
(විමුක්ති එස් රුද්‍රිගු)
විදේශිකයන්ට ස්වකැමැත්තෙන් රුසියානු හමුදාවට බැඳීමට හැකි බවත් රුසියානු නීතියෙන් ඊට බාධාවක් නොමැති බවත් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස්. ජගර්යාන් මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී අද (30) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
රුසියාවට වීසා ලබාදීමේදී අවශ්‍ය ලියකියවිලි පමණක් පරික්ෂා කර වීසා නිකුත් කිරීම නොකරන බවත් එහිදී ගැහැනු පිරිමි භේදය නොසලකා සියලු දෙනාම සම්මුඛ පරීක්ෂණයකට ලක් කරන බවත් රුසියානු තානාපතිවරයා පැවැසුවේය.
රුසියානු හමුදාවට බැඳී ඇති පිරිස මෙරට නියෝජිතයන් මාර්ගයෙන් ගිවිසුමක් අත්සන් කර තිබෙන බව රුසියානු තානාපති කාර්යාලය නොදැනුවත්ව සිටි බවත් තානාපතිවරයා කීය.
සම්මුඛ පරීක්ෂණයකට ලක් කරන අවස්ථාවේ ඔවුන් ගිවිසුමක් අත්සන් කිරීම සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් නොකළ බවත් රුසියානු තානාපති ලෙවාන් එස්. ජගර්යාන් මහතා ප්‍රකාශ කළේය.
සමාජ මාධ්‍ය තුළ සංසරණය වන අකාරයට එලෙස රුසියානු හමුදාවට බැදී ඇති ශ්‍රී ලාංකිකයන් අත්සන් කර ඇත්තේ රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ ගිවිසුමක් දැයි යන්න පිළිබඳ කිසිවක් මෙම අවස්ථාවේ ප්‍රකාශ කළ නොහැකි බවත් මෙම ගැටලුව සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය සමග එක්ව විමර්ශනයක් සිදු කරන බවත් රුසියානු තානාපතිවරයා පැවැසුවේය.
රුසියානු හමුදාවට බැඳුණු ශ්‍රී ලාංකිකයන් පිළිබඳව මාධ්‍ය විශාල ප්‍රචාරණයක් ලබා දුන්නත් යුක්රේන හමුදාවට කුලී හේවායන් ලෙස බැඳී ඇති ශ්‍රී ලාංකිකයන් පිළිබඳව කිසිවකු කතා නොකරන බවත් රුසියානු තානාපති ලෙවාන් එස් ජගර්යාන් ප්‍රකාශ කළේය.
ඒ පිළිබඳ පැමිණිලි නොලැබුණු පමණින් ශ්‍රී ලාංකිකයන් යුක්රේන හමුදාවට බැඳී නොමැති බව අදහස් නොවන බවත් යුක්රේන හමුදාවේද ශ්‍රී ලාංකිකයන් සිටින බවත් රුසියානු තානාපතිවරයා පැවැසුවේය. එම නිසා රුසියාව සම්බන්ධයෙන් දෙබිඩි පිළිවෙතක් අනුගමනය නොකරන ලෙස ද තානාපතිවරයා ඉල්ලා සිටියේය.
මේ වනවිට රුසියානු හමුදාවට ශ්‍රී ලාංකිකයන් බඳවා ගැනීම සම්බන්ධයෙන් පැමිණිලි 455 ක් ලැබී තිබෙන බවත් ඉදිරියේදී පැමිණිලි තවත් වැඩිවිය හැකි බවත් මෙම මාධ්‍ය හමුවට එක්ව සිටි විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුසියාවත් තරහා කර ගනිල්ලකො....කැමැතිතෙන් ගියා නම් ආයෙ මොකද්ද අහන්නෙ.. යුක්‍රේනයේ ඉන්නෙ කුලී හමුදාව නෙමෙයි ද??
විදේශ රටක හමුදාවකට හෝ වෙනයම් රැකියාවකට යන ශ්‍රී ලාංකිකයින්ට පුළුවන් නියම තොරතුරු දීලා විදේශ රැකියා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි වෙන්න.. එහෙම යන මිනිස්සු ගැන රජය වගකියන්න ඕනේ. එහෙම නැතුව කුලී හේවායෝ වශයෙන් වැඩිපුර මුදල් හම්බ කරන්න හෝ වෙන යම් රැකියාවකට විසිට් වීසා අරන් පිටරට යන සියලුදෙනාම ගැන සොයා බලන්න රජයට බැහැ. අවුරුදු 18 වැඩි පුද්ගලයෙකුට වලංගු ගමන් බලපත්‍රයක් තිබෙනවා නම්, ගමනාන්ත රටට වීසා බලපත්‍රයක් තිබෙනවා නම්, ඔහුට විදේශගත නොවන ලෙස අධිකරණ නියෝගයක් හෝ වෙනත් නීතිමය බාධාවක් නොමැති නම් ඔවුන්ගේ ගමන් වළක්වන්න රජයට නීතිමය අයිතියක් නැහැ. සමහර විට රුසියානු තානාපති කියන විදිහට යුක්රේන හමුදාවේත්, ශ්‍රී ලාංකික කුලී හේවායෝ ඉන්න පුළුවන්.. එහෙම ඉන්න පුද්ගලයින්ට යුක්රේන හමුදාව මානුෂික ලෙස සලකනවා නම් මාසේ අන්තිමට පොරොන්දු වුණු වැටුප ගෙවනවා නම් ඔවුන්ගෙන් පැමිණිලි ලැබෙන්නේ නැහැ. රුසියාවත් විදේශික කුලී හේවායන්ට මානුෂික ලෙස සැලකුවා නම් ඔවුන්ට පොරොන්දු වුණු වැටුප ගෙව්වා නම් මෙවැනි ප්‍රශ්නවලට මුහුණ දෙන්න අවශ්‍ය නැහැ...
මෙච්චර විශාල හමුදාවක් තිබෙන, විශාල ජනතාවක් ජීවත්වෙන ලෝක බලවතෙක් බව කියන රුසියාවට යුද්ධ කරන්න සොල්දාදුවොත් පිට රටින් ගෙන්වා ගන්න බව රුසියානු තානාපති පිළිගන්නවා. ලැජ්ජා නැද්ද? පුටින් මහා ඉහළින් පිළිගන්න, ඔහු අදහන, වර්ණනාත්මකව පිළිගන්න වහල් බයියෝ... ලංකාවේ ඉන්නවා.
යුක්රේනය බටහිර රටවල් වෙනුවෙන් කුලියට යුද්ධ කරන රටකි. රුසියාව තම රට වෙනුවෙන් යුද්ධ කරයි.
රුසියන් තානාපති කියන විදිහට ශ්‍රී ලංකික කුලී හේවායෝ යුක්රේන් හමුදාවල ඉන්නවා නම්, සමහරවිට යුක්රේනේ ඔවුන්ට හොඳින් සලකනවා ඇති... මාසේ අන්තිමට පොරොන්දු වුණු වැටුප ගෙවනවා ඇති එහෙම වුණාම ඔවුන්ට මාධ්‍ය ඉදිරියට ගිහින් කතා කරන්න දෙයක් නැහැ.. රුසියාවට ගිය සෙබළුන්ට වෙලාවට වැටුප අතට දුන්නා නම් හෝ ලංකාවේ ගිණුමකට ලැබෙන්න සැලසුවා නම්, මානුෂිකව සැලකුවා නම්, ඔවුන් යුද්ධ කරාවී, ගිහින් තිබෙන බොහෝ දෙනෙකු විශේෂ කාර්ය බලකායේ සේවය කරපු දක්ෂ සෙබළු. ඔවුන් යුද්දෙට බිය නැහැ, ඔවුන්ගෙන් නිසි ප්‍රතිඵල ලබාගන්න නම් ඔවුන්ගේ මුලින්ම මොරාල් එක අප් කරන්න ඕනේ..., ලංකාවේ යුද්ධයේදී ඔවුන්ගේ උසස් නිලධාරියෝ ඔවුන් සමග යුද බිමේ රැඳෙමින් එම දෙය කළා...
කැමැත්තෙන් රට ගියා නම්, යන්නේ රුසියාවට කියලත් දන්නවා නම්, එහෙ යුද්ධයකුත් තියෙනවා නම් මොන මගුලකට තවත් කතා කරන්නේ? නිකන් හොඳට ඉන්න රටක් තරහා කරගන්නේ නැතිව නිකන් ඉන්න. මතක තියාගන්න ඔවුන් තමයි අපිටත් උදව් කළේ... මෙහෙ කාලකණ්නි යුද්ධය ඉවර කරන්න.