හම්බන්තොට දිස්ත්‍රික්කයේ ස්ථාන ගණනාවක සිකුරාදා රාත්‍රියේ සිට සෙනසුරාදා පෙරවරුව වන තෙක් ගතවුණු පැය 12ක කාලය තුළ මැතිවරණය වෙනුවෙන් එල්ලා තිබූ කොඩිවැල් හා කටවුට් විනාශ කිරීමේ සිදුවීම් 6ක් වාර්තා වී ඇතැයි මැතිවරණ නිරීක්ෂණයේ යෙදෙන කැෆේ සංවිධානය කියයි.
අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ආධාරකරුවන්ගේ නිවෙස් කිහිපයකටම රතිඤ්ඤා පත්තු කර දමා ඇතැයිද තවත් ඒ ආකාරයේ සිද්ධීන් හා කටවුට්, කොඩිවැල් විනාශ කිරීම් ඇල්ලගල, ලුණුගම්වෙහෙර, තංගල්ල ආදී ප්‍රදේශවලින් වාර්තා වී ඇතැයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.
මහින්ද රාජපක්ෂ මහතාට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා ලබාදීමට තීන්දු වීමත් සමග මෙම සිදුවීම් වැඩි වශයෙන් වාර්තාවූ බව කැෆේ සංවිධානය පවසයි.
මැතිවරණ කොමසාරිස්වරයාට මෙම සිද්ධි වාර්තා කළ බවත් මැතිවරණ නීති උල්ලංඝනය කරන්නන්ට එරෙහිව පියවර ගන්නා ලෙසත් කැෆේ සංවිධානය මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් නම් කාලේ හරි මේවා නවත්වන්න (ම)
මේ පාර එයාට ඇපත් නැතිවෙන හැඩයි. ඡන්දය දාන්නේ මහජනතාව බව අමතක ඇති (ම)
සජිත්ට මේ ගොල්ලන් බයවීම අරුමයක්ද ? පැරදුනු මහින්දත් ඡන්දෙ ඉල්ලන්න රට වටේ තැන් හොයා හොයා යනකොට. (නදී)
නීතිවිරෝධී වැඩ කරන්නේ මොනවාටද? (නි)
එයා පරණ පුරුදු ආයේ පටන් අරන් වගේ (ම)
ඕක තමයි නියම ස්වරුපය අපේ දේශපාලකයන්ගේ තියෙන.(ම)
ඔන්න පරණ ක්‍රියාව පටන් ගත්තා (බ)
මම දන්නා තරමට කටවුට් ප්‍රදර්ශනය කිරීම නීති විරෝධියි .(ම)