(සනත් ගමගේ සහ චන්ද්‍රසේන ගමගේ)
හම්බන්තොට මිරිජ්ජවිල සූරියවැව මාර්ගයේ පළමු ගුවන් පාළම මත දී යතුරු පැදියකින් ගමන් ගත් පුද්ගලයකුට අද (19) වෙඩි තබා ඇතැයි ද ඔහු හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කරනු ලැබ ඇතැයි ද හම්බන්තොට මුලස්ථාන පොලිසිය කියයි.
යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු මෙම වෙඩි තැබීම කර පලා ගොස් ඇතැයි හෙළි වූ බව හම්බන්තොට පොලිසිය කියයි.නෝම්මර 12 හිස් පතොරොම් කොපු තුනක් සිද්ධිය වූ ස්ථානයේ තිබී සොයාගත් බව පොලිසිය පවසයි.
වෙඩි වැදිමට ලක් වූ පුද්ගලයාගේ උරහිස ප්‍රදේශයට වෙඩි වැදිමෙන් තුවාල සිදු වි ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.
ඡායාරූප-සනත් ගමගේ




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd