හම්බන්තොට කර්මාන්ත පුරයට ඉදිකිරීමට විරුද්ධ වන්නේ නම් එය රටේ වෙන පළාතකට ගෙන යා හැකි බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
පාර්ලිමේන්තුවේදී පොදු විපක්ෂය නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව කීවේය.
“ජනපතිවරයාත් කර්මාන්ත පුරය පොළොන්නරුවේ ඉදිකිරීමට කැමති වෙලා තියෙනවා. ලක්ෂ්මන් කිරිඇල්ල හා එස්.බී දිසානායක අමාත්‍යවරුන් පවා එය මහනුවර හෝ නුවර එළියේ ඉදිකිරීමට කැමති වෙලා තියෙනවා“
පොදු විපක්ෂයේ කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා පැවසුයේ මේ සඳහා පත්කළ කමිටුවේ නිර්දේශ මත පමණක් හම්බන්තොට ඉඩම් තෝරන බවයි.
මෙම කමිටුව අමාත්‍ය සාගල රත්නායක හා චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ මූලිකත්වය දරන බවත් මහින්ද අමරවීර හා සජිත් ප්‍රේමදාස අමාත්‍යවරුන් එහි සමාජිකයන් බවත් අගමැතිවරයා කීවේය.
කර්මාන්තපුරය සම්බන්ධ සියලුම ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඒ සඳහා විවාදයක් පවත්වන බවත් පැවසු අගමැතිවරයා සෙනසුරාදා හම්බන්තොට ඇති වූ සිදුවීම පොලිස් වාර්තාව නිකුත් කළ පසු ඒ ගැනද සාකච්ඡා කළ හැකි බවද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ ඉඩම් පාලුවට යවල තියන්නේ නැතිව රටේ හැමතැනම කර්මාන්ත පුර අරින එක හොදයි. (ර)
චීනය අපිත් එක්ක තරහ වෙනවා , කර්මාන්ත ශාලා දාල ලංකාවේ මිනිසුන්ට ජොබ් දෙන්න දෙන්නේ නෑ කියලා, එයාලා කොච්චර කැපවීමක් ද කරන්නේ තමන්ගේ රටේ ශ්‍රමය අපමණ ලාබයට තියද්දී වැඩි වැටුපක් දීලා ලංකාවේ මිනිසුන්ගේ ශ්‍රමය මිල දී ගන්න. ඔන්න අපි නම් නෑ තරහ උනොත්... (ර)
අගමැතිතුමනි,මේ කර්මාන්තපුරය හම්බන්තොටටට එපා නම් යහපලනෙට ඡන්දෙ දුන් අපි ඉන්න කොළඹට ලබා දෙන්න,අක්කර ලක්ෂයක් වුනත් දෙන්න අපි සුදානම්,(බ)
වරායක් ආශ්‍රිතව කර්මාන්ත ශාලා ඉදිකිරීම වඩා ප්‍රායෝගික වේ (නි)
ඇමතිලා අගමැතිලා ජනාධිපතිලා කැමති වුණාට එ් තැන්වල මිනිස්සු කැමතිද දන්නේ කවුද? මොකද මේ කට්ටිය මිනිසුන්ගේ කැමැත්තෙන් නම් කරපු කට්ටියත් නෙමෙයිනේ, වෙන කෙනෙක් නැතුවට කතිරේ ගැහුවා මිසක්. මුලින්ම මේකේ වටිනාකම සහ වෙනත් ආර්ථික ප්‍රතිලාභ ගැන මිනිසුන්ට කියා දීලා ඉන්න. ණය පියවන්නම මේක දුන්නා කියන්නේ නැතුව. චීන ළංකර නොගත්තොත් දුප්පත් අපිව නොබෝ දිනකින් ඉන්දියානු බුවල්ලා ගිලගැනීමට බලා සිටින බව කෙළින් බැරිනම් ව්‍යංගයෙන්වත් කියන්න. (නි)
හුඟක් දේවල් කියාතිබෙන නිසා මොකක් කරන්නද කියලා හිතාගන්න බැරුව ඇති නේද? (නි)
ඊයේ පාර්ලිමේන්තුවේදී රාජපක්ෂ පවුලේ කෙනෙක් කියනවා අපිට කර්මාන්ත එපා ඕවා වෙන කොහෙටහරි ගෙනියන්න කියලා. තව කෙනෙක් කියනවා අපිට ඕනෑ කියලා. අරුම පුදුම කතා! (නි)
මීටත් වඩා හොඳ රටේ අනාගතය වෙනස් කළහැකිව තිබූ ව්‍යාපෘති ලංකාවට අහිමිවුණේ අපේම උදවියගේ නොසැළකිල්ලත් දුරදිග නොබැලීමත් නිසයි. ඒවා මැලේසියාව සිංගප්පූරුව ආදී රටවල් වෙත යොමුවුණා. මේ ව්‍යාපෘතියත් ඒ විදියටම ඉතිහාසයට එක්වේවි. අපි කවදාවත් ඉතිහාසයෙන් පාඩම් ඉගෙනනොගත් ජාතියක් (නි)
කවුරුවත් ඒ ගැන කනගාටු වෙන එකක් නැහැ. හැබැයි අරන් යනකොට පරිස්සමෙන්, අතර මග වැටෙන්න පුළුවන්. (බ)
අනේ ප්‍රේමදාස පැටියාගේ සිහිනය බලා ඉඳිද්දී දියවෙනවා. (බ)
අන්න අගමැතිතුමෝ ඒක කරන්න. රස්සාවල් කරන්න කැමෙති උදවිය ඕනෑතරම් ලංකාවේ ඉන්න පළාතකට ඔය ආයතන අරන්ගියාම හම්බන්තොට කට්ටියට පොදු විපක්ෂයේ උදවියත් එක්ක වරාය වටේ ඉදන් මාළු බාන්න කියන්න. කොහොමත් ඉස්සර ඕක ධිවර වරායක්නේ. (බ)
මේ රජයෙන් හම්බන්තොට දියුණු වුනොත් මහින්දට ඡන්දය අඩුවෙනවා ඒ හින්ද ආයෝජකයන්ව ගල් ගහල එලවන්න ඔහුන්ට සිදුවෙනවා. රට ඉදිරියට ගෙනියන්න නම් ජනතාව බුද්ධිමත් වෙන්න ඕනි එහෙම නැතිව එක එක කල්ලි වලට කඩේ ගිහිල්ල වැඩක් නැහැ.(බ)
රජයේ ඉඩම් අයිති මහජනතාවට මිසක් දෙශපාලුවන්ට නොවේ. (ර)
කර්මාන්තපුරය යාපනයට හරි මඩකළපුවට හරි දෙනවා කිව්වා නම් මොනවා වෙයිද? (නි)