හම්බන්තොට වරායේ කොටස් චීනයේ ‘මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ග්ස්‘ ආයතනයට විකිණීමට සකස් කරන ලද ගිවිසුමේ කටයුතු මෙම සතියේදී සකස් කර නිවේදනය කරන බව මුදල් ඇමති රවී කරුණානායක මහතා පවසයි.
“හම්බන්තොට වරාය ගිවිසුම සම්බන්ධයෙන් අගමැතිවරයා හා කැබිනට් අනුකමිටුව අතර සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. එය අද හො හෙට ඉදිරිපත් කරනු ඇත“ යැයි ඇමතිවරයා පැවසීය.
එම හමුවේදී සාකච්ඡාවට ගැනෙන කරුණූ මොනවාද යන්න විමසූ විට අමාත්‍යවරයා පැවසූයේ විසඳාගැනීමට ප්‍රශ්න කිහිපයක් ඇති බවත් ඉන්පසු ගිවිසුමේ වැඩ කටයුතු අවසන් කරන බවත් ය.
වසර 99 ක කාලයක් සඳහා හම්බන්තොට වරායේ කොටස්වලින් 80%ක් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.12 ක මුදලකට මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ග්ස් සමාගමට විකිණීමට රජය සැලසුම් කරයි. මෙම ගිවිසුම මෙම රජය බලයට පත්වූ දිනයට සමගාමීව ජනවාරි 8 වැනි දා අත්සන් කිරීමට රජය සැලසුම් කර තිබිණි.නමුත් එය කල් දැමීමට තීරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
99 ආවුරුද්දයි සින්නකර්යි කියල වෙනසක් නැ මේ රටේ නුපන් පමපරාවට බුක්ති විදින්න තියන දේවල් තමා මේ විකුනන්නේ චීන සමාගමට නැව් ගෙන්න ගන්න පුලුවන්නම් ඇයි අපට බැරි මේ ජාතික දේපල විකුනන්න මේ දේශපාලුවන්ට ඇති අයිතිය මොකද්ද.? (ර)
එහෙනම් හෙමින් සැරේ වැඩේ දීලා වගේ. (ර)
එතකොට ජනාධිපතිවරයා ප්‍රකාශ කලේ කිසිම ගිවිසුමක් නැහැ කියලා. එතුමා දැන් පත්තරෙන් දැනගනීවි, (ම)
සේරම විකුණලා සාක්කු වලට දාගන්න. නුඹලා හදපු දේවල්නේ. මහා ලොකු යහපාලනේ. (නි)
සේරම විකුණාගෙන කාලා අපිට බදු ගහන එකයි කරන්නේ (නි)
රට විකුණගෙන කනවා මදිවට කිසිම හිරිකිතයක් නැතුව කියවන හැටි (නි)