දක්ෂිණ සංවර්ධන සැලැස්ම යටතේ හම්බන්තොටින් අක්කර 15000ක් චීනයට පවරා දෙන බවද බෞද්ධ සිද්ධස්ථාන හා පුරා විද්‍යා උරුමයන් විනාශ බව ද කියමින් සංවර්ධන ව්‍යාපෘතිවල එරෙහිව ජනමතයක් ගොඩනැංවීමේ කූඨ සැලැස්මක් ක්‍රියාත්මක කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
බංකොලොත් දේශපාලනඥයන් පිරිසක් ගෙන යන මෙම ප්‍රචාර අසත්‍යයක් බවත් දක්ෂිණ සංවර්ධන සැලැස්ම යටතේ විවිධ ආයෝජකයන් සමග ගිවිසුම් ගණනාවකට එළැඹීමට අපේක්ෂිත අතර මේ අතරින් දැනට අත්සන් තබා ඇත්තේ වරාය සංවර්ධනය පිළිබඳ එකඟතාවයකට පමණක් බවද එම නිවේදනයේ දැක්වේ.
ඉදිරියේදී අත්සන් තැබෙන ඇතැම් ගිවිසුම් පිළිබඳව සාකච්ඡා ආරම්භ වී ඇති අතර තවත් සමහර ගිවිසුම් පිළිබඳව මෙතෙක් කිසිදු සාකච්ඡාවක් හෝ කර නොමැති බව එහි සඳහන්ය.
එමෙන්ම හම්බන්තොට සංවර්ධනය සඳහා මෙතෙක් හඳුනාගෙන ඇති ඉඩම්වලින් 95%ක්ම රජයේ ඒවා බවද එම නිවේදනයේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාල ප්‍රසිද්ධියේ කියන්නකෝ ඔය අක්කර 15,000 දෙන්න කොහොමද කියල. එතකොට ඔය ප්‍රශ්නය ඉවරයිනේ. හැංඟී හැංඟී වැඩකරන එකනේ අපේ නායකයන්ගේ පුරුද්ද (බ)
මොකක්ද දෙන සහතිකේ අක්කර 15000 ක් දෙන්නේ නැහැ කියන්න? (ර)
රට සංවර්ධනය වෙනවා නම් අක්කර 15 දාහක් නෙමේ වැඩිය දුන්නත් කමක් නැහැ , (හේ)
රට දියුණු කරන්න වැඩ කරන්න ඕනි. කයිවාරු වලින් වැඩක් නැහැ ජාතික මට්ටමේ වැඩ පිලිවලකට එදත් ගියේ නැහැ අදත් යන්නේ නැහැ.අපි ආයෝජකයෝ රටට ගෙන්වන්න වෙනවා නමුත් ආයෝජකයෝ වැඩ කළ යුක්තේ අපි කියන විදියට රටේ නිතිය යටත්ව.(හේ)