(දිලීප් ජයසේකර)
හම්බන්තොට ධීවර වරායේ නවතා තිබූ ධීවර යාත්රාවක් අද(13) හදිසියේ ගිනිගෙන විනාශ වි ඇති බව හම්බන්තොට පොලිසිය පවසයි.
මෙලෙස අනතුරට පත්ව ඇත්තේ තංගල්ල ප්රදේශයේ පදිංචිකරුවෙකුට අයත් ධීවර යාත්රාවකි. විනාශ වු යාත්රාවේ වටිනාකම රුපියල් ලක්ෂ 90ක් පමණ වන බවත් එය ඉකුත් 17වැනිදා ධිවර කටයුතු සදහා මුහුදු ගොස් පැමිණ වරායේ නතර කර තිබු එකක් බවත් කියති.
ගින්න ඇති වෙන අවස්ථාවේ එහි එක් අයකු සිට ඇති අතර ඔහු මුහුදට පැන දිවි බේරාගෙන තිබේ. ගින්න ඇති විමට හේතුව කුමක්ද යන්න පිළිබදව මෙතෙක් සොයාගෙන නොමැති අතර හම්බන්තොට පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd