රම්බොඩගල්ල ස්වර්ණගිරි රජ මහා විහාරාධිපතිව වැඩ විසු අඹේපුස්ස සුමංගල හිමියන්ගේ අදාහන පුජෝත්සවයේදී සිංහල මුස්ලිම් සමගියේ තරම කැපී පෙනිණි.
රම්බොඩගල්ල මැදි විදුහල් ක්‍රිඩාංගණයේදී ආදහනය සිදු විය.
ප්‍රදේශයට ඉමහත් සේවාවක් ඉටු කළ සුමංගල හිමියන්ගේ අපවත්වීම විහාරස්ථානයේ දායකයින්ට මෙන්ම මුස්ලිම් ප්‍රදේශවාසීන්ට දරාගත නොහැකි පාඩුවක් සේම දරාගත නොහැකි ශෝකයක් ගෙන දුන්නේය.
ඒ ශෝකය කොතෙක්ද යත් සුමංගල හිමියන් සමීපව ඇසුරු කළ මොහොමඩ් ෆායිස් මහතාට ද මේ වෙන්ව යාම දරාගත නොහැකි විය.ගිනි දැල් වදිද්දීත් ඔහු හඩා වැටුණේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි සැවොම මේ විදිහට සහෝදරත්වයෙන් ජීවත් වෙමු. (දී)
නිලුපුල්, හලාල් ජිහාඩ් කියන්නේ මොකද්ද කියල ඔය දන්නේ නැහැ. මුස්ලිම් අය ආගම අදහන්ඩ ඕනේ බෞද්ධයෝ දහම අදහන්ඩ ඕනේ. එතකොට තමයි සාමය ඇති වෙන්නේ (නදී)
ජාතිය වැඩක් නැහැ. මනුස්සකම උතුම්, මොන ආගමක් මොන ජාතිය උනත් මනුස්සකම පෙරට. ,,,,,,,,,, (දී)
ජාතිය මොකක් වුණත් හැඟීම් කාටත් පොදුයි (නි)
මේ ලෝකේ ඉන්නේ ජාති දෙකයි. ඒ ගැහැණු සහ පිරිමි ලෙසයි.ඇයි සමහරක් මේක තේරුම් ගන්නේ නැත්තේ? (දී)
කසුන්, ගිනි අවුලුවන අය ගිනි පුපුරු එළියට විසිවෙනවා කියලා හිතන්නේ නැතුව ඇති. හුළගට ගසාගෙන එන අළු ඇස්වලට ගියාම ඇසට කඳුළු එනවා කියල නොදන්නවා ඇති නේද? (නි)
ආශා, යු ටීයුබ් එකට ඕනෑ කෙනෙකුට ඕනෑ දෙයක් දාන්න පුළුවන්. තියෙන හැමදෙයක්ම කියන හැම කතාවක්ම ඇත්ත නොවේ. (නි)
ආගම නොවෙයි මිනිසත් කම නිසයි මෙහෙම වෙන්නේ, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි (දී)
ඇත්තටම දක්කාමත් ගොඩාක් දුක හිතෙනවා. ඔබ වහන්සේට නිවන්සුව ලැබේවා (දී)
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා (දී)
ආශාට පුළුවන්නේ පරීක්ෂණයක් පවත්වන්න ඔච්චරම සැක නම් (නි)
දැන් මෙහෙම උනාට ඉස්සර අපි සමගියෙන් උන්නා (දී)
මුස්ලිම්, දෙමල,සින්හල මේ බේද දන්වත් දුරුලමු. අපි ඔක්කොම එකම රටක වැසියො.
ආශා, මේක පුජ්‍ය පක්ෂයේ අපවත් වීමක්. ටිකක් ගරු සරුවෙන් හිතුවොත් හොඳයි නේද ? (නදී)
මෙවැනි හිමි වරු අපේ ලංකාවට තවතවත් අවශ්‍යයි (දී)
ආගම බේදය ඇති කරන අයට අපායම වේවා
ලකී, ආගමක් ඇදහු පලියට සාමය ඇති නොවේ. එම ආගම අනුව තම ජිවිතය හැඩ ගස්වා ගනිමින් එය පිළිපැදිය යුතුය. ආගම අදහන සමහරු එය පිලි නොපැදිමයි අද ප්‍රශ්නය.(නදී)
මේ හාමුදුරුවෝ විතරක් නෙමේ හැම හාමුදුරු කෙනෙක්ම ජාති කුල ආගම අනුව මිනිස්සුන්ට සලකන්නේ නැහැ. සමහර මිනිස්සු එ්ක මෝඩ කමක් විදිහට හිතල වැඩ කරනවා. (නදී)
මේක දැකලවත් හැදෙන්නේ නැති මිනිස්සු ඉන්නවනේ (නදී)
මගේ දෙමොව්පියෝ ඉන්නෙත් මේ ගමේ. මේ හාමුදුරුවෝ කාටත් එක හා සමානව සලකපු ඉතා හොඳ හිමි නමක්. විශාල මුස්ලිම් ප්‍රජාවක් මෙම අාදාහනයට සහබාගි උනා. ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා. (නදී)
ආශා යු ටියුබ් එක ගැන කිවුවහම මොකද මේ සමහරුන්ගේ වලිගය ගිනි අරගෙන තියෙන්නේ? (නි)
ඇත්තටම මටත් දුක හිතුනා (නි)
සිංහල බෞද්ධයා ඉතා සාමකාමී අයෙකි. ඔහු තේරුම් ගත් අය ඔහුගේ වියෝවකදී කඳුළු හෙලනු නොඅනුමානය. මේ එවන් අවස්ථාවකි. කැළණි රතු පල්ලිය රජමහා විහාර භූමියේත්, මීරා මක්කම් පල්ලිය හා සෙන්ට් පෝල් පල්ලිය දළඳා භූමියේත් ඉදිකෙරුනේ සිංහල බෞද්ධයාගේ සාමකාමී බව නිසාමය. තවත් උදාහරණ එමට ඇත. (ස)
ආගම් බේදය ඇති කරන අයට අපායම වේවා. මේක දැකලවත් හැදෙන්නේ නැති මිනිස්සු ඉන්නවනේ. මේ ලෝකයේ ඉන්නේ එක ජාතියයි. ඒ මිනිස් ජාතිය .මේ හාමුදුරුවො ගොඩාක් වාසනාවන්තයි. මොකද උන්වහන්සේගේ සමුහැනීම වෙලාවේ ජාතියක්,ආගමක් නොබලා මිනිසුන් හදවතින් හඬනවා. ඉන්න ටිකේ හොඳින් හිටියා නම් මේ වගේ අවසන් ගමනේදී බොහෝ පිරිසක් ළඟ සිටීවි. මනුස්ස කම තියෙන තැන ආගම් බේද නැහැ. ගොඩාක් මිනිස්සු ඒක තේරුම් ගන්නේ නැහැ . එක්කෙනෙක් දෙන්නෙක් කරන නොහොබිනා වැඩ තමා රටටම සාපයක් වෙලා තියෙන්නේ. (ස)
ඔබ වහන්සේ අපට මහත් ආඩම්බරයක් . ඔබ වහන්සේට නිවන්සුව ලැබේවා (දී)
මුස්ලිම් හැමෝම නරකයි කියලා අපි කියන්නේ නෑ.හොඳ අයත් ඇති . නමුත් අන්තවාදී කල්ලි ඉන්නවා. සිංහල ජාතියට බුදු දහමට ගරහන. ඒවා තමයි අපිට දරාගන්න අමාරු . ඒවගේ වැරදි කරන කාට වුනත් දඩුවම් දෙන්න ඕන. මුස්ලිම් අයට වගේම සිංහල අයටත් තමන්ගේ ජාතිය ආගම දහම ගැන කැක්කුමක් තියෙනවා. (ස)
අජිත් ,කැත විදියට බැලුවේ කවුද? අළුත්ගම සහ බේරුවල සිද්ධියේදී සිංහල මිනිස්සුන්ට වෙච්ච හානිය අසාධාරණය ගැන ඒ මිනිස්සු අඬ අඬා කියන හැටි ඔයා දැක්කේ නැත්නම් යූටියුබ් වල ඒ වීඩියොත් දාලා තියෙනවා පොඩ්ඩක් ගිහින් බලන්න.ගිණිපෙල්ලෙන් බැටකෑවට පස්සේ අපි කණාමැදිරි එළියටත් බයයි (දී)
චම්පික, කඩ ගිනි ගත්තේ ගැනුන්ගේ කට හින්දද? සමහර වාචාලයන්ගේ කටවල් හින්ද කියල ඔයාට කියන්න කට පන නැති උනාට මට පන තියනවා . බොරුවට මෙතන ගෑනුන්ට පුම්බන්න එපා මිතුරේ.(නදී)
රකිත් , සමාවෙන්ඩ ඕනේ මට වචනේ වැරදුනා සහෝදරයා.පිළිපැදීම තමයි විය යුත්තේ (දී)
ආශා,යන්න ගෙදර.මගේ රට ශ්‍රී ලංකාවයි. සමගිය මගේ පැතුමයි (නි)
ආශා වගේ මිනිස්සුත් ඉන්නවානේ (දී)
ආශා වගේ 4 දෙනෙක් හිටියොත් රටම සුන් (දී)
දැන් අර ...සිංහල ...බෞද්ධ කම ගැන විතරක් කතාකරපු ජාති වාදී ...ආගම වාදී නඩය ... කෝ..? (දී)
මියන්මාර රටට මොකක් උනත් අපිට මොකද? මේ රටටත් එහෙම වෙයිද? , අපේ සෝම හිමියන්ගේ බණ අදටත් ඇත්ත නම් අපිම දන්නේ නෑ මේ නැව අපිත් එක්ක ගිලෙනකම් (නදී)
කවුරුත් ආත්මාර්ථ කාමී නොවී ඉන්නවනම් මේ ප්‍රශ්න ගොඩක් අඩුකර ගන්න පුළුවන්.මිනිසුන් කවුරුත් හිතන්න ඕනේ අපි කොච්චර පොඩි කාලයක්ද ජීවත්වෙන්නේ මේ පොඩි කාලය සතුටින් ඉන්නේ නැත්තේ මොකද කියල.(දී)
මේ හිමියන්ගේ වියෝවෙන් දුක්වෙන අය අතරේ මුස්ලිම් අයෙකුද සිටිය හැක. ඒ තැනැත්තා කඳුළු සලන්න්නේ මුස්ලිම් භක්තිකයෙකු ලෙස යයි සිතනවාට වඩා තවත් එක සංවේදී මනුෂයෙක් කියා සිතීම වඩාත් සාධාරණයි. මිනිසුන් අතර වර්ග, ආගම් ජාති වශයෙන් ඇති භේද අඩුකරගෙන සාමකාමීව ජීවත් වෙන්න නම් මිනිස් කම නමැති "විශ්ව සංවේදනීයත්වය" අන් හැම දර්ශනයකට වඩා ඉහලින් පවත්වා ගෙන යන්න ඕනේ. එසේ නැත්නම් වන්නේ කඳුළු බින්දු ජීවත් වන්නන් සඳහා නොව මරණය ට පත්වූ අය ගැන පමණක් සීමා වීමයි. (දී)
ඇත්තෙන්ම සටහන්ව ඇති ප්‍රතිචාර වලට ගොඩාක්ම සතුටක් වගේම පළමු ප්‍රතිචාරය දක්වා ඇති ආශා ගැන නම් මම ගොඩාක් කණගාටුවනවා?මොකද අරවගේ හාමුදුරු කෙනෙක්ට අපේ හාමුදුරුවන්ව සමකරපු එක ගැන මට ගොඩක් ලජ්ජයි. මොකද මම ගමේ කෙනෙක් නිසා මම ඇත්ත දන්නවා. (ස)
මනුස්ස කම තියෙන තැන ආගම් භේධ නැහැ ගොඩාක් මිනිස්සු ඒක තේරුම් ගන්නේ නැහැ . එක්කෙනෙක් දෙන්නෙක් කරන නොහොබිනා වැඩ තමා රටටම සාපයක් වෙලා තියෙන්නේ (දී)
නිවන් සුව හිමියනි සමගියට ගොඩාක් සතුටුයි (දී)
මේ අපේ හාමුදුරුවෝ උපයා ගත්තා වූ අමිල වත්කමයි. එය වත්මන් තත්වයට මහඟු ආදර්ශයකි. එපමණක් නොව උන්වහන්සේ තුළ පැවති සරල දිවි පැවැත්ම දුටු කාගේත් නෙතට කඳුළු නැඟුනා. එය ඊටත් වඩා ආදර්ශයක්. ඔබ වහන්සේ අජරාමර නිවනින් සැනහේවා!!!! (නි)
ඕන කෙනෙකුට තමුන්ගේ මතය මෙතන ප්‍රකාශ කරන්න පුළුවන්. ඒකම විතරයි හරි, ඒකම විතරයි සර්ව සාධාරණ ,ඒකම විතරයි මේ ලෝකේ තියෙන එකම ඇත්ත කියලා හිතාගෙන අනුන්ගේ මතවල ඇදකුද හොයන අය ප්‍රසිද්ධියේ පෙන්වන්නේ තමුන් ඉන්නේ කොයිතරම් පහල තැනකද කියන එකයි. මෙතන දාලා තියෙන ඒවා නම් මොනවද මහත්වරුනි, ඒ කාලේ හිටපු චිංචි මානවිකාව වගේ බුුදුන් වහන්සේට අපහාස කරපු චිංචි මානවකයොත් අද ඉන්නේ. ආගමික සමගිය නැතිවෙන්න නම් ඒ අය ප්‍රසිද්ධියේ කියවන විකාරම මදැයි (නදී)
ලෝකේ ඕනෑම ආගමක් අදහන්න ඕනෑම කෙනෙකුට අයිතියක් තියෙන්න ඕනේ (දී)
මෙන්න කොහොමද කෙනෙක් ජිවත් විය යුතු එකට උදාහරණ (දී)
''සංජීව'' ඔයා හරි. ඔහොම තමයි පාසල් යන කාලේ වෙන වෙන ගමන් ගියාම හරියට දෙයක් තේරුම් ගන්න හැකියාවක් නැ ආශාටත් පාසල් අද්‍යාපනය මග ඇරිලා..නැත්නම් මේ වගේ දේවල් ලියන්නේ නැ.(දී)
සියලු ආගම් දර්ශන ඉදිරියේ අපි මනුෂ්‍යයන් වෙමු ! (නි)
හිමිනමගේ වියෝව ගැන අපගේ බලවත් කණගාටුව. එත් අනේ මේ හාමුදුරුවොත් වටරැක හාමුදුරුවන්ට සම්බන්ධකම් තියෙන කෙනෙක්වත්ද දන්නේ නෑ නේද(දී)
මම දන්නා තරමින් නම් ජාතිබේදය අව්ස්සන්නේ කිසිම දෙයක් නොදන්න සමහරක් නේද? (නදී)
මුලින්ම මා මෙහි අදහස් ලියපු මුස්ලිම්-සිංහල සහෝදරයන් සියලු දෙනාට ගෞරවනීය ප්‍රසංශාව පුද කරමි. මෙම පුවතින් බිඳුණු සිත් යලි එක් කර ලීමට ලංකාදීප මාධ්‍යටත් හැකියාවක් තිබෙන බවට ඔප්පු කර තිබෙනවා. කවදාත් මෙන් සත්‍යා හොඳ අදහසක් පළකර තිබෙනවා. (දිල්)
අපිට ඕනි මෙන්න මෙන්න මේ වගේ මුස්ලිම් සහෝදරයෝ (දිල්)
ආශා ගැන විස්තර මොකටද අපිට අපිට වැදගත් එයා කියන එයා දරන මතය විතරයි (දී)
අපවත් වී වදාළ අඹේපුස්ස සුමංගල හිමිට නිවන්සුව පතමි. ලංකාදීප එසැණ පුවත් මෙම පුවත ජායාරූප සමඟ පළකිරීම පිලිබඳව සතුටුවෙමි. මේ තත්වය මුළු රටටම උදාවේවා කියා පතමි. (දිල්)
සැමදා අපි සමඟියෙන් සිටිමු (නි)
මෙතන රවිඳු කියන කෙනාගේ අදහස් වලින් මට නම් පෙනෙන්නේ තර්ජනාත්මක බවක්. ආශා, ඔබේ කවුරු වුණත් අපිට ප්‍රශ්නයක් නැහැ. සියලුම දෙනාට මෙතන අදහස් පළ කරන්න ඉඩ ලබා දීලා තියෙන්නේ. (නි)
අපේ හාමුදුරුවෝ අපේ රටේ බොහොමයක් හාමුදුරු වරුන්ට ඇත්තෙන්ම ආදර්ශයක්.මන්දයත් අපේ ලොකු හාමුදුරුවෝ වැඩ කරේ ජාති ආගම කුල මල ගැන හිතල නෙවෙයි,,මනුස්ස කම ගැන හිතලා අපේ ලොකු හාමුදුරුවන්ට අමා මහා නිවනම ලැබේවා....!!!(දිල්)
අපේ ලොකු හාමුදුරුවන් වහන්සේගේ වියෝව ගැන අදහස් පල කල හා කණගාටුව ප්‍රකාශ කල සිංහල මුස්ලිම් සියලු සහෝදරත්වයට මගේ ප්‍රණාමය පුදකරමි.ආගම ජාති මුලික කරගෙන වාද විවාද , ගැටුම් ඇති කරගන්න උත්සහ දරන අපේම සමහර මිනිස්සුන්ට උන් වහන්සේ හොද ආදර්ශයක්. (දී)
සන්ඝයා වහන්සේලා දේශපාලනය කිරීම තහනම් කරන්න (දී)
දේශපාලනය හා මිත්‍රත්වය වෙනස් ය. මිත්‍රත්වය නැතිවන්නේ ....දේශපාලනය නිසාය,,, (දී)
අපවත් වෙලා අවසන් ගමනේදී පවා උන්වහන්සේ හොඳ දහම් පණිවිඩයක් දීලා නේද සමුගත්තේ? අපි සැමදා සමඟිව වෙසෙමු. (නි)
මහනුවර මීරම් මක්කම් පල්ලිය තියෙන්නේ අස්ගිරියේ පන්සලේ ඉඩමක කියලය අපි අහල තියනවා,.... සිංහලය කවදත් එකිනෙකා හා සමගිව හිටිය .. හැබැයි ඉතින් ඒ හොද හිතින් අයුතු යෝජනා ගන්න ගියාම තමයි මේ හැම ප්‍රශ්නෙම ඇතිවෙන්නේ ...එක අපි හැමෝම තේරුම් ගන්න ඕනි (දී)
'පිල්ලි' නෝනාට මේවා පෙනෙන්නේ නැද්ද දන්නෙ නැහැ (නි)
මගේ ඇසටත් කඳුළු ඉනුවා (නි)
ආදර්ශමත් දිවියක් ගත කල අපේ හාමුදුරුවන්ට අමා මහා නිවනම ලැබේවා. (දී)
නිවන් සුව අත් වේවා අපේ හාමුදුරුවන්ට (දී)
අපි සැමදා සමගියෙන් සිටිමු (නි)
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා! (නි)
ජනසමාජයටම පාඩමක් තියෙනවා මේ පින්තුරය තුල (දී)
රවිඳු , මම මගේ ස්වාධීන අදහස් ප්‍රකාශ කළා. එච්චරයි. (නි)
මේ රටේ මිනිස්සු ජාතිවාදී නැහැ. ඒවා ඇති කරන්නේ දේශපාලකයෝ තමන්ගේ වාසියට. පුවත කණගාටුදායක උනත් මෙවැනි සමගිය දකිනකොට හිතට සතුටක් දැනෙනවා. උන්වහන්සේට අමාමහ නිවන ප්‍රර්ථනා කරමි! (ස)
මේ හාමුදුරුවො ගොඩාක් වාසනාවන්තයි. මොකද උන්වහන්සේගේ සමුහැනීම වෙලාවේ ජාතියක්,ආගමක් නොබලා මිනිසුන් හදවතින් හඩනවා. ඉන්න ටිකේ හොඳින් හිටියා නම් මේ වගේ අවසන් ගමනේදී බොහෝ පිරිසක් ළඟ සිටීවි (නි)
ආගමට ධර්මයට අපහාස නොකළ,මිනිස් සමාජයට සහ සත්ත්ව සමාජයට සේවය කළ මෙම නාහිමියන්ට නිවන් සුව ලැබේවා!!! ආගමික නායක උත්තමයෙකු ගෙන් ඉටුවිය යුතු නියම සේවය ඒ සමාන අනෙක් සියලුම නායක තුමන්ලාත් සාමාන්‍ය අයත් උගෙන ගනිත්වා!! මෙවැනි ආදර්ශ හුවා දක්වන මාධ්‍යයන්ට අපගේ උපහාරය. (ස)
මේ වගේ ප්‍රසිද්ධ මහජනයා කියවන කතිකාවතක නිතර කතාබහට ලක්වෙන අර්බුද ගැන අදහස් පළකරන විට තමන්ගේ කට පරිස්සම් කරගන්න ඕනෑ රවිඳු. විශේෂයෙන්ම කාන්තාවන්. සමහරුන්ගේ කට හොඳ නැතිකම නිසාත් ජාතික ප්‍රශ්න උද්ගත වෙන්න ඉඩ තිබෙනවා. (නි)
කවුද මේ උදය කියල අදහස් දමල තියන ආශගේ විස්තර හොයන කෙනා (දී)
මෙලොව හැර ගිය කෙනෙකුට තමන්ට කෙරෙන චෝදනාවකට පිළිතුරු දෙන්න බැහැ. ඔය මුලින්ම අදහස් දැමු කෙනාට ආවඩන උදවිය ඒ ටික අමතක කරලා , අදහස් ලියන සෙස්සන්ට ගෙම්බර් පාට් දානවා. (නදී)
අවමඟුලකදී , විශේෂයෙන් පුජ්‍ය පක්ෂයේ ගරු කටයුතු හිමි නමකගේ අපවත්වීමකදී , ඒ අවස්ථාවට සුදුසු ලෙස සදාචාර සම්පන්නව ශෝකය ප්‍රකාශ කළ යුතු වීම නිවටකමක් ලෙසිනුයි සමහරු සළකන්නේ. අනේ රටට ගිය කල! (නි)
ජාතිය වැඩක් නැහැ. මනුස්සකම උතුම්, මොන ආගමක් මොන ජාතිය උනත් මනුස්සකම පෙරට. (ස)
චම්පික ගේ අදහසට කාන්තාවක් ලෙස මම එකඟයි. මට නම් එහි කිසිම පිම්බිල්ලක් පේන්නේ නැහැ . සමහරු සාරි පොටවල් වල එල්ලිලා ඉන්න බව නම් පේනවා.(දී)
අනුකම්පාව, මානව දයාව,මෘදු බව වගේ ගුණාංග අපි තුල උපරිමයෙන්ම තියා ගන්න එක හොඳයි. ඒත් ඕවත් විකුණන මිනිස්සු ඉන්න සමාජයක අපි ජීවත් වෙන්නේ. කොළඹ හිඟන්නෙකුගේ දවසේ ආදායම රු 6000 යිලු. හිතා ගන්න මාසික ආදායම සමහර අයට ගෙවල් 2 ,3 වාහන 2 ,3 තියෙනවලු. සල්ලිත් පොලියට දෙනවලු. ඒත් හිඟා කනවා . ඇයි ඒ? පුරුද්දටද? නෑ. අපි තුල තියෙන අනුකම්පාව, මානව දයාව,මෘදු බව මෙයාල හොඳ ව්‍යාපාරයක් කරගෙන ඉන්න හින්දා. අපේ අල්ලපු ගෙදර මනුස්සයා හොඳ ඇති. ගමේ ඉන්න මිනිස්සුත් හොඳ ඇති. ඒකෙන් විතරක් මුළු රටේම /මුළු ලෝකෙම මිනිස්සු හොඳයි කියලා හිතනවා කියන්නේ අපි හරියට ළිදේ ඉන්න ගෙම්බෝ වගේ කියන එකයි (නදී)
රවිඳු, ගිහි මළ ගෙදරක්, පුජ්‍ය පක්ෂයේ අපවත්වීමක් වුණාම ජාති ආගම බේද නැතුව මිනිසුන් එකතු වෙන්නේ නැද්ද? මේක අපේ රටේ පුරාණයේ ඉඳලා තිබෙන සිරිතක්. ආශාගේ වචන දුටුවාම මට ලැජ්ජයි (නි)
සිදුහත් කුමරු බුදු වීමෙන් පසු, මගධ රාජ්යේදී මිබ්බිසාර රජු හමුවුන අවස්ථාවේදී, රජු බන අසා පැහැදිලා, යෝජනාකලා "මම ඉන්දියාවම සක්විති රාජ්‍යක් බවට පත් කරලා බුද්දාගම මුළු ඉන්දියාවේම පතුරුවන්නම්" කියලා. එවිට බුදු හාමුදුරුවෝ එය ප්‍රතික්ෂේප කරලා දේශනා කලේ ආගම රාජ්‍යට සම්බන්ද කරගන්න එපා. එය මහා සන්ගයා විසින් ජනතාවට කරුණු පැහැදිලි කරලා කරන කටයුත්තක් කියලා. මෙයින් පෙනෙන්නේ ආගම දෙසපාලනයෙන් ස්වාදීන විය යුතුයි කියන අදහසයි. (දී)
රවිඳු , ඇයි ජීවත්ව ඉන්නකොට ඔවැනි දේ කෙළින්ම නොඇසුවේ? (නි)
ඔබට සමහරවිට පිළිගන්න අමාරුවෙන්න පුළුවන් මම මේ කියන කාරණය. පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මම දන්නා මුස්ලිම් මහත්මයෙක් ඉන්නවා. බෞද්ධ දහම් පාසල් ගුරුවරයෙක් වශයෙන් 1986-90 කාලයේ බෞද්ධ දරුවන්ට අධ්‍යාපනය ලබාදුන්නා. වර්තමානයේ පාසල් ගුරුවරයෙක් වශයෙන් බෞද්ධ සංස්කෘතිය උගන්වනවා. ඒත් එතුමා තමන්ගේ ඉස්ලාම් ආගම ඇදහීමට මේදේවල් බාධාවක් කරගෙන නැහැ. ආගම කියන්නේ මනුස්සකමට වඩා පහළින් තියෙන දෙයක් බව අපි කව්රුත් තේරුම් ගත්ත දාට මේ ප්‍රශ්න ඇතිවෙන එකක් නැහැ. (දී)
අළුත්ගම-බේරුවල සිද්ධියේදී ආශාට හරි එයාගේ පවුලේ කෙනෙකුට හරි ලොකු හානියක් අසාධාරණයක් වුනාද කියලා අපි දන්නේ නෑ. තුවාලේ තියෙන කෙනා විතරයි ඒකේ වේදනාව දන්නේ නමුත් මෙතන පෙන්වන සිද්ධිය ඒකට කොහෙත්ම සම්බන්ධයක් නැති එකක් නිසා ආශාගේ අදහස් දැක්වීම මෙතනට ගැලපෙන්නේ නෑ. වටරැක හාමුදුරුවෝ කරපු වැරදි වලට දැන් අත් අඩංගුවට අරන් ඉන්නේ, අළුත්ගමට බේරුවල සිද්ධියට වගකිව යුතු සමහර අය දැන් අත්අඩංගුවට අරන් තියෙනවා. ඒ නිසා ඒවා ගැන අදහස් දැක්වීම තේරුමක් නැති දෙයක් කියන එකයි මගේ නම් මතය. (නදී)
අපි එදා ඉඳලම එක කණ්ඩායමක් හැටියට තමයි හිටියේ. ඉදිරියට තවත් හොඳින් ඉඳිමු. සමගිය බලය වේ! (නි)
අපේ හාමුදුරුවරු වැඩ කරේ ජාති ආගම කුල මල ගැන හිතල නෙවෙයි බව ඇත්ත, නමුත් දැන් හාමුදුරුවරුට ජාතිය ගැන හිතන්න තත්වයට පත්කලේ කවුද? (දී)
උදය ජාති බේදය පතුරපු අයගේ වාසගම් හොයන්න උවනනාවක් නැද්ද? අපි නම් දන්නවා. (නදී)
මේ සිද්ධිය දැක්කම මට අපේ සෝම හාමුදුරුවන්ගේ අපවත්වීම මතක් වෙනවා. උඩ ඉන්න දෙවිවරුම තමයි දන්නේ අපේ සෝම හාමුදුරුවෝ අපිට නැති වුනාද නැති කරාද තියලා. එදා මුළු රටම ඇඬුවා . කහ කොඩියක් දාපු නැති තැනක් හොයා ගන්නවත් තිබුණේ නෑ. අපිට හිතන්න ගොඩක් දේවල් ඉතුරු කරලා මිත්‍රවරුනි සෝම හාමුදුරුවෝ අපිව දාලා ගියේ. (ස)
අප අතරින් වෙන්වී යන අපේ ගරුතර නායක හාමුදුරුවන්ට අජරාමර නිවන්සුව ලැබේවා .*** විදෙස්ගත මුස්ලිම් අප.සියලු දෙනාගේ සෝකය *** අපේ හාමුදුරුවන්ගේ සියලු ක්‍රියාවන් අනෙක් ආගම්වල සියලු දෙනාට මෙන්ම දැනට වැඩ වෙසෙන අපේ සාසනේ අයටත් .ඉමහත් ආදර්ශයකි .සැමට තෙරුවන් සරණ .දෙවි පිහිටයි (දී)
මිත්‍රත්වය කියන්නේ ඕකට (දී)
සුබා , එහෙම කියන්න බෑ. අසාධාරණයකදී හානියකදී කිසිම දෙයක් කතා නොකර අරක මේක ඇවිස්සෙනවා කියලා කට පියාගෙනම ඉන්න ඔිනද කවුරු උනත් , ඔයාට කවුරු හරි හැමදේම නැති කරලා මහපාරට ඇදලා දැම්මොත් ඔයා වචනයක්වත් කතා නොකර සදහටම ඒ කෙනාට මෛත්‍රී කර කර ඉන්නවද?නැහැනේ. සාධාරණ තරහක් කාට වුනත් ඇති වෙනවා. මොකද අපි රහත් වෙච්ච මිනිස්සු නෙවෙයිනේ. (ස)
මම දහම් පාසල් ගිය කලේ (1980-1988 ) අපිටත් හිටියා මුස්ලිම් ගුරුතුමෙක්. අපේ හාමුදුරුවන්ගේ හිතවතෙක් .(දී)
රවින්ද්‍ර ඔයා හරි. ඵල කරන අදහස් වලින් පුළුවන් ඒ අය සමාජයට වැඩදායක පුද්ගලයෙක්ද? නැද්ද? කියල තේරුම් ගන්න. (නදී)
උතුම් මනුස්සකම (දී)
මාධ්‍ය වාර්තාකරණය අගය කරනවා (නි)
හිමියනි මෙතෙ බුදුන් දැක නිවන් දකින්නට හේතු වාසනා වේවා (දී)
කෙනෙක්ගේ වියෝවකදී තවත් කෙනෙක්ගේ ඇස් වලින් කඳුලු එනවනම් ඒ දුක හන්දයි.දුකට සිංහල,දමිල,මුස්ලිම්,බර්ගර් කියල භේදයක් නෑ. (දී)
ඔන්න මම අඩනවා (නදී)
මනුෂ්‍ය කම තියන හොද හාමුදුරුවන් කෙනෙක් නැති වූ විට කොහොමටත්ම දුකයි . එය මුළු සමාජයට මහගු පාඩුවක්. එම හැමදුරුවන් නිවන් සැප ලේබේ වා.............. (දී)
ශියන්ත හරියටම හරි (දී)
මනුස්සකමට ජාති භේද නැත. (දී)
ලෝකයේ ඕනෑම ආගමක් අදහන්න ඕනෑම කෙනෙකුට අයිතියක් තියෙන්න ඕනෑ.ඒ ගොඩක් අහිංසකවයි (නි)
සමාදී, ඔයා වාගේ අය තමා රටේ ප්‍රශ්න ඇතිකරන්නේ (නි)
ලක්ෂපාන, ගෙදර හැදෙන සුනකයා ඒ ගෙදරට වැඩ දායක කෙනෙක් වෙන්නේ ගෙදර ඉතුරුවෙන ඉඳුල් ටික කාල, ගෙදර අයට නැට්ට වනල පිට අයට බුරන කොට තමයි. බල්ලොත් වැඩිපුර බුරන්නේ හිගන්නන්ට තමයි. දැන් ලංකික සමාජ චින්තනයත් එසේමයි. (නදී)
මේ ලෝකයේ ඉන්නේ එක ජාතියයි. ඒ මිනිස් ජාතිය (නි)
ජාතිවාදය, ආගම්වාදය නැති වේවා! (නි)
ලංකාවේ තවමත් හොඳ හාමුදුරුවෝ ඉන්න බව මේකෙන් පේනවා (දී)
ඔබ වහන්සේගේ අපවත්වීම විශාල පාඩුවක්. ඔබ වහන්සේට නිවන් සැප ලැබේවා ! (නි)
අපේ හාමුදුරුවන්ගේ ආදාහනය දවසෙත් ඊට කලින් දවස් වලත් අපේ මුස්ලිම් සහෝදරවරු, කෑම පාර්සල් කරගෙන ගෙනත් දුන්නා කියලා මේ අදහස් දැක්වූ කී දෙනෙක් දන්නවද?කොපමණ මුස්ලිම් සහෝදරවරුන් පිරිසක් අපේ හාමුදුරුවෝ රිදීගම රෝහල තුලදී අපවත් වූ බව දැන කදුළු හැලූවාද?ඇත්තටම කියනවා නම් මෙන්න මේක තමා අපේ මුළු රටේම තිබිය යුතු අපේකම...!!! (නි)
ජාති ආගම් නොසලකා ප්‍රදේශය වෙනුවෙන් අමිල සේවාවක් කල අපේ හාමුදුරුවන්ට නිවන් සුව.(දී)
හරිම සංවේදියි (නි)
මේ කඳුළු බින්දුව සැමටම ආදර්ශයක් වේවා ! (නදී)
අපිටත් කඳුළු ආව (දී)
මේ තත්වය මුළු රටටම උදාවේවා කියා පතමි. (නදී)
සහජීවනය කියන වචනයේ නියම අර්ථ ගැන්වීමයි මේ (දී)
ආශා, ඔයාගේ ජන්මය අපට ප්‍රශ්නයක් නෙමෙයි. කැත විදියට බලන්න එපා. රිදීගම ගොඩක් මුස්ලිම් අය ඉන්නවා ඒ අය බොහොම සහයෝගයෙන් ඉන්නේ. ඒකයි ඒ අය අඬන්නේ. (නි)
මනුස්සකමයි වැදගත් (දී)
ආදර්ශමත් දිවියක් ගත කල අපේ හාමුදුරුවන්ට අමා මහා නිවනම ලැබේවා.......(දී)
විදේශයක වසන අපි මෙවැනි ප්‍රවෘත්ති අසා අමන්දානන්දයට පත් වෙනවා.!! ශ්‍රී ලංකාවේ ජාතික සමගිය දිනේවා!!! (නදී)
හිමියනි මෙතේ බුදුන් දැක නිවන් දකින්නට හේතු වාසනා වේවා! (නදී)
අපි ඉපදෙනකොට අපි නිදහස් සත්වයින්..ජාති...ආගම්...කුල මල..මොනවත් නැහැ...නිදහස් සත්වයෙක්...ඊට පසුව අපෙන් අහන්නේ නැතිවම අපිව සිංහල දෙමල ..බුද්ධාගම් , ක්‍රිස්තියානි, මුස්ලිම්..කියලා ලේබල් ගහනවා...ජිවිත කාලයටම...උගත් මිතුරු මිතුරියනි...අපි ඔක්කොම මැරෙන තුරාවට සහෝදරත්වයෙන් ජීවත්වෙමු. ඒ පණිවිඩය අපේ ඊළඟ පම්පරාවටත් ක්‍රියාවෙන්ම පෙන්වමු. (නදී)
මෙය තවත් මිනිසකුගේ ඇසකි. (නදී)
කොච්චර සංවේදී පුවතක්ද? (නි)
ජනතාව අතරට ගෙන යා යුත්තේ මෙවන් උදාර චරිතයි. (නි)
සත්‍යා, ඔබ බොහොම හොඳ අදහසක් ඉදිරිපත් කළා. සිංහල ජනතාව අනිත් ජනවර්ගිකයින් සමග බොහොම සමගියෙන් බොහොම සුහදව , අපිට ආරක්ෂාව දී ගෙන, හොඳ සහෝදර බැඳීමකින් හිටියේ රජ කාලේ ඉඳන්. දැනුත් එහෙමයි. අපි මේ ලෝකේ ජිවත්වෙන්ට ඕනේ හොඳ මනුෂ්‍යයන් හැටියටයි. අපි යම් පුද්ගලයෙක් පාරක් අයිනේ වැටිලා ඉන්න වෙලාවක හෝ අනතුරකට පත්වෙලා, උදව් ඉල්ලන වෙලාවක හෝ අපි කවුරුත් අහන්නේ නැහැනේ මොන ආගමේද, මොන ජාතියේද කියලා. අපි හදන්නේ ඔහුට හෝ ඇයට උදවු කරන්නයි. ලංකාවේ මිනිස්සු කොයි තරම් සංවේදී ද කියන එක මෙයට හොඳම උදාහරණයක්. නරක ගති ගුණ ඇති අධර්මිෂ්ට පුද්ගලයින් කීප දෙනෙකු නිසා ලොකු විනාශයන් සහ සමගියට බාධා සිදුවෙනවා. එවැනි දේවල් අඩුවී නැතිවී යනවා නම් අපේ රට තවත් බොහොම සුන්දර රටක් වේවි. (නදී)
දේශයේ ජය මාවත සාමයයි .... ජාති ආගම් කුල මල බේද නොතකා පෙරටම යමු අපවත් වූ අපේ හාමුදුරුවන්ට නිවන් සුව අත්වේව (දී)
ජාතිවාදය, ආගම්වාදය නැති වේවා (දී)
ආශා, ඔබ කවදාවත් අවමංගල සභාවක නම් කතා කරන්න යන්න එපා. (නි)
හොඳ කෙනෙක් ඇසුරු කරන්න ජාතියක් ආගමක් වැදගත් වෙන්නෙ නැහැ (නි)
ආශා ඔබ යු ටියුබ් බල බලා ඉන්න . අපිට නම් දෙලොවටම වැදගත් වෙන්නේ සමගිය . (දී)
කසුන්, අපවත් වූ හාමුදුරුවෝ ගැන නෙමෙයිනේ බොහෝදෙනා මෙතන කතා කරන්නේ. (නි)
කෙලින්ම හෝ අනියම් අන්දමින් පුද්ගලයන් බේද බින්න කරවීම බුදු දහමේ හැටියට මහා පවක්. ආශා, අපි පළමුව බුදු දහමේ මුලික කරුණුවත් දැනගෙන පිළිපදිමු නේද ? (නි)
පාලකයෝ තමන්ගේ පැවැත්මට ඇතිකරන ජාතිවාදී වියරුවට නොරැවටී නියම ජනතා පාලනයක් උදෙසා ක්‍රියාත්මක වීමට මේ හොඳම කාලය වේ. (නදී)
ඇත්තමයි ජාතික සමගිය කියන්නේ ඕකට (දී)
මුස්ලිම් ජනයා හලාල්, ජිහාඩ්, ප්‍රතික්ෂේප කලදාට ඉබේම ජාතික සමගිය ඇතිවේවි. ඇයි ඊට විරුද්ධ නොවන්නේ. (නදී)
ලංකාවේ කිසිම ප්‍රශ්නයක් නැතුව මේ වගේම ජිවත් උනා මිනිස්සු (දී)
මේ විදිහ හොදයි (දී)
ආශා මම කැමතියි ඔයාගේ වාසගමත් දෙමව්පියන්ගේ වාසගමුත් දැන ගන්න අපිට පුළුවන් ඊළඟට කතා කරන්න (දී)
මේ වගේ පූවත් ලියන පළ කරන අයට මුළු මහත් ජාතියම ණය ගැතියි (දී)
ආශා, ඔයා ගැන අනෙක් අය අදහස් දමා තිබෙනවා බලන්න. ඔයා යූ ටියුබ් එකෙන් ලෝකය දිහා බලන්න එපා. මිනිස්සු ආශ්‍රය කරන්න. (නි)
එතකොට ටිරෝන්, ලක්ෂපානට විතරමද ඒ උදාහරණය කිවේ. තව ගොඩක් අයටත් හොඳින් ගැලපෙනවා ඒක. (දී)
හැම කෙනාටම මේක ආදර්ශයක්... (දී)
ජාතින් අතර සමගිය බිඳ වැටීමට ප්‍රදානම හේතුව දේශපාලනයයි. (නදී)
ඔයා හරි විපුල. (නදී)
පොඩි මිනිහාට වචනයක් වැරදුනාම ඒකම කියවනවා. ඒකම තමා නිවටයින් කීපදෙනෙක් එකතුවෙලා ආශාට කරන්නේත්. (නි)
ජාති වාදයක් තියෙනවද රටේ (දී)
ඇයි මේ තත්වය සියලුම තැන්වල නැත්තේ (දී)
අපවත්වීම ගැන ශෝකය පළකරන ගමන් සමහරු අළු යට ගිනි පුපුරු එළියට අදිනවානේ. (නි)