හම්බන්තොට වරාය චීන ආයෝජකයන්ට පැවරීමේ ක්‍රියාවලියේදී මෙම විෂය භාර ශ්‍රී ලංකා වරාය අධිකාරිය නොසලකා කටයුතු කර ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
නීතීඥවරයා එලෙස දැනුම් දුන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලූ අවස්ථාවේදීය. මෙම පෙත්සම අගවිනිසුරු කේ ශ්‍රී පවන් සහ අනිල් ගුණරත්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හමුවේ සලකා බැලිණි.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ තවදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකා වරාය අධිකාරි පනතේ (88) වගන්තියට අනුව වරාය ගැන තීන්දු ගැනීමේ බලය ඇත්තේ ශ්‍රී ලංකා වරාය අධිකාරියට බවයි. මෙම සිද්ධියේදී ශ්‍රී ලංකා වරාය අධිකාරිය සම්බන්ධ කර නොගැනීම පිළිබඳව විෂය බාර අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයේදී සිය විරෝධය පළ කළ බව ද නීතීඥවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්දා, ඔබ මොන පාසලෙන්ද අංක ගණිතය ඉගෙනගත්තේ? ලක්ෂ 62 මේගොල්ලන්ට ලැබෙනකොට අරගොල්ලන්ට ලක්ෂ 57 ලැබුනා. එතකොට වෙනස ලක්ෂ 5 යි. බලයේ ඉන්න අයට ඡන්දය දීපු 250001 පැරදුන අයට ඡන්දය දුන්නා නම් ඒ අයයි බලයට එන්නේ. එතකොට දෙලක්ෂ පනස්දහසේ බහුතරෙන් ඒගොල්ලෝ බලයට අාවේ ලක්ෂ 62 ක බහුතර ජනතා කැමැත්තෙන් නොවේ. ඔබට අංක ගණිතයවත් බැහැනේ. (නි)
අපි නම් දැන් මේවා ගැන කතාකරන එකත් නවත්තලා තියෙන්නේ (නි)
මේ රටේ අද දේශපාලනයේ යෙදී සිටින බඩගෝස්තරවාදී බලපෙරේත දේශපාලකයනට මේ රටේ සාමකාමී මහජනතාව ගැන කිසිදු අනුකම්පාවක් නැත. ඇත්තේ කෙසේ හෝ තම බඩ, තම පරම්පරාව රැක ගැනීමේ අදහස පමණි. එයට ප්‍රධාන වශයෙන් වගකිවයුත්තේ තම දේශපාලන නායකයාගේ අසූචිත් සුවඳ බව කීමට සුදානම්, අත කැපුවත් පක්ෂයට ඡන්දය දෙන දේශපාලන ගැත්තන් සහ මේ ආත්මාර්ථකාමී දේශපාලකයන්ට ආවඩන පූජ්‍ය පක්ෂයේ සමහරුන්ය (නි)
හම්බන්තොට වරාය ඔය කියන පනත ප්‍රකාරව බිහිවුණ එකක් නම් ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පාලනය වියයුතුව තිබුණා. උදාහරණයක් වශයෙන් ගාලු වරාය එහෙමයි. (නි)
එ්ක තවත් යහපාලනේ විශේෂ ලක්ෂණයක්. (නි)
සමසමාජ වාසුදේව නානායක්කාර මහත්තයාත් කොමියුනිස්ට් චීනයට විරුද්ධ වුණා එහෙනම්?? (නි)
අනුර ඉලංගකෝන් හලෝ කියවල බලන්නකෝ ගිය ආණ්ඩුව පෙරලගන්න විදේශ රටවල් කීයක් කුමන්ත්‍රණ කලාද වියදම් කලාද කියල. රාජ්‍ය නොවන ආයතනවලට කොපමණ මුදලක් ඇමරිකාව දුන්නද? ඒ එගොල්ලම කියන විදිහට ගිය ආණ්ඩුව ඒගොල්ලන්ගේ පෙන් ඉන් ද ඈස් නිසා නේද? (අ)
ප්‍රමාණවත් ලෙස නැව් නො එන වරායක් නඩත්තු කරන්න, ණය සහ පොලී ගෙවන්න වෙන්නෙ රටට. ගත්තු ණය හිලව් කරන්න පුළුවන් නම් දෙන එක හොඳ නැත්ද? ලෝකෙ වැඩිම වෙලඳ නැව් අයිති චීනය වරාය නිකන් පල් නොවී නැව් ගෙනාවම තව කොච්චර රස්සා ඇතිවෙයිද? ඒකට ආහාර, ප්‍රවාහණ, නවාතැන්, ආදිය සැපයීම සඳහා තව කොච්චර ආශ්‍රිත රැකියා ඇතිවෙයිද? ප්‍රශ්ණ විසදෙනවට අකමැති මිනිස්සු ගැන පුදුමයි. (අ)
ඔව් ඒක ලොකු ගැටලුවක්.(හේ)
ඇයි ද නොකියා වැඩ කරේ.(හේ)
ආයෝජනය එකක් , විකිණීම එකක්. මේ කරන්න හදන්නේ රට විකුණන එක නොවෙයිද ? කොහොම හරි නවත්තා ගත්තොත් හොඳයි අඩුගානේ මතු පරපුර වෙනුවෙන් ! (අ)
යහපාලනයනේ. ගනන් ගන්න එපා.(හේ)
කොහොමත් අපට රටක් අද වෙනකොට නැහැ එ්ක නොතේරන මිනිස්සු ඉන්න නිසා තමයි මෙයාල තාමත් ඉතුරු ටිකත් කොටසින් කොටස විකුණා කමින් එයාලගෙ යටිමඩි තරකරමින් ,ඒක වහගන්න එයාල ආගම් වාදය ජාති වාදය වපුරවමින් රටේඅය ගොන්නුන්ට අන්දවමින් ලස්සනට කරගෙන යනවා අපේ අය හැලියේ වතුර නටන කකුළුවෝ වගේ චොකා බයිල නටනවා. රටක් විදිහට අද අපි ඉන්නේ ගිනි කන්දක් මත බව ඔබ දන්නෙහිද ? (අ)
ලංකාවේ දේශපාලනයට මේ වනවිට අංක ගණිතය කරලා තියෙන හරිය මදැයි .යහපාලන ප්‍රෝඩාව, අනුමත කරමින් බහුතරය ඡන්දය දී කැමැත්ත දී ඇති නම් , විදවපියව් දු දරු මුණුබුරු, මිණිබිරියන් සමග ඉදිරි දසක දෙක තුනක්වත් ගතට සිතට දැනෙන්නම, (බ)
මෙයාගෙ ඒකාධිපති වැඩ ඔය. වැරදිලාවත් විධායක ජනාධිපති වුණා නම් කොහොම වෙයිද. (අ)
අර අර්ජුනගේ කුට්ට්ටිය ගැනද කියන්නේ (අ)
පේනව නේද වැඩඅර පනත සම්මත කරන්න හදන්නේ මොනතරම් දේවල් කරලදකියල මොලේ ගියන ජනතාවට හිතන්න කාලය ඇවිත්. මාමට වැඩිය දේවල් බෑණා කරයි වගේ? (අ)
වරාය අධිකාරිය කෙසේවෙතත් අර්ජුන හා මුතුහෙට්ටිගම ගැන සලකා බලන්න තිබුනා. බලන්න එයාලට සුළුපටු මදිපුංචිකමක්ද වුනේ කියලා, (අ)
මේ මොන කතාවලිනුත් වැඩක් නැහැ දැන්. ලක්ෂ 62 ක බහුතර ජනතා කැමැත්තෙන් බලයට ගෙනා ආණ්ඩුවක් බලයේ ඉන්නේ. (අ)
උගත්කමක් නැති පුද්ගලයන් දේශපාලන පත්විම ලබා ඉහළ තනතුරු කරනවිටත් මෙවැනි දේ සිදුවිය හැකිය (නි)
ඔයගොල්ලන්ගේ ටිකිරි මොළේට නොතේරුනාට දැන් විදේශ කුමන්ත්‍රණ ගැන කියන අයත් ඉන්නවා (නි)
මේ ආයෝජනයෙන් ලොකු කොමිස් කුට්ටියක් කන්න සමහර කට්ටිය කට දත මැදගෙන හිටියා. නමුත් ඔවුන්ව නොසළකා හැර මේ ආයෝජනය සිදුකළා. ඔවුන්ට ගානක් අතට නොලැබුන නිසා, ඔව්න්ගේ උසිගැන්වීම මත මේ සිද්ධිය උසාවියට ගිය බවයි අපි නම් හිතන්නේ (නි)
යහපාලනය, වරයා අධිකාරිය විතරක් නෙමෙයි, මහජනතාවත් නොසළකා හැරලා තියෙන්නේ. ඉතින් ජනතාව නොසළකා හැරපු ආණ්ඩුවට වරාය අධිකාරිය කජ්ජක්ද? ඕකට තමා කින්නේ "දාගැබ ගිලපු එකාට අග්ගලාව මොන කජ්ජක්ද" කියලා. (නි)
මට මුදලක් හම්බවෙනවා නම් මාත් නඩුවක් දානවා. (නි)