සුරියවැව ගැමියකුගේ බෙල්ලේ ඇනී තිබු ලීයක් සාර්ථකව ඉවත් කිරීමට හම්බන්තොට රෝහලේ වෛද්‍යවරු සමත් වුහ.
පෙර දිනයේද ලීයක් ඇනුණ රෝගියකුට එවැනිම සැත්කමක් සිදු කැරිණි.
රණ්ඩුවකදී ලීයක් අඟල් පහක් පමණ බෙල්ල ඇතුළට ඇනී තිබීයදී දැඩි අවදානම් තත්ත්වයෙන් රෝහලට ඇතුළු කළ ඩී ජී කරුණාරත්න (49) මහතාගේ ජීවීතය බේරා ගැනීමට හැකි වු බව ශල්‍ය වෛද්‍ය විශේෂඥ මහින්ද මල්ලවතන්ත්‍රි මහතා කියයි.
ඔහුගේ බල නහරය හා ස්වාසනාලය ට හානි නොවී තිබු බවද වෛද්‍යවරයා පවසයි.
නිර්වින්දක විශේෂඥ වෛද්‍ය උදේශ් පෙරේරා,විකිරණ විශේෂඥ වෛද්‍ය චානිකා කුලතුංග ඇතුළු කණ්ඩායම සමඟ නේවාසික වෛද්‍යවරු හා කාර්ය මණ්ඩලයේ හෙදි හෙදියෝ මෙම සැත්කමට දායක වුහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දක්ෂ වෛද්‍යවරුන් රටට සම්පතක් (නි)
අපට හරිම සතුටුයි අපේ රටේ දක්ෂ වෛද්‍යවරු ඉන්නවා. ගොඩාක් පිං (අ)
මෙවැනි දුෂ්කර ප්‍රදේශ වලට අවශ්‍ය වෛද්‍ය වරුන් හා පහසුකම් සැලසීම උතුම් ක්‍රියාවක්.පහසුකම් ඇති වෙනත් ආරෝග්‍ය ශාලා වෙත යවනකොට ලෙඩා මිය ගිහින්! (අ)
මෙවැනි දුෂ්කර ප්‍රදේශ වලට අවශ්‍ය වෛද්‍ය වරුන් හා පහසුකම් සැලසීම උතුම් ක්‍රියාවක්.පහසුකම් ඇති වෙනත් ආරෝග්‍ය ශාලා වෙත යවනකොට ලෙඩා මිය ගිහින්! (අ)
මෙවැනි දුෂ්කර ප්‍රදේශ වලට අවශ්‍ය වෛද්‍ය වරුන් හා පහසුකම් සැලසීම උතුම් ක්‍රියාවක්.පහසුකම් ඇති වෙනත් ආරෝග්‍ය ශාලා වෙත යවනකොට ලෙඩා මිය ගිහින්! (අ)
මේ වගේ දක්ෂ වෛද්‍යවරු රටට සම්පතක්.(අ)
කාර්යක්ෂම සේවය බේරා ගනියි ජිවිත , හැමටම අපේ උපහාරය ! (අ)
මේ වගේ විශ්මිත සැත්කම් අපේ හෙළ වෙද කමෙත් තිබුනා. යුද්දෙදි ඊතල වැදුනම, බැද්දේ අනතුරු සිදු උනාම, නොයෙක් විදිහේ අනතුරු උනාම, ඒ කාවවත් නිකන් මැරෙන්න දීල බලන් ඉදලා නැහැ. එත් කෝ අද ඒ දැනුම. හොයන්න කාලය ඇවිල්ලා. කව්රු කව්රුත් එකතු උනොත්, අපිට අපේම කියන සංස්කෘතියේ ඉඳගෙන අපේම දේවල් භුක්ති විදින්න පුළුවන්. එතන තමයි අපේ කම තියෙන්නේ. කොහොම නමුත් මේ බටහිර වේදකමේත් තියන අපූරු විශ්වකර්මත් අගයකල යුතුමයි. මක් නිසාදයත් එයත් මානව හිතසුව පිණිසම නිසාවෙන්. (නදී)
අද දෙවිවරුන් කියන්න ඕනේ ඔබලා වගේ අයටයි (නදී)
වෛද්‍යවරු මිහිපිට දෙවිවරු කියලා කියනවානේ. ඒත් ඊයේ මහනුවර රෝහලේ කෙනෙක් මියගිහිල්ලා බෙහෙත් ගන්න ඇවිල්ලා. ඒ ප්‍රශ්නත් නිසියාකාරව විසඳාගන්න ඕනෑ. වෛද්‍යවරු කියන්නේ උගතුන් (නි)
හොඳ වැඩක් (නදී)
හොඳ වැඩක්
හම්බන්තොට රෝහලට අපගේ උපහාරය. අසරණ ජිවිත බේරාදෙන්න. වෛද්‍ය වරුනි, සේවකයනි කවදාවත් රෝගීන්ට පිටුපාන්න එපා. පිහිට වෙන්න. (නදී)