හම්බන්තොට ඉඩම් ගනුදෙනුව සම්බන්ධයෙන් අද (6) හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී එක්සත් භික්ෂු බල මණ්ඩලයේ හිමිවරුන් දෙනමක් අදහස් දක්වමින් සිටියදී එහි පැමිණි තවත් පිරිසක් කලහකාරී ලෙස හැසිරීමත් සමග එහි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.
නිවාස ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ ලේකම් පී.සමරසිංහ මහතා ද එම මාධ්‍ය හමුවට එක්ව සිටි අතර එහිදී අදහස් දැක්වූ මුරුතවෙල කශ්‍යප හා රිදියගම ජයනන්ද යන හිමිවරු හම්බන්තොට ඉඩම් පවරාගෙන සංවර්ධනය කිරීම හොඳ බවත් එයින් තරුණ තරුණියන්ට නව රැකියා උත්පාදනය වීම යහපතක් බව කීහ. එම හිමිවරුන්ගේ අදහස් දැක්වීමට විරෝධය පළ කරමින් එහි පැමිණ සිටි තවත් හිමිනමක් කියා සිටියේ එම හිමිවරුන්ගේ අදහස් දැක්වීම ඔවුන්ගේ පෞද්ගලික අදහසක් බවත් එය මුළු දිස්ත්‍රික්කයේම සිටින හිමිවරුන්ගේ අදහස නොවන බවත් හම්බන්තොට සමස්ථ සඟ පිරිසම ඉඩම් පවරාගැනීමට විරුද්ධ බවත්ය.
ඒ සමගම එහි පැමිණි කණ්ඩායමක් ඝෝෂාකාරී ලෙස හැසිරෙන්නට පටන්ගත් අතර මාධ්‍ය හමුවට පැමිණ එම ස්ථානයෙන් ඉවත්ව ගියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හිමිවරුන් පසුගිය අවුරුදු දහයේ කොහෙද හිටියේ. (ර)
පරිස්සම් වෙන එක හොදයි. ඔය කලබල කාරීන් එදා සගරුවනට හා උගතුන්ට කාණුවල දමාගෙන පහරදුන්නා. (ම)
මෙවැනි භික්ෂුන් ගැන ඇත්තේ පිළිකුළකි (නි)