යුද හමදා විශේෂ බලකායට බැඳුණු සිය බාල දරුවාගේ විසිර යෑමේ පෙළපාළිය නැරඹීට මාදුරුඔය යුද හමුදා කඳවුරට ආ ඔහුගේ මව හදිසියේ රෝගාතුර වී පොළොන්රුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලොන්නරුව රෝහල් ආරංචි කියයි. මහව ප්‍රදේශයේ පදිංචි එච්.එම්. කමලවාති නම් තිදරු මවක මෙසේ මියගොස් ඇත. යුද හමුදා සංදර්ශන ආරම්භ වීමට මොහොතකට පෙර ඇයට හෘදයා බාධයක් වැළදෙන්නට ඇතැයි වෛද්‍යවරු අනුමාන කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට නිවන් සුව පතමි (දිල්)
අම්මේ ඔබට නිවන් සුව පතමි (අ)
ඔය අවස්තාවේ මමත් එතන හිටියා එම හමුදා සංදර්ශනය බලලා ඉවර වෙලා දහවල් 1 ට විතර තමා එ මව අසනීප වුණේ පුතාගේ හපන්කම් දෑසින් දැකලා පුතා එක්ක සතුටු සාමීචියේ යෙදෙන අවස්ථාවෙයි මෙය වුණේ අම්මේ ඔබට නිවන් සුව පතමි (අ)
පුතා ගැන ආදරේ වැඩිකමට සතුටත් වැඩි වෙන්න ඇති, ඕනවට වඩා සතුටත්, ඕනවට වඩා දුකත් හොද නැහැ .., මෑණියනි ඔබට අජරාමර නිවන් සුව අත් වේවා..!! (නදී)
සන්තෝසේ දරා ගන්න බැරුව මව් තුමිය සුරලොව යන්න ඇති (නදී)
අපොයි දෙවියනි. මේ සහෝදරයා කොහොම වාවා ගන්නද මේ දුක. (නදී)
අධික සතුට නිසා හෘදයාබාධයක් වැළදෙන්නට ඇති. අම්මලා එහෙම තමයි. වාවාගන්න අමාරුයි දරු දුක. ( වගේම අධික සතුට ). (නදී)
උතුරාගිය මව් සෙනෙහස. දෙමාපියන් වැඩිහිටි නිවාසයට දක්කන පවිටු දරුවන්ට හොද පාඩමක්. අම්මේ ඔබට අජරාමර නිවන්සුව. (නදී)
අදයිරියමත් වෙන්න එපා පුතේ. අම්ම මිය දුනේ නුබ ගැන ආඩම්බරෙන්. ඔබ අවංකව රට දැය වෙනුවෙන් වැඩ කරන්න. ඒ ඔබ මෑණියන්ට කරනා උපහාරයයි. මවට නිවන් සුවත් පුතුට ශක්තිය දයිර්යයත් පතමි! (නදී)