
(සනත් ගමගේ)
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.
සියළුම ඡන්ද පෙට්ටි නිරුපද්‍රිතව හම්බන්තොට සුචි ජාතික පාසල වෙත ලැබෙමින් පවතී.
තැපැල් ඡන්ද ගනන් කිරීමේ කටයුතු සවස 4.00 ආරම්භ වූ බවත්, තැපැල් ඡන්ද ප්‍රතිපල රාත්‍රී 9 පමන වන විට නිකුත් කර හැකි බවද දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරි වරයා කීය.
රාත්‍රී 8 පසු සෙසු ඡන්ද ගනන් කිරීමේ කටයුතු ආරම්භ කරන බවද හෙතෙම සඳහන් කලේය.
ඡන්ද විමසීම් සිදුකල කිසිදු ඡන්ද මධ්‍යස්ථානයකින් කිසිදු සිද්ධියක් වාර්තා නොවූ බවත්, සාමකාමිව ඡන්ද ප්‍රකාශ කිරීම සිදුකල බවද හෙතෙම සඳහන් කලේය. හම්බන්තොට සුචි ජාතික පාසල අවට පොලිස් ආරක්ෂාවද දැඩි ලෙස යොදවා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් නාමල් දිනයි උඩින්ම...