ජනාධිපති ආරක්ෂක අංශයට අනියුක්ත කර සිටි හමුදා පිරිස් අප්‍රේල් 30 වැනි දා සිට ඉවත් කර ඇතැයි යුද හමුදා බ්‍රිගේඩියර් ජී වී රවිප්‍රිය දන්වා ඇත.
යුද හමුදා මූලස්ථානයේ උපදෙස් මත එම හමුදා පිරිස් විසුරුවා ඔවුන් මුලින් සිටි හමුදා ඒකක වෙත මුදා හැර ඇතැයි ද ඔහු කියයි.
ජනාධිපති ආරක්ෂක අංශයේ හමුදාවේ 1200ක් සිටියහ.
මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය ජනවාරි අට වැනි දා ජනපති වීමෙන් පසු ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් සිටි ප්‍රමාණය බෙහෙවින් අඩු කළේය.
මහින්ද රාජපක්ෂ හිටපු ජනපති සමයේ යුද හමුදාව ද බහුල වශයෙන් ජනාධිපති ආරක්ෂක අංශයට යොදා ගනිමින් 3000කටත් වැඩි පිරිසක් ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්ත කර ගනු ලැබ සිටියහ.
ජනාධිපති සිරිසේන මහතා අඟුනකොලපැලැස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රැස්වීමකට සහභාගී වෙමින් සිටිය දී නාමල් රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට ගිය බව කියන හමුදා කෝප්‍රල්වරයෙක් අවියක් සමඟ සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත් විය.
ඔහු ජනාධිපති ආරක්ෂක අංශයට බාර දුන් නමුත් ඔහු මුදා හැර තිබිණි.
මාධ්‍ය මගින් මේ පුවත වාර්තා වීමත් සමග රහස් පොලිසිය පරීක්ෂණ අරඹා එම කෝප්‍රල් රිමාන්ඩ් කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දෙවරනා ට්‍රයි එක එහෙත් මෛත්‍රී නිදි එදාත් අනුර කුමාර දිසානායක ඉතා පැහැදිලිව කියාසිටියා රාජපක්ෂ අඩියක් පස්සට ගත්තට , ඒක උපක්‍රමයක් විතරයි කියල කනකට ගත්තේ නැහැ ඊලගට මේක එයාගේ මිනී මරුවෝ මාන බලන් ඉන්නේ , ජවිපෙට දෙන්න ආරක්ෂක ඇමති කමයි , මුදල් ඇමති කමයි කරලා පෙන්වන්න (බ)
ඒක හොදයි.(හේ)
දැන් අපේ සෙබළුන්ට කුලී වැඩ කරන්න ඕනේ නෑ.(හේ)
ඉතිහාසයේ සිදුවූ විශාලතම පාවාදීම මෙය විය හැකියි. වර්තමාන ජනාධිපතිතුමාට නැතුවට, තස්තවාදය අවසන්කළ හිටපු ජනාධිපතිතුමාට විශාල ජීවිත තර්ජනයක් බෙදුම්වාදීන්ගෙන් තිබෙන බව මුළු ලෝකයම දන්නවා. එවැනි විටක රට බේරාගත් නායකව මෙසේ අනාරක්ෂිත කිරීම ඉතාමත් අවාසනාවන්ත සිදුවීමක්. (අ)
ජනපතිගේ ආරක්ෂාවට තර්ජනයක් වෙයිද දන්නේ නැ දැන් (ම)
කිසිම දවසක මෛත්‍රී ජනපතිට කරදයක් වෙන්නේ නැත . සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙනවා. මිනිසුන් ඔහුට අවංකවම ආදරෙයි .(ත)
වත්මන් ජනාධිපතිතුමාට මොන තර්ජනද? (ත)
සුනිල්, ඔබගේ කියමන ඇත්තයි. "මිනිසුන් " ඔහුට අවංකවම ආදරෙයි. නමුත් බලයට කෑදර "නොමිනිසුන්" කොට්ඨාශයක් අපේ රටේ ඉන්න බව අමතක කරන්න එපා. (නදී)
ආදරේ එල්.ටී.ටී. එකද? (නදී)