කුල දරුවකු මහණ කිරීමෙන් දින කිහිපයකට පසු සාමනේර හිමියන්ගේ පියා අනුරාධපුර සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානයට ආවේය.
තම කටුමැටි නිවහනේ තෙමෙන වහලයට සෙවිලි කැර ගැනීම සඳහා පන්සලෙන් ඉවත ලා ඇති සෙවිලි තහඩු දෙක තුනක් දිය හැකිදැයි ඉල්ලා සිටියේය.
පන්සලේ වහළයකින් ඉවත් කැර තිබු සෙවිලි තහඩු කිහිපයක් සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානාධිපති උතුරු මැද ප්‍රධාන සංඝනායක අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි නාහිමියෝ ඔහුට දුන්හ.ඔහුගේ බැගෑපත්බව දුටු නාහිමියෝ පසු ගිය දින සාමනේර කරුණු විමසා ඒ හිමියන්ද කැටුව අනුරාධපුරයට නුදුරු දේවානම්පියතිස්සපුර නිවසට වැඩම කළහ.
අතරින් පතර පොල්අතු රැඳි අහස පෙනෙන වහළත් වැස්සට සේදී ගිය වරිච්චි බිත්ති සැකිලි හා වළ ගොඩැලි සහිත ගෙබිමත් ඒ හිමියෝ දුටහ.
හදිසියේම ගෙපැලට වැඩිය නා හිමියන්ට පොඩි හාමුදුරුවන්ගේ මෑණියන් වන ප්‍රියන්තා සුදර්ශණී තම අසරණභාවය නොසඟවා කීවාය.
රෝගාබාධ තත්ත්වයකින් පසු වන පසු වන තම සැමියා වන ප්‍රියන්ත දසනායකට සැත්කමක් කැර ඇති බවත් මේ හේතුව නිසා ඔහුට වැඩක් පලක් කැරගත නොහැකි බැවින් දරු හතර දෙනකුගෙන් යුත් පවුල රැක ගැනීමට විඳින්නා වු වෙහෛසත් ,වැසි කාලවලට ගෙපැලට පිවිසිය නොහැකි බැවින් අසල් වැසි නිවැසියන් තමන්ට පිහිටවන ආකාරයත් ඇය හැඩු කඳුලින් පවසා සිටියාය.
රුපියල් ලක්ෂ දොළහකට වැඩි මුදලක් වැය කැර එම දරුපවුල වෙනුවෙන් ඉදිකරන ලද නිවසට ගෙවදීමේ චාම් උත්සවයක් ද පසුගියදා පැවැත්විණී.
බෝගමුවේ සද්ධාරංසි නාහිමියෝ එම නිවස එම දරුපවුලට බාර දුන්හ.
වාරිමාර්ග හා ජල කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය ඩබ් බී ඒකනායක මහතා මේ උත්සවයේ ආරාධිත අමුත්තා විය.
ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිය උදෙසා විශාල මෙහෙවරක නිරතව සිටින සද්ධාරංසි නාහිමියන්ගේ මේ සමාජ සත්කාරය මුළු රටටම ආදර්ශයක් බවද,එමෙන්ම දේවානම්පියතිස්සපුර පියරතන නමින් සසුන්ගත වු කුල දරුවාද මා පිය දෙපළද පෙර පිං ඇත්තන් බව ද ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ උතුරුමැද පළාතේ ප්‍රධාන සංඝනායක පොතානේ ධම්මානන්ද නා හිමියෝ එහිදී අනුශාසනාවක් කරමින් පැවසුහ.
ඔවුන් පෙර ජීවත් වු නිවස
විහාරාධිපති හිමියන් ඉදි කර දුන් නව නිවස
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නමෝ බුද්ධාය ! (නි)
රැඳෙන්නට හැකිනම් ළමා කැළ හඬන දෙතොලඟ සිනාවක් වී... පිපෙන්නට හැකිනම් තුඩින් තුඩ නෙළාගත හැකි වන මලක් වී... නිදන්නට හැකිනම් දෙනෙත් තුළ සැබෑ වන සුබ සිහිනයක් වී... ගැයෙන්නට හැකිනම් දොරින් දොර ලොවම පුබුදන ගීතයක් වී... (නි)
බුදු පුතෙක් කළ උතුම් මෙහෙවරක්. ඔබ වහන්සේට තෙරුවන් සරණයි! (නි)
නියම බුදු පුත්‍රයන් තවම ඉන්නවා අපේ රටේ (නදී)
මහත්ඵල, මහානිසංස දෙන මහා පින්කමක්.බෝසත් චරිතයක් (නි)
මේවා හොඳ ආදර්ශ (නි)
සාධු සාධු සාධු!!! (නි)
හොඳ පින්වත් වැඩක්. ඔය අලුතින් බිභිවෙන යම් යම් සංවිධාන වල හාමුදුරුවරුත් මේවා ආදර්ශයට ගත්තොත් හොඳයි. (නි)
අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි! (නි)
හාමුදුරුවරු මිනිසුන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන එක ගොඩක් හොඳයි. මොකද පන්සලේ හාමුදුරුවරුන්ට මේ වාගේ දෙයක් කරන්න පහසුයි. හාමුදුරුවන් පිළිබඳ හොඳ විශ්වාසයක් ගම්වැසියන් අතර තියෙනවා (නි)
මේවා තමයි නියම පුණ්‍ය කටයුතු... (නි)
ස්වාමින් වහන්සේ නමක් මෙහෙම දෙයක් කළා කියන එකම කොච්චර වටිනවද? (නි)
අපේ අයට අපි උදව්වට ඉන්නවා නම් අපිට ජීවිත ජය ගන්න පුලුවන් (නදී)
ඔබ වහන්සේ මෙ කළ පින සෙසු ස්වාමීන්වහන්සේලාටත් හොඳ ආදර්ශයක්.(නදී)
මහත්ඵල මහානිසංස ලැබෙන උතුම් සද්ක්‍රියාවක්. ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවයෙන් චිරාත් කාලක් වැජඹේවා! (නි)
ඔබ වහන්සේ අපේ කාලයේ උතුම් සග රුවනක් . (දී)
ඉතාමත් යහපත් ක්‍රියාවක්. සියලුම බෞද්දයන්ට ආදර්ශයක් (නදී)
මතු බුදුවේවා අපේ හාමුදුරුවනේ! (නි)
ඔය වගකිවයුත්තන්ට මෙච්චර කලක් ඕක පෙනුනේ නැද්ද හැබෑටම? හාමුදුරුවන් වහන්සේට සසර වසන තුරු දිව්‍ය මාළිගා සැප සම්පත් ලැබෙන පිනක්. (නි)
ඔබ වහන්සේ සංඝ පරපුරටම ආදර්ශයක්. ඔබ වහන්සේට තෙරුවන් සරණයි! (නි)
කෝ මේ බොදු බල සේනාව (දී)
දිර්ඝායුෂ අපේ හාමුදුරුවන්ට. හැබැයි අපේ හාමුදුරුවන්ගේ සමහර දායක පිරිස් කැමති නැතුව ඇති මේ වගේ පුණ්‍ය කර්ම වලට. නමුත් ඔබ වහන්සේ කරන ලද මේ පුණ්‍ය කර්මය ජාති ජාතිත් පින් පළදෙනවා. (නි)
සාධු සාධු සාධු!! (නි)
පන්සල්වලට මිනිසුන් සද්භාවයෙන් බොහෝ දේ දන් දෙන මුත් මිනිසුන් ගැන මෙලෙස අනුකම්පාවෙන් බලන හිමිවරු ඉතාම විරලයි. ඔබවහන්සේගේ මේ සත්කාරය සියල්ලන්ටම ආදර්ශයක් වේවා! උතුම් ක්‍රියාවක්! (ස)
ලොකු පිනක්. (ස)
මේ කළ පිනම ඇති ඔබ වහන්සේට මතු බුදු වන්නට (නි)
ඔන්න කරනවා නම් වැඩ (නි)
සාදු සාදු සාදු (දී)
රහතන් වහන්සේ නමකට වදින්නා සේ මම ඔබ වහන්සේගේ දෙපා නමදිමි. (දී)
අාදර්ශවත් සත් ක්‍රියාවක්. මෙවැනි උපකාර තවත් කරන්න වාසනාව ධෛර්ය මේ හිමියන්ට ලැබේවා... (ස)
ගොඩක් පින් (දී)
බොහොම පින් සිදුවෙනවා හාමුදුරුවනේ. මම වැඩ කරන තැන සහෝදර සේවක පිරිස සමඟ මෙවැනිම ගෙයක් අපිත් හැදුවා, කළුතර දොඩන්ගොඩ ප්‍රදේශයේ. (නි)
හදවතින්ම සතුටු වෙනවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව වර්ධනය වේවා! (නි)
බුදු දහමේ අරුත තේරුම්ගත් හිමිනමක්. (නි)
මහා පින්කමක්! (නි)
සාධු! සාධු!!ලොකු පින්කමක්.කෝ දැන් අර හාමුදුරුවරුන්ට මඩ ගහන පාපතරයන්? (නි)
ගිහි පැවිදි දෙකොටසටම මනා ආදර්ශයක් ඔබවහන්සේ දුන්නේ.විශේෂයෙන් සමහරෙක් හාමුදුරුවන් වහන්සේලාට වඩා උතුම් මේ පරමාදර්ශය. (දී)
ඉහලම පින්කමක් කල ඔබ වහන්සේගේ පාදය මම නළල් තලයෙන් වදිමි. (දී)
ඔබවහන්සේලා වැනි බුද්ධපුත්ත්රයන් වහන්සේලා මතුවටත් වාසනාවන්....වාසනාවන්.....වාසනාවන්....(දී)
පන්සල්වලට මිනිසුන් සද්භාවයෙන් බොහෝ දේ දන් දෙන මුත් මිනිසුන් ගැන මෙලෙස අනුකම්පාවෙන් බලන හිමිවරු ඉතාම විරලයි. ඔබවහන්සේගේ මේ සත්කාරය සියල්ලන්ටම ආදර්ශයක් වේවා! උතුම් ක්‍රියාවක්! සාදු සාදු සාදු !!!!!!!!!!!(දී)
බොහොම හොඳ වැඩක් (නි)
අසරණයන්ට පිහිටවීම උත්තම ගුණයකි. කාලයකට පසුව උසස් සඟරුවනක් දැක්කෙමි .සාධු ! සාධු !(දිල්)
ඔබ වහන්සේට මෙම පුණ්‍ය කර්මය නිවන් පිණිසත් නිවන් දක්නා ජාති දක්වා ආරාම, සෙනසුන් ලාභය පිණිසත් හේතු වේවා. (දිල්)
බොරුවට පුරාජේරු කතාකරන අයට වඩා, අති උතුම් නිවන් දකින පින් මේවා (නි)
අපට බුදු සසුනේ පිහිට හැර අන් කුමන පිහිටක්ද? (නි)
කොලොම්පුරේ අප ඉන්නා ඉසව්වට - නොමැත මෙවන් පිං බර දසුන් දකින්නට - ඉඩකඩ නොමැත අපහට පිං අරගන්ට - පතනෙමු චිරජීවනය! පින්බර අපෙ හිමිට. (දී)
මෙවැනි සද්ක්‍රියාවක් කළ ඔබ වහන්සේට තෙරුවන් සරණයි! (නි)
ඔබ වහන්සේ නිවන් දැකල ඉන්නේ ..මේක අනිත් හිමිවරුන්ටත් ආදර්ශයක් ..සාදු! සාදු!! සාදු!!! (දී)
සමහර පන්සල්වල අදායම රුපියල් ලක්ෂ ගණන් නමුත් මේවගේ පින්කම් දකින්න ලැබෙන්නේ නැහැ මේවගේ හිමිවරු හැම තැනම් සිටි නම් මේ රට පින් ඇති රටක් වෙනවා සිකුරුයි . මෙවෙනි හිමිවරු තව තවත් පහල වේවා. ඔබ වහන්සේට පින් පින් සදු!!සාදු!!(දී)
වචනයේ පරිස්මාප්ත අර්ථයෙන්ම මේ නම් නියම බුද්ධ පුත්‍රයෙක්. වාසනා වේවා මෙවැනි දෙවිවරුන් තවමත් අපි අතර ඉන්න එක ගැන (නි)
මෙවැනි හිමිවරුන් බොහොමයක් රටට විශාල සේවයක් කරනවා. (නි)
මේවා තමයි සැබවින්ම පින්කම්....ඔබ වහන්සේට තෙරුවන් සරණයි! (දී)
මෙන්න මේවා තමයි පින් කියන්නේ. කවදා හෝ නිවන් අවබෝධ වේවා මේ උත්තම හාමුදුරුවන්ට! (නි)
බුදු සසුන බැබළෙන්නේ මේ වගේ අය නිසයි. ඉතාමත් උතුම් ක්‍රියාවක්. මම සුභ පතමි. (නි)
ඔබ වහන්සේට බොහෝ පින්. වචනයෙන් නොව ක්‍රියාවෙන් සිල්වත් බව ඔප්පු කිරීම මහඟු පිනක්. ලොවට ආදර්ශයක්. (නි)
ඔබ වහන්සේගේ සියලු බලාපොරොත්තු සඵල වීමට මේ පින හේතු වාසනා වේවා !!! (නි)
අපේ නාහිමියන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි! තවත් මෙවැනි සත්කාර කිරීමට හැකිවේවා! (නි)
අලුත්ගම බෝගමුවේ කෙනෙක් හෙටියට අපිට හරි ආඩම්බරෙය්.අපේ ආගමට ගරු කරන්න මිනිසුනේ! (දී)
ඔබ වහන්සේට තෙරුවන් සරණයි!(දී)
ඔබ වහන්සේට තෙරුවන් සරණයි! (නි)
මේවා තමයි නියම පින්කම් (නි)
සිරි සඟබෝ විහාරය විශාල ශාසනික මෙහෙවරක් කරනවා. (නි)
මෙවන් බුදුපුතුන් අද කාලයේ විරලය. ඔබ වහන්සේට තෙරුවන් සරණයි! (නි)
ඇත්තෙන්ම විශිෂ්ට කාර්යයක් (නි)
ලොකු පිනක් ඔබවහන්සේ කරගත්තේ (නි)
තව තවත් මෙවැනි දේ කරන්නට ශක්තිය ලැබේවා! (නි)
ඉතාම වටිනා ක්‍රියාවක්. ඉදිරියටත් යහපත් දේ කිරීමට ශක්තිය ලැබේවා! (නි)
ස්වාමින් වහන්සේට මගේ බැතිබර වන්දනාව! මෙන්න නියම අයුරින් ශාසනය රක්ෂා කරන පුජ්‍ය පක්ෂය. (නි)
සාධු සාධු සාධූ!!! (නි)
මෙන්න පෙරුම් පුරන බෝසත්වරුන් (නි)
ඔබ වහන්සේට තෙරුවන් සරණයි! (නි)
ඔබ වහන්සේ කළේ ලොකු පිනක් (නි)
මෙවන් හිමිවරුන් තමයි ශාසනයට අවශ්‍ය වන්නේ (නි)
ඔබ වහන්සේට තෙරුවන් සරණයි! (නි)
බුදු මඟ යන සිලවත් හිමි නමක් (නි)
බලන්න හාමුදුරුවන් දෙස. මොනතරම් සරලද? (නි)
සාදු,සාදු.සාදු. බුදුන් වැඩිය මග ඔස්සේ යාමකි. නිවන් සැප ලැබේවා... (දී)
මෙන්න නියම ආදර්ශවත් හාමුදුරුවරුන්. බුදු දහම රැකෙන්නේ මේ වගේ දේවලින් (නි)