( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතියට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ගොනු කර තිබෙන පෙත්සම අධිකරණය හමුවේ සත්‍ය කරුණු වසන් කර ගොනු කළ පෙත්සමක් යැයි නීතිපතිවරයා අද(02) ශ්‍රේෂ්ඨාධිකරණයට දැන්වීය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් සංජය රාජරත්නම් මහතා එම පෙත්සම සම්බන්ධයෙන් මූලික විරෝධතා දෙකක් ඉදිරිපත් කරමින් අධිකරණය හමුවේ මේ බව කියා සිටියේය.
හම්බන්තොට වරාය හා ඉඩම් බදු ගිවිසුම් මත චීන සමාගම් වලට ලබා දීම සම්බන්ධයෙන් 2007-2014 කාලය තුළ අදියර තුනක් යටතේ ගිවිසුම් අත්සන් කර ඇති බවත් එවකට පැවති රජයේ කැබිනට් අමාත්‍යවරයෙකු වශයෙන් පෙත්සම්කාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එම ක්‍රියාදාමය අනුමත කර ඇති බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සිය අනෙක් මූලික විරෝධතාවයෙන් පැවසීය.
එම කරුණු සිය පෙත්සම මඟින් සඟවා ඇති පෙත්සම්කරු මෙතෙක් අවසන් නොකළ අවබෝධතා ගිවිසුමක කරුණු සිය පෙත්සමෙන් ගේ්රෂ්ඨාධිකරණයට පෙන්වා දි ඇති බවත් එලෙස අවසන් නොකළ බදු ගිවිසුමක අඩංගු කරුණු අභියෝගයකට ලක් කිරීමේ හැකියාවක් පෙත්සම්කරුට නොමැති බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට පෙන්වා දුන්නේය.
එබැවින් මෙම පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙසද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.පෙත්සම ලබන 29 වැනිදා යළි සලකා බැලීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන් එදත් හොරු අදත් හොරු හෙටත් හොරු.
"අවසන් නොකළ බදු ගිවිසුමක අඩංගු කරුණු අභියෝගයකට ලක් කිරීමේ හැකියාවක් නැති නම් ඒ බදු ගිවිසුම රටේ ජනතාවට හානිකර ආකාරයෙන් අවසන් වූ පසු අභියෝගට ලක් කිරීමේ හැකියාවක් තිබෙන්නේද, එසේ නම් යම් හෙයකින් එම ගිවිසුම රටට හානිකර නම් එය අවලංගු කිරීමේ හැකියාවක් අධිකරණයට තිබෙන්නේද ....
ඔය 2007 සිට අත්සන් කරපු ගිවිසුම් ටික පොදුජන හිත සුව පිණිස පලකලා නම් තමයි වඩාත් හොඳ. එතොකොට කාගේ කාගේ බොරුත් එලියට ඒවි.
මට නම් හිතෙන්නේ මේකත් "නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ" කියලයි.
කණගාටුයි, චන්ද්‍රිකා මැතිණියගේ යුගයේදී මේ වාසුදේව ඉතා අවංකව කටයුතු කළද, ඔහුට හිමිවූ නිල නිවාස සහ නිල රථ පවා ආපහු බාර දුන්නද? දැන් හොරු වෙනුවෙන් කටයුතු කිරීම පිළිබඳව මොනව හරි ෆයිල් එනවා ඇති....