IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


හමුදා නීති නිලධරයාට උසාවියෙන් අවවාද

ගම්පහ නගරයේදී තෙල් බවුසරයක් කාරයක හැපීමේ අනතුරක් සම්බන්ධයෙන් බවුසර් රියදුරා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයෙක් ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා ඉදිරියේ නැගී සිටියේය.

මහේස්ත්‍රාත් - ඔබ යුද හමුදා නීති අංශයේ කෙනෙක්ද?

නීතිඥවරයා - අපි හමුදාවට ගරු කරනවා.

මහේස්ත්‍රාත් - ඔබ හමුදා නිලධරයෙක්ද?

නීතිඥවරයා - ඔව්

මහේස්ත්‍රාත් - කපිතාන්වරයෙක්ද?

නීතිඥවරයා - ඔව්

මහේස්ත්‍රාත් -යුද හමුදා නීති අංශයේද?

නීතිඥවරයා - ඔව්

මහේස්ත්‍රාත් - රජයේ නිලධරයකුට පෞද්ගලික නඩු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටීමේ අයිතියක් නැහැ. ඔබ උසාවිය නොමග යවනවා. අධිකරණයට යුද හමුදාවේ බලය පෙන්වන්න යනවා. උසාවියට ඇවිත් එහෙම බලය පෙන්වනවානම් වෙනත් තැන් වලදී කෙසේ බලය පෙන්වනවාදැයි සිතා ගත හැකියි.

උසාවියට ගැලපෙන ඇඳුමින් සැරසී සිටි එම පුද්ගලයා පෙනී සිටි රියදුරා පැදවූ බවුසරය යුද හමුදා මේජර් ජනරාල්වරයකුගේ බව නීතිවේදීන් අතර කථා බහේදී දැනගත හැකි විය. පසුගිය 13 වැනිදා සවස ගම්පහ දුම්රිය හරස් මගේදී කාන්තාවක විසින් පැදවුණු මෝටර් රථයක එම බවුසරය වැදී ඇත. පොලිසිය නඩු පවරා ඇත්තේ අපරික්ෂාකාරී ලෙස රිය පැදවීමේ චෝදනාව යටතේය.

මහේස්ත්‍රාත් යුද හමුදා නීති නිලධරයාට පැවසූයේ ඔහු අනිසි වැඩක් කළ බවයි. ‘‘අපි යුද හමුදාවට ගරු කරනවා. මේ වගේ අය ඒ ගෞරවය නැති කරනවා.

ආර්.එම්.ඉන්දික රාජපක්ෂ නම් බවුසර රියදුරා රුපියල් 2000 මුදල් සහ රුපියල් 25,000 ක ශරීර ඇප මත මුදාහරිමින් මහේස්ත්‍රාත් හමුදා නීති නිලධරයාට පැවසූයේ මෙවැනි වරදකට ඇප දිය හැකි බවයි. දෙසැම්බර් 23 ට නඩු විභාගය කල් තැබිණි.



අදහස් (0)

හමුදා නීති නිලධරයාට උසාවියෙන් අවවාද

රන්ජිත් Tuesday, 16 December 2014 05:11 AM

මේ සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ගයක් ගන්න ඕනෑ (නි)

:       0       0

පද්මේන් Tuesday, 16 December 2014 05:42 AM

සංජීව සම්පත්, ඔබේ කතාව සම්පුර්ණ ඇත්ත.මමත් ඔයදේ හොඳට බලලා තියනවා. (නි)

:       0       0

සම්පත් Monday, 15 December 2014 06:40 PM

බන්දුල, ඔබ හරි. යුදහමුදා නීති අංශයේ ඉන්නේ සිවිල් අධිකරණයේ පෙනී සිටින්න අවශ්‍ය සුදුසුකම්ලත් නීතිඥවරුන්. ඔවුන් අධිකරණයේ පෙනීසිටිය හැකි පරිදි සුදුසුකම් ලබා තිබෙනවා. (නි)

:       0       0

කනිල් බණ්ඩාරවෙල Monday, 15 December 2014 06:55 PM

අපේ රට කොහෙටද මේ යන්නේ (දී)

:       0       0

මොහමඩ් ඛාන් Tuesday, 16 December 2014 12:36 AM

මහේස්ත්‍රාත්තුමාට උපහාරය පුදමි! (නි)

:       0       0

යසපාල Tuesday, 16 December 2014 06:46 AM

හොඳ ඔවදනක් (නි)

:       0       0

මාලනී Tuesday, 16 December 2014 01:22 AM

මෙහෙම අයට රණවිරුවන් විදියට ගෞරව කරන්න අපිට බැහැ (නි)

:       0       0

මොහාන් Monday, 15 December 2014 11:41 AM

මෙයාලත් මෙහෙම කරනකොට අනෙක් අය ගැන මොන කතාද? (නි)

:       0       0

එකොන් Tuesday, 16 December 2014 02:05 AM

නඩුකාර තුමාට ඉහලින් නීතිය දන්නවද බන්දුල. (දී)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 16 December 2014 02:50 AM

බන්දුල නරකද ටියුෂන් පන්තියක් දාලා ඔබ දන්නා තරමට නීතිය කියලා දුන්නොත්. (නි)

:       0       0

මනෝ Tuesday, 16 December 2014 08:00 AM

අපොයි බන්දුල සුදුසුකම් තිබුන පලියට හමුදා නිලධාරීන්ට පෞද්ගලික නීති කටයුතුවලට පෙනී සිටීම සදාචාර සම්පන්න නෑ. විනිසුරු තුමා ගේ තීන්දුව සර්ව සාධාරණයි. අධිකරණයේ ගව්රවය රකින මෙවන් විනිසුරු වරයින්ට මගේ ප්‍රණාමය (නදී)

:       0       0

ටීෂා Monday, 15 December 2014 12:33 PM

මහේස්ත්‍රාත්තුමාට අපේ උපහාරය! (නි)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 16 December 2014 02:51 AM

අපේ රට මේ යන්නේ ආගාධයට නොවේද අපත් සමඟම? (නි)

:       0       0

සංජීව සම්පත් Tuesday, 16 December 2014 03:03 AM

‍අද වැඩිපුරම මාර්ග නීති කඩන්නේ ත්‍රිවිධ හමුදා සහ පොලිස් රථවල රියදුරන්. කොළඹ නගරයේ කහ ඉරක් ළඟ ටික වෙලාවක් බලාගෙන හිටියොත් මේ ගැන තහවුරු කරගන්න පුළුවන් (නි)

:       0       0

අමල් Monday, 15 December 2014 01:05 PM

උසාවියත් වෙනස් වේගෙන එන්නේ. වෙනසකට මෙත් වඩමු.(හේ)

:       0       0

බන්දුල පෙරේරා Monday, 15 December 2014 01:09 PM

මම දන්නා තරමින්නම් යුද හමුදා නීති අංශයේ ඉන්නේ සිවිල් අධිකරණයේ පෙනී සිටින්න අවශ්‍ය සුදුසුකම් ලත් නීතිඥවරුන්. ඔවුන් අධිකාරිලත් නිලධාරින් ලෙස ඍජුව යුධ හමුදාවට බදවා ගන්නවා..යුද හමුදාවේ වෙනම නීති විද්‍යාලයක් නැහැ නිතිය හදාරලා නීතිඥවරයෙක් වෙන්න.(හේ)

:       0       0

නිහාල් Tuesday, 16 December 2014 03:19 AM

නියම මහේස්ත්‍රාත්වරයෙක්. ඔබට අපේ ප්‍රණාමය! (නි)

:       0       0

රාජපක්ෂ Monday, 15 December 2014 02:02 PM

බන්දුල, ඔයා මහේස්ත්‍රාත්ට වැඩිය දන්නවානේ නීතිය ගැන. ටිකක් විතර දැනගෙන පණ්ඩිත වෙන්න එපා. (නි)

:       0       0

අසිත් Monday, 15 December 2014 02:12 PM

බන්දුල පෙරේරා, තමුන් මානසිකව මිලිටරි පාලනයකට යටවෙලා. ලෝකයේ සාමකාමී රටවල් කොයිතරම් සිවිල් නිදහස ගරු කරනවද. පොඩ්ඩක් ඔය රාමුවෙන් එළියට විත් ලෝකය දිහා බලන්න. මේ විනිසුරුතුමා අපි අගය කරමු (නි)

:       0       0

යටගම Monday, 15 December 2014 03:07 PM

අපි ගෞරව කරන අය නේද මෙහෙම හැසිරෙන්නේ? (නි)

:       0       0

මංජුල Wednesday, 17 December 2014 01:39 AM

අදාළ නිලධාරියා තමුන්ගේ උසස් නිලධාරියෙක් වෙනුවෙන් පෙනීසිටීමේ වරදක් මම නම් දකින්නේ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 741 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site