ගම්පහ නගරයේදී තෙල් බවුසරයක් කාරයක හැපීමේ අනතුරක් සම්බන්ධයෙන් බවුසර් රියදුරා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයෙක් ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා ඉදිරියේ නැගී සිටියේය.
මහේස්ත්‍රාත් - ඔබ යුද හමුදා නීති අංශයේ කෙනෙක්ද?
නීතිඥවරයා - අපි හමුදාවට ගරු කරනවා.
මහේස්ත්‍රාත් - ඔබ හමුදා නිලධරයෙක්ද?
නීතිඥවරයා - ඔව්
මහේස්ත්‍රාත් - කපිතාන්වරයෙක්ද?
නීතිඥවරයා - ඔව්
මහේස්ත්‍රාත් -යුද හමුදා නීති අංශයේද?
නීතිඥවරයා - ඔව්
මහේස්ත්‍රාත් - රජයේ නිලධරයකුට පෞද්ගලික නඩු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටීමේ අයිතියක් නැහැ. ඔබ උසාවිය නොමග යවනවා. අධිකරණයට යුද හමුදාවේ බලය පෙන්වන්න යනවා. උසාවියට ඇවිත් එහෙම බලය පෙන්වනවානම් වෙනත් තැන් වලදී කෙසේ බලය පෙන්වනවාදැයි සිතා ගත හැකියි.
උසාවියට ගැලපෙන ඇඳුමින් සැරසී සිටි එම පුද්ගලයා පෙනී සිටි රියදුරා පැදවූ බවුසරය යුද හමුදා මේජර් ජනරාල්වරයකුගේ බව නීතිවේදීන් අතර කථා බහේදී දැනගත හැකි විය. පසුගිය 13 වැනිදා සවස ගම්පහ දුම්රිය හරස් මගේදී කාන්තාවක විසින් පැදවුණු මෝටර් රථයක එම බවුසරය වැදී ඇත. පොලිසිය නඩු පවරා ඇත්තේ අපරික්ෂාකාරී ලෙස රිය පැදවීමේ චෝදනාව යටතේය.
මහේස්ත්‍රාත් යුද හමුදා නීති නිලධරයාට පැවසූයේ ඔහු අනිසි වැඩක් කළ බවයි. ‘‘අපි යුද හමුදාවට ගරු කරනවා. මේ වගේ අය ඒ ගෞරවය නැති කරනවා.“
ආර්.එම්.ඉන්දික රාජපක්ෂ නම් බවුසර රියදුරා රුපියල් 2000 මුදල් සහ රුපියල් 25,000 ක ශරීර ඇප මත මුදාහරිමින් මහේස්ත්‍රාත් හමුදා නීති නිලධරයාට පැවසූයේ මෙවැනි වරදකට ඇප දිය හැකි බවයි. දෙසැම්බර් 23 ට නඩු විභාගය කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ගයක් ගන්න ඕනෑ (නි)
සංජීව සම්පත්, ඔබේ කතාව සම්පුර්ණ ඇත්ත.මමත් ඔයදේ හොඳට බලලා තියනවා. (නි)
බන්දුල, ඔබ හරි. යුදහමුදා නීති අංශයේ ඉන්නේ සිවිල් අධිකරණයේ පෙනී සිටින්න අවශ්‍ය සුදුසුකම්ලත් නීතිඥවරුන්. ඔවුන් අධිකරණයේ පෙනීසිටිය හැකි පරිදි සුදුසුකම් ලබා තිබෙනවා. (නි)
අපේ රට කොහෙටද මේ යන්නේ (දී)
මහේස්ත්‍රාත්තුමාට උපහාරය පුදමි! (නි)
හොඳ ඔවදනක් (නි)
මෙහෙම අයට රණවිරුවන් විදියට ගෞරව කරන්න අපිට බැහැ (නි)
මෙයාලත් මෙහෙම කරනකොට අනෙක් අය ගැන මොන කතාද? (නි)
නඩුකාර තුමාට ඉහලින් නීතිය දන්නවද බන්දුල. (දී)
බන්දුල නරකද ටියුෂන් පන්තියක් දාලා ඔබ දන්නා තරමට නීතිය කියලා දුන්නොත්. (නි)
අපොයි බන්දුල සුදුසුකම් තිබුන පලියට හමුදා නිලධාරීන්ට පෞද්ගලික නීති කටයුතුවලට පෙනී සිටීම සදාචාර සම්පන්න නෑ. විනිසුරු තුමා ගේ තීන්දුව සර්ව සාධාරණයි. අධිකරණයේ ගව්රවය රකින මෙවන් විනිසුරු වරයින්ට මගේ ප්‍රණාමය (නදී)
මහේස්ත්‍රාත්තුමාට අපේ උපහාරය! (නි)
අපේ රට මේ යන්නේ ආගාධයට නොවේද අපත් සමඟම? (නි)
අද වැඩිපුරම මාර්ග නීති කඩන්නේ ත්‍රිවිධ හමුදා සහ පොලිස් රථවල රියදුරන්. කොළඹ නගරයේ කහ ඉරක් ළඟ ටික වෙලාවක් බලාගෙන හිටියොත් මේ ගැන තහවුරු කරගන්න පුළුවන් (නි)
උසාවියත් වෙනස් වේගෙන එන්නේ. වෙනසකට මෙත් වඩමු.(හේ)
මම දන්නා තරමින්නම් යුද හමුදා නීති අංශයේ ඉන්නේ සිවිල් අධිකරණයේ පෙනී සිටින්න අවශ්‍ය සුදුසුකම් ලත් නීතිඥවරුන්. ඔවුන් අධිකාරිලත් නිලධාරින් ලෙස ඍජුව යුධ හමුදාවට බදවා ගන්නවා..යුද හමුදාවේ වෙනම නීති විද්‍යාලයක් නැහැ නිතිය හදාරලා නීතිඥවරයෙක් වෙන්න.(හේ)
නියම මහේස්ත්‍රාත්වරයෙක්. ඔබට අපේ ප්‍රණාමය! (නි)
බන්දුල, ඔයා මහේස්ත්‍රාත්ට වැඩිය දන්නවානේ නීතිය ගැන. ටිකක් විතර දැනගෙන පණ්ඩිත වෙන්න එපා. (නි)
බන්දුල පෙරේරා, තමුන් මානසිකව මිලිටරි පාලනයකට යටවෙලා. ලෝකයේ සාමකාමී රටවල් කොයිතරම් සිවිල් නිදහස ගරු කරනවද. පොඩ්ඩක් ඔය රාමුවෙන් එළියට විත් ලෝකය දිහා බලන්න. මේ විනිසුරුතුමා අපි අගය කරමු (නි)
අපි ගෞරව කරන අය නේද මෙහෙම හැසිරෙන්නේ? (නි)
අදාළ නිලධාරියා තමුන්ගේ උසස් නිලධාරියෙක් වෙනුවෙන් පෙනීසිටීමේ වරදක් මම නම් දකින්නේ නැහැ (නි)