(විනීතා එම් ගමගේ)
හම්බන්තොට වරායේ ණය ගෙවන්න බැරි බවට ආණ්ඩුව කරන ප්‍රකාශය බොරුවක් යැයි ජාතික සංවිධාන එකමුතුව පවසයි.
එම වරාය ඉදිකිරීමට වියදම් වි ඇත්තේ ඇමරිකන් ඩොලර් 1225 ක් බවත් 2036 වනවිට එහි පොලිය ඇමෙරිකන් ඩොලර් මිලියන 495ක් වන බවත් එම සංවිධාන එකමුතුව පෙන්වා දෙයි.
ඒ අනුව 2036 වන විට මුළු මුදල මිලියන 1761ක් වන බවත් මේ වනවිට එයින් ඇමෙරිකන් ඩොලර් මිලියන 500 ක් ගෙවා අවසන් බවත් ජාතික සංවිධාන එකමුතුවේ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අද (01) පැවති මාධ්‍ය හමුවක දී පැවැසීය.
ඒ අනුව ඉතිරි ටික ගෙවීම අමාරු වැඩක් නොවන බව කී බණ්ඩාර මහතා එම වරාය විකුණා දැමීමට රජය පවසන බොරුවක් බවත් පැවසීය.
‘‘2014 ඩොලර් මිලියන 8900 ක ලාබ ලැබු වරාය අද පාඩු ලබනවා නම් ඒ ආණ්ඩුවේ දුර්වල කමක්. හම්බන්තොට ආයෝජන ගිවිසුම් නැවැත්තුවා. හම්බන්තොටින් තෙල් දෙන එක නැවැත්තුවා. කුහක ආර්ථික ප්‍රතිපත්තියක් මොවුන් අනුගමනය කළේ. හම්බන්තොට වරායේ සියලූ වියදම් පියවන්න සුදානම් කර තිබුණේ අවුරුදු අටකින්. එය කරන්න පුළුවන් කම තියෙද්දි විකුණ ගෙන කනවා’’ යැයි ද වසන්ත බණ්ඩාර මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලයට ආවෙත් සිංහල මිනිස්සුන්ව බොරුවෙන් රවට්ටලා, දිගටම කරන්නෙත් මිනිස්සු රැවට්ටීම.
හත්වලාමේ දැන් අපිද පරිමාණ මිනින්දෝරු වැඩේ කලේ ?? එතකොට මුදල් ගෙවන අය, හැමදේම සහ මුලු ලෝකෙම තියන හැමදෙයක් ගැනම දන්නා අපේ දේශපාලන කට්ටිය අගහරු ලෝකෙද හිටියේ ????
" හොඳම දේ තමයි මේ මහත්මයාව ජාතික ලැයිස්තු මන්ත්‍රී කමක් දීල මෙයාව පාර්ලිමේන්තුව ඇතුලට ඇරන් මෙයාට ණය ගෙවීමේ වගකීම බාරදෙන එක. මෙහෙම විසදුම් දෙන්න පුළුවන් අපේ රටේ හරි අඩුයි.
ඔන්න මෙයාල නම් කියන්නේ ඇත්ත හොදේ.
මේක ඉතින් බොරුවෙන්ම ඉපදිලා බොරුවෙන්ම පවත්වාගෙන යන ආණ්ඩුවක්නේ. ජනතාවට දැන් ඇත්ත තේරුනත් කරන්න දෙයක් නැතිවයි ඉන්නේ. බොරුවලට අහුවුනු මේ රටේ ජනතාවට දැන් ඉතින් රට විනාශ වෙනවා බල බලා විස්සෝප වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.
කරුණාකර " මහත්මයා " යන වචනයට අපහස නොකරන මෙන් ඉල්ලසිටීමේ. මෙවන් අයට වඩාත් සුදුසු වචනය වන්නේ "මහත්තයා " යන වචනයබව අප සෑම හොදින් දන්නා කරුණකි.