හම්බන්තොට ප්‍රදේශ කිහිපයක විරෝධතා තහනම් කරමින් ලබා දුන් උසාවි නියෝගය නොතකා පිරිසක් අද විරෝධතා පැවැත්වූහ.

හම්බන්තොට ආයෝජන කලාපයට මුල් ගල තැබීමේ උත්සවය පැවැති භූමියට විරෝධතා කරුවන්ට ඇතුළු විය නොහැකි ලෙස පොලිසියේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ පිරිස් යොදවා තිබිණි. උද්ඝෝෂකයෝ අතුරු මාර්ග ඔස්සේ උත්සවය පැවැති භූමිය අසලටම සහභාගී වූහ.

එහි දී උත්සව භූමියේ සිටි බව කියන පිරිසක් හා උද්ඝෝෂකයන් අතර උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර ගල් මුල් පවා හුවමාරු වූ බව පොලිසිය කියයි.

ඒකාබද්ධි විපක්ෂය නියෝජනය කරමින් උදය ගම්මන්පිල, ගාමිණී ලොකුගේ ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් ද එම ස්ථානයට පැමිණ සිටියහ. විරෝධතාවට ස්වාමීන්වහස්සේලාද වැඩම කර සිටියහ.

පොලිසිය උද්ඝෝෂකයන්ට කඳුළු ගෑස් ගසා පලවා හැරීමට උත්තාසහ කරනු අයුරු දක්නට ලැබිණි.

තුවාල ලැබූ කිහිප දෙනෙක් රෝහල් ගත කරනු ලැබ සිටිති.

_DSC0102 _DSC0150 _DSC0171 _DSC0239 _DSC0395 _DSC0498 _DSC0568 _DSC0583 _DSC0585 _DSC0603 _DSC0690 04 PKP_7528_DSC0028_DSC0255 _DSC0384

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි

DSC06977 DSC06979 DSC06984 DSC06986 DSC06998 DSC07017 DSC07020 DSC07031 DSC07052 DSC07094

ඡායාරූප - සනත් ගමගේ