාස විඳිනවා. (නි)
මේ මිනිස්සු ඉස්සර මොනවාහරි දෙයක් කළොත් එතන ගලක් හරි කියලා මඩගහපු අය. ලංකාවේ තත්ත්වය වෙනස් කරන්න බැහැ. ඔය කියන කටවල්ම තමා තව කාලෙකින් අනිත් පැත්තට කතාකරන්නේ. (නි)
ළඟ එන ඡන්දෙ දිනාගන්න මොනවාහරි කරන්නත් ඕනෑනේ. (නි)
මහින්ද මහත්තයා කියන්නේ හම්බන්තොට ජනතා නායකයා. මොන පක්ෂය බලයේ තිබුනත් රටේ යුද්ධය අවසන් කර දීපු නායකයාට මොකක්හරි ව්‍යාපෘතියක් කරනකොට එයාගේ පැත්තෙන් සළකා බැලීම යුතුකමක් කියලයි මම නම් හිතන්නේ. (නි)
ජාතික ධනය කොල්ලකාපු අය පසුපස කර්මය හඹා එනු නියතයි. (නි)
අනේ මොකටද මගේ කට! ලංකාවේ ඉන්න සමහරුන්ට ඔය කතාත් හොඳයි ඉතින්. (නි)
කොහොමත් පවතින රජයේ වැඩවලට අනෙක් පක්ෂ විරුද්ධනේ! (නි)
රජපවුලේ කට්ටියගෙ නඩු ටික ඉක්මණින් අහන්නකෝ. එතකොට හම්බන්තොට මිනිස්සු ඇත්ත දැනගනීවි (නි)
එතකොට මහත්තයෝ එයාලට යන එන මං නැතිවෙනවානේ. (නි)
දර්ශන, ඔයාගේ නම වෙනස් කළා නම් හොඳයි. ඔයාට කිසි දර්ශනයක් නැහැ. හරියට පෙනෙන්නෙත් නැහැ. ඔය හොරකම්, යටිමඩි හංගපු සල්ලි නිකන් ජනතාව රවටන බොරු කතා විතරයි. මේ වෙනකන් කිසිම පරීක්ෂණයකින් මොකුත්ම හොයාගෙන නැහැ. හැබැයි මහබැංකු මහා මංකොල්ලේ නම් ඔප්පු වුණා. ඒක වහන්න හදනවා. ඕකද යහපාලනය. (නි)
නැහැ අජිත්. ඒ කාලේ යටිමඩි ගහ ගහා ඒගොල්ලෝ සංවර්ධනය වුණා. ඒ අතරේම විදේශ ණයත් සංවර්ධනය වුණා බොහොම ඉහළින්. ඔබ අදහස් කරන සංවර්ධනය කෙබඳු එකක්දැයි හිතාගන්න අමාරුයි! (නි)
රට විදේශිකයින්ට දෙන නිසයි අකමැති.(හේ)
මිනිස්සු පාරට ඇද වැටෙයි කියලා බයට.(හේ)
රත්මල්ගහවැවට අමතකවෙලා වගෙයි ප්‍රභාකරන්ට වියදම් කළේ කවුද කියලා (නි)
ඇයි හම්බන්තොටටම? අනෙක් පළාත් වල සංවර්ධනය ඉවරද? (නි)
සංවර්ධනය මුවාවෙන් වෙනත් අක්‍රමිකතා සිදුවෙනවා නම් ඉතින් කැමති වෙන්න බැහැනේ (නි)
ඒ අය රටට අවැඩක් වෙනවාට කවදත් අකමැතියි (නි)
අපේ මිනිස්සු තාම වැඩවසම් සමයටම තමයි කැමති (නි)
හම්බන්තොට චීනයට දෙනවාට අපි කොහොමත්ව කැමති නැහැ (නි)
මෙතන තියෙන්නේ රට ගෙනයාමට මුදල් නැතිකම. මෙම දේපල විකුණා දැමීමෙන් විශාල මුදල් ප්‍රමාණයක් ලැබෙනවා. මේක තේරුම් ගන්න කොලපාට නිල්පාට කණ්ණාඩි වලින් බැහැ (නි)
ජනතා දේපල විකුණාගෙන කන්නේ ජනතාද්‍රෝහීන්ය. එසේම කොමිස් වලින් තොර ගනුදෙනු ලෝකයේ නැත (නි)
ඇයි මේ ඔක්කොම හම්බන්තොට සංවර්ධනේ ගැන හිතන්නේ? අැයි අපි ලංකාවේ නොවෙයිද? හම්බන්තොටට කිරි අපිට කැකිරි! (නි)
හේමන්ත, හම්බන්තොට චීනෙට දෙනවා කිව්වේ කවුද? කලින් හිටිය එක්කෙනාද? එයා මේ දවස්වල බයවෙලා ඉන්නේ හම්බන්තොට දියුණුවුණොත් යන එන මං නැතිවෙයි කියලා. ආයෝජකයන්ට ඉඩම් නොදී කර්මාන්තශාලා අහසේ හදන්නද? (නි)
රටේ කිසිම තැනක් දියුණු කරනවාට කිසි කෙනෙක් අකමැති නැත. ජනතාවගේ අකමැත්ත ඇත්තේ විදේශිකයින් හට මෙම රට බදු දෙනවාටය. (නි)
මහින්ද මහත්තයා මේවා එදා සැළසුම් නොකරන්න මේ අයට විකුණන්නවත් තියෙන්නේ මොකක්ද? තාමත් මහින්දට බැන බැන ඉන්නවා ඇරෙන්න මෙලෝ දෙයක් කරගන්න බැහැ (නි)
මෙතන අදහස් දාන සමහර අය හිතාගෙන ඉන්නේ පහුගිය ආණ්ඩුව ඉඩම් විදේශිකයන්ට බදු දුන්නේ නැහැ කියලද? (නි)
දහම් කියන කෙනා නීතිපති වගෙයිනේ හරියට, මහබැංකු බැදුම්කර සිද්ධිය ඔප්පු වුණා කියන්න. (නි)
" නිකන් කන්න දෙනවා නම්, නිකන් බොන්න දෙනවා නම්, අපට තව මොනවාද මිනිසුනේ ඕනෑ කරන්නේ" ... බොහොම කණගාටුවෙන් හරි සඳහන් කරන්න ඕනෑ එවැනි ආකල්ප තියෙන මොන විදියකින් හරි තමන්ගේ සාක්කු පුරවගන්න තිබුනොත් ඒ හොඳටම ඇති කියලා සිතන වැඩි පිරිසක් මේ රටේ ඉන්නවා (නි)
අතුල, නීතිපති මොනවා කියයිද දන්නේ නැහැ. කෝප් එකෙනුත් ඔප්පු වුණා. මහා බැංකුවෙන්ම අර කොම්පැනිය ගැන කරපු පරීක්ෂණයෙනුත් ඔප්පු වුණා. ඔයා මේවා ඇසුවේ, දුටුවේම නැද්ද. කණගාටුයි. (නි)
යුරෝපයට කේළම් කියා ජීඑස්පී සහනය අහිමි කළේ කවුද? අපි හැමදේම දන්නවා (නි)
දනුක, දහම් සහ බොහොමයක් අයගේ අදහස් අගය කරන්න පුළුවන්. (නි)
දහම් සහ ජනහිත යන අයගේ මොළය මොන තත්ත්වයෙන් තියෙනවද කියලා හිතාගන්න පුලුවන් (නි)
රොකි, ඔයාලා වගේ මිනිස්සුන්ටයි කොටින්ගේ බෝම්බයක රස ලැබෙන්න තිබුනේ. ඔයා අද ජීවත්වෙලා ඉන්න මේ මනුස්සයට පින් සිද්ධවෙන්න.මේ මනුස්සයට අපහාස කරන එක දැන්වත් නවත්වන්න (නි)
මෙතන සමහරක් අය මහින්ද යටිමඩි ගහනවා සල්ලි සාක්කුවේ දාගන්නවා දැකලා තියෙනවා. කරුණාකර මෙතන අදහස් දානවා වගේම හොඳින් ක්‍රියාත්මක වෙන එෆ් සී අයි ඩී එකට දන්වන්න. නැත්නම් ඔබලා මැරෙනකම් මේවා කිය කියා ඉඳියි (නි)
ඉතින් ඇයි එ් පැත්තේ මිනිස්සු ඔච්චර අකමැති නම් බලෙන් දෙන්නේ? එතනයි මේ දීමේ හොරේ තියෙන්නේ (නි)
ඒකට සාධාරණ හේතුවක් ඇති (නි)
හම්බන්තොට වරාය යනු රටම ගොඩ යන්න පුළුවන් අාදායමක් ගන්න පුලුවන් ස්ථානයක්. නමුත් මෙයට විශාල ආයෝජන හා මනා විදෙස් සම්බන්ධතාවක් අවශ්‍යයි. නුතන රජයේ වැඩපිළිවෙල අනුමත නොකරන අයට විකල්ප වැඩපිළිවෙළවල් තිබේද ජනතාවට බරක් නොවන? (නි)
නාමල් පාර්ලිමේන්තුවේදී දීපු උත්තරය මේ ටිකට අමතක වෙලාද කොහෙද? (නි)
මහින්ද යුද්ධය ඉවර කළා කියලා තමන්ට ඕනෑ විදිහට රට නටවන්න දෙන්න බැහැ. මහින්ද හම්බන්තොට තෝරාගත්තේ ඒ අයගේ නම ගෙනියන්න මිසක් රටේ අවශ්‍යතාවය ගැන හිතල නෙමෙයි. අද මොන විදිහකින් හරි මේ ව්‍යාපෘති රටට මුදල් එන තැන් කරන්න ඕනෑ. මහින්ද කළා කියලා අත අරින්නේ නැතුව රනිල් කරන දේ හරි (නි)
මෙයාලා හම්බන්තොටට ඇති ආදරයක් නැහැ.මේ හදන්නේ රාජපක්ෂගේ ගමයි එයා හදපුවා ටිකයි හොඳ කොමිස් එකකට විකුණලා දාලා පළිගන්න (නි)
ලංකාවේ මොන නායකයෙක්වත් තමන්ගේ නම මිනිසුන්ට අමතක වේවි කියලා හිතාගෙන නම ගහගෙන හැමදේම තමාගේ සල්ලි වලින් කළා වගේ පෙන්නන්න උත්සහ කළේ නැහැ. එ්ත් රාජපක්ෂ පවුලට තිබුනේ අමුතුම මානසික රෝගයක්. (නි)
ජනතාවට බදු බර පටවමින් සුපිරි ලෝකයක ඉන්න අය අපිට එපා එපා (නි)
මෙතන අදහස් දැමු අසරණ ජනයාට සෝම හාමුදුරුවෝ සිටියා නම් පිළිතුරු කියනු ඇත (නි)
විපුල, ඔය කියන කටින්ම තමයි එෆ්සීඅයිඩී එකෙන් ඒවා හොයලා බලලා කුදලාගෙන යනකොට "බුදු අම්මෝ දේශපාලන පළිගැනීම් කරනවෝ" කියලා විලාප දෙන්නෙත් (නි)
චන්දන, විරුද්ධ වෙන්නේ ඒ පැත්තේ මිනිස්සු නොවෙයි මහින්දගේ පැත්තේ මිනිස්සු (නි)
සුද්දගේ කාලේ වගේ චිනගේ කාලේ කියලා තමා කියන්න වෙන්නේ (නි)
දැන් අවුරුදු දෙකක් වෙලා ඔය කියන යටිමඩි ගහපුවයි, භාගෙට භාගයක් ගත්ත එ්වයි, සාක්කුවට දාගත්ත එ්වයි ඉවර වෙලා ඇති. ඕක තව කල්ප ගානක් කිය කියා ඉන්න පුළුවන් දෙයක් කියලා හිතනවා ඇති. (නි)
පාට මොනවා වුණත්, ගොඩක් දේශපාලුවන්ගේ කිල්ලෝටවල අඩුවැඩි වශයෙන් හුණු ගෑවිලයි තියෙන්නේ. ඒක රට බේරාගත්තා කියන ඔය වීරයාටත් අදාළයි. ඒ අය රටේ සම්පත්, තමන්ගේ බුදලේ කියලා හිතලයි බුක්ති වින්දේ. රට පාලනය කළේ ලංකාව අයිති තමන්ට සහ තම පවුලට කියන මානසිකත්වයෙන්. ඉතින් ඔය උදවිය කැමති නැහැ හම්බන්තොට දියුණුවෙලා පළාතේ මිනිසුන්ගේ අත්වලට සල්ලි එනවා දකින්න. (නි)
මිනිසුනේ, දැන් වරාය හදල ඉවරයි. ඒකට අපි දැන් පොළිය ගෙවනවා. ඒක නවත්තන්න බැහැ. ඒකෙන් ගොඩ එන්නයි මේ ක්‍රමයක් හදන්නේ. ඒක තේරුම් ගන්න. පක්ෂ, පාට කණ්ණාඩි, චරිත ගැන හිතන්නේ නැතුව රට ගැන කරන හොඳ වැඩ ගැන හිතන්න පුරුදු වෙමු. (නි)