(කේ බුද්ධික කුමාරසිරි )
යුද හමුදා නිල ඇදුමට සමාන ඇදුම් 6 ක් සහ ජංගම දුරකථන අටක් සමග පාදුක්ක කුරුගල පරණ ඇදේශයේ කුලී නිවසක පදිංචිව සිටි මුස්ලිම් ජාතික තරුණයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය පවසයි.
අදාළ කුලී නිවසෙහි සැකකටයුතු පුද්ගලයෙකු පදිංචිව සිටින බවට පාදුක්ක පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව මෙම සෝදිසි කිරීම් පවත්වා තිබිණි.
මෙම යුධ හමුදා නිළ ඇදුමට සමාන ඇදුම් කට්ටල සහ මිලිටරි යන නාමය සහිත නිල ඇදුමට සමාන කමිසයක්, ගුවන් ගමන් බලපත්‍රයක්, විදේශී මුදල් නෝට්ටු කිහිපයක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ලොරි රථයක් සහ යතුරුපැදියක් ද තම භාරයට ගත් බව පොලිසිය පවසයි.
සැකකරු 28 වියේ පසුවන්නෙකි.
මෙම සැකකාර තරුණයා හමුවීමත් සමග යුද හමුදාව සහ පොලිසිය එක්ව පාදුක්ක නගරය අවට සෝදිසි මෙහෙයුමක් කරන ලදී.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd