හම්බන්තොට වරායේ විරෝධතාව අතරතුර එහි නැංගුරම්ලා තිබූ නැව් දෙකක් දියත් කිරීමට නාවික හමුදාව මැදිහත්වීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති විය.
විරෝධතාවයේ යෙදී සිටි වරාය සේවකයන්ට හා මාධ්‍යවේදීන්ට පිරිසක් පොලුවලින් හා තුවක්කුවලින් පහර දුන් බව ද කියති.
වරායේ නැංගුරම්ලා ඇති නැව් දෙකට පිටවී යාමට නොහැකි ලෙස වරාය සේවකයෝ පිරිසක් පෙර දින සිට තටාකාංගනයට බැස සිටියහ.
එම නැව් දෙකට පිටවී යාමට අවශ්‍ය නිසා සහය දක්වන ලෙස වරාය අධිකාරිය කළ ඉල්ලීම අනුව එහි ගිය බව නාවික හමුදාව කියයි.
වරාය සේවක සත්‍යග්‍රහය අසලට වරාය සේවකයන් නොවන පිරිසක් පැමිණි බවත්, ඒ අතර හිමිවරුන් කිහිප නමක් ද සිටි බවත්, ඔවුන් පැමිණියේ ගැටළුවක් ඇති කිරීමටදැයි සැක බවත් සේවකයෝ පිරිසක් කීහ.
(ඡායාරූප හා වීඩියෝ සනත් ගමගේ)











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා විකුණලා, ඇමතිලාට ප්‍රාඩෝ වෙනුවට නැව් අරන් දුන්නානම් හොඳ මදිද? (නි)
විරෝධතා මැඩපැවැත්වීම ආණ්ඩුවේ වගකීමක් (නි)
මෙම සිද්ධිය මුහුදු මංකොල්ලකෑමක් යටතේ ජාත්‍යන්තර නීතියට අයත් එකක්. මෙයින් ලංකාවට විශාල හානියක් වෙන්න තිබුණා (නි)
450ගේ රැකියා ප්‍රශ්න විසඳන්න ජාත්‍යන්තර නැව් හිරකරගෙන ලංකාවේ නම කැත කරන්න එපා (නි)
රට හැමතැනම උණුසුම් දැන්! (නි)
ගොඩක් අවස්ථා වලදී වරය ඇතුළේ තමයි නැංගුරම් දාන්නේ. වරායෙන් පිට නැංගුරම් දාන්න පුළුවන් ගැඹුරු නැති මුහුදු සීමාවේ විතරයි. ජැටියට බැඳපු නැව් වුණත් නැංගුරම් දාන වෙලාවල් තියෙනවා. එතකොට අධික සුළං තියෙන වෙලාවට ටග් යාත්‍රා නැතුව නැව ජැටියෙන් එළියට ගන්න නැංගුරම ප්‍රයෝජනවත් වෙනවා. පරාක්‍රම ජීවිතේට මුහුදු ගිය එකෙක්වත් මුහුදක් දැකපු එකෙක්වත් නෙමෙයි. (නි)
මෙ රජයට ආණ්ඩුවක් කරන්න පුළුවන්ද? දැන්නම් යන්න කාලය හරි (නි)
කෝටි ගණන් ණය වෙවී රජයේ සුදු අලින්ට පඩි ගෙවද්දී ඒ ණය ගෙවන්න වෙන්නේ අපටයි ඊළඟ පරම්පරා වලටයි තමයි. (නි)
ඉතා හොඳ ක්‍රියාවක් ලෙසයි මම නම් දකින්නේ (නි)
බලහත්කාරකම් කිරීමට කිසිවෙකුටවත් ඉඩදිය නොහැක. එය සේවක හෝ හාම්පුතුන්ගේ අයිතිවාසිකමක් නොවේ. (නි)
උතුරේ කොටි සමරද්ද්දී නිශ්ශබ්දව ඉන්න ආණ්ඩුවමද මේ දකුණේ චණ්ඩි වගේ හැසිරෙන්නේ. මතක තියාගන්න නුඹලාට ඡන්දෙ දෙන්නෙත් දකුණේ අයමයි (නි)
කවුද දන්නෙ නැහැ පැමිණි හාමුදුරුවරු? (නි)
මේකට නැව් එන්නේ නැහැ කිව්වේ...? (නි)
මේ චීවරධාරීන්ව හික්මවන්න ක්‍රමයක් නැද්ද? මොවුන් බෞද්ධයන් ලෙස සැළකිය හැකිද? ශාසනයට නින්දාවක්! (නි)
ජීවිතේට දැකලා නැහැ මෙහෙම රටක් (නි)
දේශපාලන අතකොළු වලට හොඳ වැඩේ (නි)
රාජ්‍ය ආයතන පෞද්ගලිකරණයේදී ඇතිවෙන විරෝධතා මර්දනයට ඉදිරියේදී රතුපස්වලදී සිදුකළ ආකාරයට වඩා දේවල් සිදුවිය හැකියි (නි)
කෝ අර දේශපාලකයෝ? (නි)
අනේ මන්දා මේ රටට මොනවා වෙලාද කියලා? පුදුම යහපාලනයක්. (නි)
මොවුන් පිටුපස ඉන්න දේශපාලුවන්ටයි ගහන්න ඕනෑ (නි)
මෙහෙමත් මිනිස්සු! (නි)
දේශපාලන හිමිවරුන් කඩේ වඩින ගමන් වෙන්න ඇති. (නි)
ගහලා මදි. හම ගහන්න ඕනෑ කියලයි මම නම් කියන්නේ (නි)
අනේ මහත්තයෝ, අපිත් මේකෙන් පරිප්පු කනවා (නි)
මේ විරෝධතාකරුවන් මට නම් ත්‍රස්තවාදීන් හා සමානය. (නි)
නීති කඩන සියලුම දෙනාට මේ නීතිය ක්‍රියාත්මක කරන්න (නි)
අර කට්ටිය මොකටද මෙතනට ආවේ? මේක දේශපාලන බලපෑමක් වෙන්න බැරිද? (නි)
ලංකාව යනු කිසිම දවසක දියුණු කළ නොහැකි රටකි. (නි)
මේවට මොනවා කියන්නද මන්දා (නි)
හිමිවරුන් කිහිප නම වඩින්න ඇත්තේ ධර්මය දේශනා කරන්න විනා වෙන මොකටද? (නි)
නියමයි. හැමදේකම සීමාවක් තියෙන්න ඕනෑ (නි)
80% කොටස් විකිණූ එක ගැනනම් ඇතිවෙන්නේ ලොකු කණගාටුවක්.මේවා අායෙත් හරවන්න බැරි තීරණ. (නි)
රොකී, හාමුදුරුවන්ගේ බෞද්ධකම මෙතනට ගාවාගන්න එපා. හාමුදුරුවරු බෞද්ධකමයි සීලයයි රැක්කා නම් මෙහෙම වෙන්නෙ නැහැ (නි)
වරායේ ඇතුළේ කොහොමද නැංගුරම් දාන්නෙ. (නි)
මෙතන අදහස් දාන ගොඩක් අය රජය කරන වැරදි වැඩේ නොදැක්කා වගේ ඒ ගැන වචනයක් කියන්නෙ නැහැ.රට විකුණාගෙන කනවා ඉවරයක් නැහැ (නි)
කරුණාකර ලාංකිකයෙක් වශයෙන් රටක් විදියට හිතන්න. ඉල්ලීම් දිනාගැනීම සඳහා ජාත්‍යන්තර නෞකා බලයෙන් තබා ගැනීමට රජයක් වශයෙන් ඉඩදිය නොහැක. එහි අනාගත ප්‍රතිපල අපට ඉතා අවාසිසහගතය. (නි)
මහජන මුදල් සමඟ සෙල්ලම් නොකරනු! ඉතාම සාධාරන ප්‍රහාරයක්. (නි)
මේ ඔක්කොම කාගේ වැඩද කියලා අපිට හිතාගන්න පුලුවන් (නි)
මේ වගේ වැඩ කරනකොට, විදේශ නෑවු යටත් කරගන්නකොට ලංකාවට වන අපකීර්තිය ගැන දන්නේ නැද්ද? (නි)
ඉස්සර හිමිවරු වඩින්නේ බණ දේශනා කරන්න. දැන් වඩින්නේ දේශපාලන උවමනා එපාකම් වලට (නි)