(මහින්ද නිශ්ශංක)
හම්බන්තොට වරාය රැකගැනීම සඳහා සියලු වෘත්තීය සමිති,බහුජන සංවිධාන,ශිෂ්‍ය ව්‍යාපාර ඒකරාශි කරගෙන අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා ක්‍රියාත්මක වන බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ මහතා පවසයි.
හම්බන්තොට වරාය චීනයට පවරා දීමෙන් අනතුරුව ආණ්ඩුව කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය හා ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට පවරාදීමට ලහි ලහියේ සූදානම් වන බවද ඒ මහතා කීය.
මරදාන සී.එස්.ආර් ආයතනයේදී අද (30) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද මහතාගේ කාලේ මෙච්චර වැඩ වර්ජනය තිබුණේ නැහැ. පාඩු ලබන ආයතන තියාගෙන රටේ මහ ජනතාවගෙන් බදු වැඩි කරන්නද කියන්නේ? ජනතා විමුක්ති පෙරමුණ රටේ ජනතාව මුලා කරනවා වගේ...
ඕවා තියාගෙන නඩත්තු කරන්න අමරුයි.. විකිණුවහම සල්ලිත් හම්බවෙනවා. නඩත්තු කරන්න ඕනෙත් නැහැ... ඔය හම්බවෙන සල්ලි වලින් ඇමතිලා 50%ක් හොරකන් කරත් මිනිස්සුන්ටත් කීයක් හරි තියෙනවනේ. කොහොමත් ඔය සල්ලි වලින් තව අවුරුදු 5ක් අදින්න පුළුවන්... ඊට පස්සේ එන විදිහකට බලමු... විකුණන්න මොනවා හරි තියෙයිනේ... අපේ රටේ කාන්තාවන්ට හොඳ ඉල්ලුමක් තියෙනවා... ඒ ගොල්ලන්ව මැදපෙරදිග යවමු.
රට සංවර්ධනය කරනවා කියල ආපු යහපාලන ආණ්ඩුව තියෙන රටත් නැත්තටම නැති කරලා.. ගෙදර තියෙන මෝල් ගහත් විකුණගෙන කන තත්වයට පත්වෙලා. මහලොකු ආර්ථික මෝරුන්ට කරන්න පුළුවන් වුණේ මහබැංකුවෙන් තමන්ගේ කොටස වඩාගන්න එකයි.. තියෙන හැම එකක්ම විකුණගෙන කන්නයි විතරයි. ලංකාවේ මේ තාක් පිටරැටියන්ට දුන්නු සමාගම් වලින් තරමක් හරි ලාභයක් ලැබුවේ ශ්‍රී ලංකාවේ ගනුදෙනුවෙන් විතරයි. අනිත් හැම එකක්ම රට තියෙන තැනින් තවත් පල්ලෙහාට ඇදලා දාපු එක පමණයි සිදු වුණේ.
වැඩ වර්ජන නොකර වැඩ කරන්න වෙනවා ණයෙන් බේරෙන්න.
බොහෝ දෙනා ඉල්ලා සිටින අති නවීන අරාජික සුරපුරය රටට සඵල කර දුන් වික්‍රමසිංහ අගමැතිතුමා ඇතුළු ජනපතිතුමාට දීර්ඝායු ලැබේවා !!!
මේ වර්ජන රැල්ල පස්සේ රටේ මහජනතාව නැහැ.. මහරජ හා වහල්ලු ටිකත්, දවල් හීන දකින අනුර ප්රමුඛ කණ්ඩායමත්, ආතක් පාතක් නැති කුමාර් ප්රමුඛ පෙරටුගමියෝ ටිකත් තමා ඉන්නේ... දිනේෂ්, වාසු, ගම්මන්පිල, තුන්මුල්ලේ විමලේ යන අය ගැන කතාකරලා වැඩක් නැහැ. ඒ අයට ඉන්නේ ත්රීවිලර් එකක පටවන්න පුළුවන් සමජිකයෝනේ...
කරන්න අයියා, මතකනේ කොලොන්නාව ආමි එකයි, ගමේ කොල්ලෝ ටිකයි සලකපු සැලකිලි... ඒ වගේ තමා ඉස්සරහට සලකන්නේ.. පවුලට කියලා එන්න වෙනිවැල් ගැට කොත්තමල්ලි තම්බල තියන්න කියලා...
වැඩවර්ජන දිගට ඇදෙන්න නොදී හදිසි නීතිය යටතේ වර්ජකයින් ගෙදර යවා තරුණයින්ට රැකියා දෙන්න. ඔය කඩාකප්පල්කාරීන්ව සේවයෙන් පහ කරන්න ඕනෑ.
උගත් තරුණයින් සෑම ආයතනයකටම බඳවා ගන්න ඕනෑ.. මහින්ද මහතාගේ ගෝලයින්, වර්ජකයින් ගෙදර යවමු.
ජනතා විමුක්ති පෙරමුණ කළ දේ බලන්න. අනුර කුමාරගේ වැව් දහස කරාවි.... ජයවේවා!! අනුරට. රවී මහත්තයවත් ගෙදර යවමු. වර්ජකයින් රැකියාවෙන් දොට්ට දැමිය යුතුයි.
ප්‍රතිචාර වලින් ගම්‍යවෙනවා ආණ්ඩුව කරන හැම වැඩක්ම හරියි කියලා කියව ගන්න නඩයක් කුලියට අරගෙන බව...
සමහර අයට අම්මා තාත්තා විකුණල හරි කමක් නැහැ එදා වේල කන්න තියෙනවා නම්.... ඔයිට වඩා හොඳයි මේවා විකුණන අය රෙද්දක් එලාගෙන හිඟා කන එක. මෙහෙම අය මේ රටේ ඉපදෙන එක රටට සාපයක් වෙලා..
හමුදාව ලවා හොඳට සලකලා වර්ජකයෝ ගෙදර යවලා ඕකේ වැඩට අලුතින් තරග විභාගයක් තියලා සම්මුඛ පරීක්ෂණ තියලා සුදුසුකම් පළපුරුද්ද ඇති තරුණයෝ රටේ සෑම පළාතකින්ම බඳවාගන්න. මොවුන්ගේ ඒකාධිකාරය බිඳින්න. මේ වගේ ජාතික සම්පත් වල වැඩකරන්න අයට මැති ඇමතිලාගේ හෙන්චයියලාට විතරක් සින්නක්කරේට දුන්න ඇති... දැන්
එයාර් ලංකා එකේ දැන් පාඩුව අවුරුද්දකට රුපියල් දස ලක්ෂ තිස්දහසයි. ඒක එමිරේට්ස් එකෙන් කරන කාලේදී අපට ලක්ෂ 20000ක විතර ලාභයක් ලැබුණා. මේකත් ඒ වගේ තමයි දැන් අපට අවුරුද්දකට දස ලක්ෂ 45000ක් පාඩු වුණාට ලබන අවුරුද්දේ ඉඳලා දස ලක්ෂ 10000ක වත් ලාභයක් රටට ලැබෙයි. චීනුන්ට තියෙන නැව් වලින් 5% කට තෙල් ගැහුවත් ඔය ලාභය ලැබෙනවා.
හම්බන්තොට වරාය ලබන පාඩුව පියවගන්න. අහිංසක ත්‍රිරෝද රථ හිමියන්ටත් ගෙවන්න වෙලා. ඉන්දියාවෙන් ගෙන්වන ත්‍රිරෝද රථ කොළඹ වරායට ගේන්නේ නැතිව හම්බන්තොටට බාල, කොළඹ ගෙන්න ඕනේ. ඒ සඳහා ප්‍රවාහන වියදම් හැටියට රුපියල් 20000 ට කිට්ටු මුදලක් අයකරනවා. එම මුදල් ලීසින් ආයතන හංගලා බිලට එකතු කරනවා ඇහුවොත් විතරක් කියනවා. එහාට නැව් එන්නේ නැති නිසා ඒක අහිංසක මිස්සුන්ට ගෙවන්න වෙලාද දන්නේ නැහැ. අද ඊයේ ඉඳලා නෙමේ වරාය පටන් ගත්ත දවස්වල ඉඳලම වුණා. ඉතින් මේවා පුද්ගලික අංශයකට හරි බදු දීලා ජනතාවට සහනයක් වෙනවා නම් කොච්චර හොඳද? බොක්කෙන් හිතන්නේ නැතිව මොලෙන් හිතන්න පුලුවන්නම් බොරුවට කෑ ගහන අයට .. ඒක තමයි හොඳම දේ...
පිටරට සමාගම් තව ගෙන ආ යුතුයි. රාජ්‍ය ආයතන, සුදු අලි, නව තරුණ ජවය වර්ජකයින්ට ආදේශ කරමු. අර්ජුන මැතිතුමනි ඔබ රැකියා දෙන තෙක් අපි බලා සිටිනවා. වර්ජකයින්ට රට විනාශ කරන්න ඉඩ දෙන්ඩ එපා.
වරයා ඇමති තුමනි කළුතර අපිට රැකියා දෙන්ඩ. අපි වරාය අාරක්ෂා කරන්නම්.
වර්ජකයන්ට පහර දෙනු එලවනු
අත්‍යාවශ්‍ය සේවා කරල පොලීසියේ උදව්වට හමුදාව ගේන්න එලියට, හැබැයි පරිස්සමෙන් මේගොල්ලන්ට ඕනකරන්නෙ මිනියක්, ඒකට ඉඩතියන්න එපා, තෙල් එකේ වගේ පැය 24න් වැඩට එයි. සයිටම්කාරයන්ටත් අවසාන නිවේදනයක් දෙන්න පන්තිවලට ගිහින් ඉගෙනගන්න කියල, නැත්නම් සියගනනක් සුදුසුකම් ඉන්න ලමයි එලියෙ ඉන්නව ඉගෙනගන්න බලාගෙන, ගන්න ඒ අයව. මේගොල්ලන්ගෙ විප්ලව ලංකාවට පුරුදුයි, පලාත් සභා පටන්ගන්නකොට කිව්වෙ, පිටකොටුවෙ බෝගහ ලඟින් නැගිටින්නෙ නෑ කියල අහෝසි කරනකම්, දැන් යසට ඒවට පත්වෙලා සැප ගන්නෙ.
අඛණ්ඩව වැඩ නොකර කොහොමද ආයතනයක් රැක ගන්නේ? දොස්තරගේ ඉඳල හැම කෙනාම අද හැම දේකටම උත්තරය ගේන්න හදන්නේ වැඩ නොකර.
පාඩු ලබන ආයතන තියාගෙන රටේ මහ ජනතාවගෙන් බදු වැඩි කරන්නද කියන්නේ? ජනතා විමුක්ති පෙරමුණ රටේ ජනතාව මුලා කරනවා වගේ...
පක්ෂ භේදයකින් තොරව මේ විකිණීම් හෙළා දකින්න ඕනේ. රටේ ප්‍රධාන සම්පත් මේ ආකාරයෙන් අන් රටවලට විකිණීම රටේ මහජනයා අනුමත කරන්නේ නැත. මේ ආකාරයෙන් ගියහොත් අප ඔවුන්ගේ වහලුන් බවට පත් වෙනවා නිසැකයි. යහ පාලනය ගෙන ආවේ රටේ සම්පත් රැකගැනීමටය.
ලාභ ලැබුවත්, පාඩු ලැබුවත් මොන වැඩ වර්ජන කළත් අගමැතිතුමා තමන්ගේ වැඩ පිළිවල ඉදිරියටම ගෙනියනවා. හැබැයි ආණ්ඩුවත් එක්ක නොවෙයි. ලෝකයත් එක්ක. ආණ්ඩුවේ අයට ලියන්නේ අත ඔසවන්න විතරයි.