(රංජන් කස්තුරි)
ඇමැතිකමින් අස්වී යළි යුද හමුදාපතිකම හෝ සියලු ආරක්ෂක අංශවල නායකත්වය බාර ගන්නා ලෙස ජනාධිපතිවරයා ඊයේ කැබිනට් මණ්ඩලයේ දී ඇමැති සරත් ෆොන්සේකා මහතාගෙන් ඉල්ලීමක් කළ බව කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පැවසීය.
ඇමැතිවරයා ඒ බව කීවේ ජනමාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
ජනාධිපතිවරයා එලෙස ඉල්ලා ඇත්තේ රටේ ඇතිවී තිබෙන උද්ඝෝෂණ රැල්ල පාලනය කිරීමට සහ විනය සකස් කිරීම සඳහාය.
ඊට පිළිතුරු දෙමින් සරත් ෆොන්සේකා මහතා පවසා ඇත්තේ නිසි බලතල ඇතිව දෙන්නේ නම් තමා එය බාර ගැනීමට සූදානම් බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ තීරණයක්. හැබැයි මිලිටරි බලය පහුගිය රෙජීමය වගේ අවභාවිත නොකර බහුතර ජනතාවගේ සුබසෙත වෙනුවෙන් යොදවන්න.
නියමයි , පමාවෙලා හරි හොඳ තීරණයක්.
දැන් නැවතත් අපේ රටට ඔබ වැන්නෙකුගේ සේවය අවශ්‍යම වෙනවා. ජනාදිපති තුමා ගත්ත හොද නැණවත් තීරණයක්.
හමුදාපතිකම පමණක් නොවේ, පොලීසිය භාර, අධිකරණ, මුදල් යන ඇමතිකම් වලත් වෙනස්කම් සිදුවිය යුතුයි.
ලංකාවේ පහුගිය කලේ තිබ්බ ඔක්කොම වගේ වර්ජන වල සේවක වෘත්තිය අයිතීන් වෙනුවෙන් කරපු වැඩ වර්ජන වලට වඩා දේශපාලන අරමුණු වෙනුවෙන් කරපුව කියල පැහැදිලිව පේනවා ඉතාම හොද තීරණයක්
මේ පුවතත් එක්කල බොහෝ දෙනෙක් තිගැස්සෙයි වගේ.
හොදයි
1. උද්ඝෝෂණ රැල්ල පාලනය 2. විනය පාලනය 3. තැන තැන කුණු දැමීම පාලනය( මිනිසුන් සහ රජය) 4. මදුරු පාලනය (ඩෙංගු, මලේරිය ) 5. පාරවල්වල අනතුරු පාලනය 6. මත් කුඩු පාලනය 7. පාතාලය පාලනය 8. රජයේ ආයතනවල පගා ගැනීම පාලනය 9.මාධ්‍ය පාලනය( ඉන්දියන් නාටක,දේශපාලන ගැටෙන කතා ) 10. පාර්ලිමේන්තු විනය සහ අධික වියදම් පාලනය
මිනිස්සු ආසාවට උද්ඝෝශන කරන්නේ නෑ. මිනිස්සුන්ට ඕනෑ ප්‍රශ්ණ වලට විසදුම් මිසක් පාලනය කරන්න නිලධාරියෝ නෙවෙයි.
වැදගත් යෝජනාවක්. එය එසේම සිදුවෙයි යයි අප බලාපොරොත්තු වෙනවා.
එකට නම් කමක් නැ රටේ ආරක්ෂාව හා ජාතික ආරක්ෂාව ආරක්ෂා කිරීම සදහා එතුමා වැනි හොද නායකයෙක් හොද පළපුරුදු හමුදා නිලදාරියෙක් ගැලපෙනවා නමුත් ඒ තනතුරු ලබාගෙන අතීතයේ සිදුවූ දේ වෙනුවෙන් කිසිවෙකුගෙන් පලිගන්න හදන්න එපා මොකද බල්ලෙක් මිනිසේව සපා කැ පමණින් මිනිසෙක් කිසිවිටක බල්ලෙක්ව සපාකන චර්යාවක් මිහිතලයේ නැති නිසාවෙනි යම් කෙනෙක් තවකෙකුට යම් අසාධාරන හා අවිනීත පහත් ක්‍රියාවක් කලානම් ඔහුට තම දිවි නිම කිරීමට පෙර ඒ සදහා වන්දි ගෙවීමට සිදුවන අතර මොන තරම් නීතියෙන් ගැලවුනත් තමන්ගේ හෘද සාක්ෂියෙන් තමන්ට ගැලවුමක් නැති වනු ඇත ඔබ තුමාට ජය !
හොඳ ඉල්ලීමක් සහ හොඳ පිළිතුරක්. රටේ විනය අන්තිමටම පිරිහිලා. විසේසයෙන්ම උතුරු නැගෙනහිර.
දෙනවනම් මේ මනුස්සයව බාල්දු නොකර දෙන්න ආරක්සක ඇමති කම , අන්න එතකොට මේ මනුස්සයගෙන් වැඩක් ගන්න පුළුවන්
කොහොමද ගමේ අහිංසක ජනාධිපතිතුමාගේ වැඩ.
අවිනීත රට හරි මගට ගෙනෙන්න මේ යෝජනාව ඉතා අගනා දෙයක්.
සරත් ෆොන්සේකා කියන හමුදාපති තුමා කියන්නේ රටම ආදරේ සහ රටම ගරු කරන චරිතයක්. එතුමාගේ දේශපාලන චරිතයට කැමති අයත් අකමැති අයත්, එතුමාගේ යුධ නායකත්වයට කැමතියි. මගේ අවබෝධයේ හැටියට, එතුමාගේ යුධ නායකත්වයට වඩාත් කැමතිවෙලා හිටිය අයම තමයි එතුමාගේ දේශපාලන චරිතයට වඩාත් අකමැති වුනේ. ඒ වගේම, දේශපාලන වශයෙන් එතුමාට කිට්ටු වුනේ එතුමාගේ හමුදා නායකත්වයට අකමැතිවුනු අය.
ගරු ෆොන්සේකා මැතිතුමනි ,මේක දැනගත්තම සමහරුන්ට කකුල් වෙව්ලනවා දැන්මම
ජනතා උද්ඝෝෂණ වෙඩි උණ්ඩ වලින් විසඳන්න ගියොත් ඊලඟ ඡන්දෙදි නිසි පිළිතුරු ලැබේවි ඇඩ්‍රස් නැති වෙන්නම
යහපාලනයක් දෙනවා කියල ඇවිත් දැන් හමුදා රාජ්‍යක් හදන්න වගේ හදන්නේ ....
අවංකවම කරනවානම් මෙන්න හොඳ අදහසක්. හැබැයි යම් දිනක දේශපාලන විරුද්ධ වාදීන් මැඩලීමට පමණක් එතුමා තමන්ගේ බලතල යොදනවා නම් එක වැරදියි. ඒ වගේම එදාට දුශිතයෝ රකින්නත් බැහැ. ඒ වගේම ජනාධිපතිගේ මේ යෝජනාවෙන් ගම්‍ය වන්නේ ජනාධිපති කොයිතරම් නිවට බියගුළු කොන්දක් නැති පුද්ගලයෙක්ද කියායි. තමන්ගේ පව්, බලතල සහ වගකීම් අනුන්මත පටවල තමන් හොඳ පාලකයෙක් කියල පෙන්වන්න බලනවා. විධායක ජනාධිපති බලතල යොදවා ඇයි ඔහුට රටේ විනය සහ නීතිය රකින්න බැරි?.
ඇත්තටම මෙතුමා රට බේරාගත් හමුදා නායනයා නිසා ....සියලු ආරක්ෂක අංශ භාරව කටයුතු කරන්න ඉතා සුදුසු පුද්ගලයා බව මමද සනාථ කරමි.... ජනාධිපතිතුමා මේ ගන්න යන තීන්දුව ඉතා කාලෝචිත ..... සුදුස්සාට සුදුසු තැන යන වචනයේ පරිසමාප්ත අර්ථය අර්ථගැන්වෙයි ...
හොඳ යහපත් තීරණයක්....
"ජනාධිපතිවරයා එලෙස ඉල්ලා ඇත්තේ රටේ ඇතිවී තිබෙන උද්ඝෝෂණ රැල්ල පාලනය කිරීමට සහ විනය සකස් කිරීම සඳහාය". උද්ඝෝෂණ රැල්ල පාලනය කරන්න ආණ්ඩුව තෝරාගන්නේ "මර්ධනයනම්" ඒක කරන්න ඕනෑම කෙනෙකුට පුළුවන්. ඒකට විශ්ෂඥයෙක් හෝ විශ්‍රාමික හමුදා නිලයක්ම අවශ්‍ය නැහැ. නමුත් රටේ "විනය හැදීමයි" මේ පත්වීමයි අතර තියෙන සම්බන්ධය තමයි හිතාගන්න බැරි....ඉස්සර හිටපු ලේකම් කෙනෙකුත් අපේ රටේ විනය හදන්න කියලා රටම අර්ධ මිලිටරිකරණයකට යටත්කරන්න ගිහින් නාගත්තා. විනය හැදීම ආරම්භ කරන්න ඕනෑ.. ප්‍රාථමික පාසල් අධ්‍යාපනය තුලින්, පාසල් නිල ඇඳුමේ පාට වෙනස්කරනවාද නැද්ද ගැන කතාකරකර කාලය නාස්තිකරනවාට වඩා, "අනාගත ශ්‍රී ලාංකික මිනිසා නිර්මාණය කලයුත්තේ කෙසේද?" යන්න පිළිබඳව පුළුල් සමාජ කතිකාවතක් ඇතිකර එයින් මතුවන යහපත් අදහස් ප්‍රාථමික පාසල් විෂයමාලාවට මුසුකිරීම තුලින් ප්‍රායෝගිකව මහපොළොවේ යතාර්ථයක් බවට පත්කරගත්තොත් තව අවරුදු 20කින් අපේ රටේ අමුතුවෙන් "විනය" හදන්න ඕනෑ වෙන්නේ නැහැ.
ලංකාවට සුභ අනාගතයක් උදවෙන්නයි යන්නේ...
ඒ කියන්නෙ මිනිස්සු උද්ඝෝෂණ කරන්නෙ ආරක්ෂක අංශ දුර්වල නිසා මිසක් ඇත්තටම ප්‍රශ්න තියෙන නිසා නෙවෙයි.. අපෙ ජනාධිපතිතුමානන් මාරයි...
අපේ රටට එතුමාගේ සේවය අවශ්‍ය වෙනවා. එතුමා එය අවංකවම කරාවි.
ඕක නම් හොඳකට නෙවේ පුතෝ, හමුදා පාලනය කියල දේකුත් තියෙනවා,...
ජනපතිතුමාගේ හොද තීරණයක්.
ජනපතිතුමාගේ හොද තීරණයක්.
ශ්‍රී ලංකාවට අබ සරණයි වගේ !!!
අවුරුද්දක් හරි කරලා බලන්න. තාජුඩීන් ඝාතකයන්, පුවත්පත් අතුරුදහන් කල ඝාතකයන් සොයලා දෙන්න. තවද ආබාධිත රණවිරුවන් පිළිබඳ හොඳ වැඩ සටහනක් හදන්න.
සහෝදර සමාගම ටිකක් තිගැස්සිලා ඇති..
ජනාධිපතිතුමා ගත් හොඳ තීරණයක්.., ඔබතුමාට ජයවේවා !!! ෆොන්සේකා මහත්තයාට මේ රට මකල හදන්න පුළුවන්...
ජනාධිපතිතුමා පළමුව ඔය ඇතුලේ ඉන්න 225 හේ විනය හදන්නකෝ.... හොරකම, දුෂණය, අල්ලස අයින් කරල ඉන්න....
රටට හමුදා පාලනයක් අවශ්‍ය වෙනවා නම් ඒක වෙනම ප්‍රශ්නයක්...නමුත් මෙතන ජනතා විරෝධය මැඩ පවත්වා ජනතා විරෝධී වැඩ රැක ගැනීමට බළලුන් ලවා කොස් ඇට බාව ගන්න නම් ෆොන්සේකා මහතා යොදා ගන්නවා. ඔහු අම්බලන්ගොඩ හොඳ අභීත සිංහලයෙක්....
නැවත වතාවක් සිතිය යුතුයි ? කුමන්ත්‍රණයකින් බේරීම සඳහාද නැතිනම් වෙනත් අරමුණක් සඳහාද? යුද්ධය අවසන් වෙන තෙක් හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා සහා දැන් දේශපාලනයේ ඉන්න සරත් පොන්සේකා අතර ලොකු වෙනසක් තියනවා. යුද්ධයේදි රට වෙනුවෙන් සටන්කරපු ඔහු දේශපාලනයේදි තම බලය වෙනුවෙන් එම සටනත් රටත් යුද විරුවනුත් පාවා දෙනවා.
ඕවා ඕනෙ නෑ, පොලීසිය බාර ඇමති කලානම් ඇති. එතකොට FCID යත් හරියට වැඩ කරයි.
උද්ඝෝෂණ නිසා මිසක් ඉන්දියාව එක්ක ගිවිසුම ගහන්නයි, ඉස්සරහට තියන්න යන ජනමත විචාරනයටයි එහෙම නෙමෙයි නේද?
මෙහෙම ගියොත් ලංකාව තවත් ලිබියාවක් වෙනවා
දැන් ලංකාවේ වෙන දේවල් දිහා බලනකොට නිවැරදි තීන්දුවක් .
නිවැරදි යෝජනාවක් ජයවේවා
බැඳුම්කර හොරු අල්ලයිද ?
එතකොට මේගොල්ල අනිත් අයට අවස්ථාවක් දෙන්නෙම නැද්ද?
ජනාධිපතිතුමා ගත් හොඳ තීරණයක්.., ඔබතුමාට ජයවේවා !!! ෆොන්සේකා මහත්තයාට මේ රට මකල හදන්න පුළුවන්...
පක්ෂ විපක්ෂ බේදයක් නැතිව වැඩ කරනවානම් හොදයි. ලංකාවට ඕනේ තද සාධාරන පාලකයෙක්.
හොද තීරණයක් . නමුත් තීන්දු මහජනතාවටත්, ඇමති , මන්ත්‍රී , ලොකු , පොඩි කියල බේදයකින් තොරව එක සමානව දිය යුතුය . පගාවට , බොරුවට , වංචාවට පළමුව දඩුවම් දිය යුතුය.
ඉතා හොඳ තීරණයක්.
මිනිස්සු උද්ඝෝෂන කරන්නේ හමුදාපති කෙනෙක් ඉල්ලලාද
නීතිගරුක බව සහ විනය ගරුක බව යහපාලනයක මූලිකම ලක්ෂණයක්. අපේ රටේ ඉහළ සිට පහළට නැත්තේම ඔය ලක්ෂණ දෙක තමයි. ජනාධිපතිතුමාට විතරක් තනිවම යහපාලනයක් ගොඩ නගන්න බැහැ. එතුමාගේ කණ්ඩායමේ අය ජහපාලකයො වගේ හැසිරෙනවා නම්, රටේ ඉන්න මිනිස්සු මහජනයා වගේ හැසිරෙනවා නම්... ඒ තත්ත්වය වෙනස් කරන්න නම් පාලනය කරන ක්‍රමයේ වෙනසක් කරන්න සිදු වෙනවා.
රට අනාථ කරල ඉවරයි.. ලෝකෙන් උතුම් රට 1948 න් පස්සේ කාලා ඉවරයි. රටේ විනය නැතිකෙරුවේ මේ වගේ අය... රට භාරගත්තට කරන්න බැහැ. මේ සියල්ලටම ඕන රට නොව මඩිය ලොකු කරගන්නයි. කවුරු හෝ ඉත්තෙක් දල ජනතාව පිඩාවට පත් කරනවා. මේ සියල්ල අපා ගත වෙයිනෙ....
නා ගැනීම, අනා ගැනීම සහ වනසා ගැනීම
වෛර පළිගන්නේ නැත්නම් හොඳයි....
යහපාලනයට එකතු වෙලා ඉන්න හරිත කට්ටිය සරත් ෆොන්සේකාව නිහඬ කරන්න ඇමති කමක් දුන්නට කරන්න වැඩක් දුන්නේ නැහැ. ගිය ආණ්ඩුවේ හොරු ටික ඇල්ලීම කෙසේ වෙතත් ඔවුන්ව ආරක්ෂා කරන්න හරිත කල්ලිය දිගින් දිගටම වැඩ කරන නිසා තමයි ජනාධිපති සරත් ෆොන්සේකාව ඒ හිර කුඩුවෙන් එළියට අරගෙන වැඩක් දෙන්න වැඩක් දීල තියෙන්නේ. මෛත්‍රී පාලනය යහපාලනයට වඩා වෙනස් කියල ජනතාවට පෙනෙන්න පටන් ගන්නේ එදාට.