හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු රුපියල් ලක්ෂ දෙක බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට හම්බන්තොට වැඩබලන මහේස්ත්‍රාත් සනත් නානායක්කාර මහතා නියම කළේය.

පසුගිය 21 වැනිදා හම්බන්තොට නගරයේ පැවැති ‘වීදියේ විරෝධය‘ නාට්‍ය කණ්ඩායමට පහරදීමේ සිද්ධියේ සැකකරුවකු වන මොහු පසුගියදා පොලිසියට බාරවීමෙන් පසු රිමාන්ඩ් ගත කෙරිණි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට බාරවූ අනෙක් සැකකරුවන් සිව්දෙනාටද එක් අයකුට රුපියල් ලක්ෂ දෙක බැගින් ශරීර ඇප දෙකක් නියම කෙරිණි.