‘හමුදාව හෝ එහි කොටසක් හෝ ලවා මේ රටේ පාලනය ආයුද බලයෙන් අත්පත් කරගන්න උත්සාහ කරනවානම් අපි ඒ වෙනුවෙන් පක්ෂ පාට භේදයක් නැතිව පාරට බැහැලා තුර්කියේ කළා වගේ ඒකාධිපතිත්වයට රට රැගෙන යාමට උත්සාහ කරනවානම් ඒ බලවේග පරාජය කරනවා‘ යැයි විදුලි බල හා පුනර්ජනනීය බල ශක්ති නියෝජ්‍ය ඇමැති අජිත්.පී.පෙරේරා අද (21) බණ්ඩාරගමදී පැවසීය.
‘පසුගියදා පාර්ලිමේන්තුවේදී දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමාගෙන් අහන්න ලැබුණා අනාගතයේ හමුදා කුමන්ත්‍රණයක් මගින් මේ රටේ පාලනය අත්පත් කරගෙන හමුදාව ලවා අනාගතයේ රට පාලනය කරන්න එතුමාගේ බලාපොරොත්තුව හා ප්‍රාර්ථනය කියලා. මේ රට අනාගතයේ මොන පක්ෂය පාලනය කළත් රට පාලනය කරන්නේ ජනතාවගෙන් තෝරා ගන්නා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියා මාර්ග හරහා පත්වූ රජයක් බව මා නොබියව කියනවා‘ යැයි ද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි මොන එහෙකටද බය වෙන්නෙ? ඉන්දියාවෙන් නැව් දෙකක් එව්වා නම් ඇති. අර ඒ දවස් වල ගුවනින් පරිප්පු දැම්මා වගේ. නේද? (නි)
නිසි වෙලාවට මැතිවරණ නොතියන්නේ මොකද? මැතිවරණ නොතියා බැහැ. දවසක තියන්නම වෙනවා. බහුතර ජනතාව බලා ඉන්නේ මැතිවරණයක් එනකන්. (නි)
හමුදාව ඇවිල්ලා දේශපාලකයන් ටික අල්ලලා ගස් බැඳලා හරි කමක්නැහැ, රට හරියට කරනවා නම් කොච්චර හොඳද. (නි)
කෙනෙක් කිවුව දේ තේරුම්ගන්න බැරි, මෙහෙවු අයටත් සමහර මිනිස්සු ඡන්දය දුන්නනේ. එදා කළෙත් බොරුව, අද කරන්නෙත් බොරුව, හෙට කරන්නෙත් බොරුව. මේ රට කනවා. කිසිම සංවර්ධන වැඩක් කෙරෙන්නේ නැහැ (නි)
දැන් ජනතාව බුද්ධිමත්. ඔයාලට රැවටෙන්නෙ නැහැ (නි)
දිනේෂ්ගේ කතාව විකෘති කරනවා ..... එතුමා කිව්වේ ප්‍රජාතන්ත්‍රවාදය කෙලෙසෙනකොට එහෙම දෙයක් වීමේ අනතුරක් තිබිය හැකි බවයි..අනේ මන්ද ඉතින් ඔය කට්ටිය කාල නිදනවා මිසක් කියන දේවල් සාවදානව අහගෙන ඉන්නේ නැනේ ...අපිනම් දැක්කේ මාධ්‍ය වලින් (බ)
බයවෙලා වගේ කියලා මට හිතෙනවා (හේ)
පත් වුනේ ප්‍රජාතන්ත්‍රවාදීව වුනාට වැඩ කරන්නේ අන්තගාමීව! (හේ)
දිනේෂ් කිව්වේ එහෙම කතාවක් නෙමෙයි. (හේ)
කැහි ගෑනි දීලා හොටු ගෑණි ගත්ත වගේ දැනෙනවා වැඩ නොකර සද්දේ විතරක් දානකොට. එ්කත් බොරුමයි කියන්නේ. (බ)
අපි හමුදා පාලනයකට කැමතියි (බ)
අපිට හමුදා පාලනයක් ඕනේ (බ)
අපේ බලාපොරොත්තුවත් එ්ක තමයි , මේ පාලකයෝ ඔක්කොම හොරාකන අය (බ)
හමුදා කුමන්ත්‍රණ බෑ කියල ඔහේ කොහොමද කියන්නේ. කෙරුනොත් ඔබ මොනවා කරන්නද. (බ)
රටට, ජාතික ආරක්ෂාව ගැන තුට්ටුවකට නොසලකන බලයට හා බෙදුම්වාදීන්ට දුන් පොරොන්දු රැකීමට ජනයා මුලා කොට රටම අගාධයට දක්කන සහජීවනය යහපාලනය යන වචන වල අර්ථයටද නිගා දෙන පහත වැඩ කරන මෙවන් පාලකයන් රැකීමට ජනතාව පෙළ ගැසේ නම් ඒ රටේ ඇත්තේ ජනතාව නොව පුන්නක්කු කන සත්තු ජාතියක් විය හැක .(බ)
අර කියන්න වගේ පාර්ලිමේන්තුවේ බුදියගෙන ඉඳල දැන් පිස්සු කෙලිනවා. (බ)
දැන් අවුරුදු 2, 3 කට කලින් සෑම් මාමලාගේ උදවු අරගෙන අරාබි වසන්තය වගේ සෙල්ලමක් ලංකාවේ දන්නා හැදුවේ ඔයාලම නේද? ඇයි දැන් අතීතේ අමතකද? අනිත් කරනේ ඇමරිකාවේ පදේට නටන ආණ්ඩුවක් වන ඔබලාගේ ආණ්ඩුව තියනකන් එවැනි කුමන්ත්‍රණවලට තැනක් නැති බව ඔබත් මමත් දන්නා දෙයක් නේද, මොකද ඔවැනි කුමන්ත්‍රණ වැඩි හරියක් කරන්නේ බටහිර රටවල් අකමැති ආණ්ඩුවක් තියනකොටනේ - බටහිර රටවල් උල්පන්දම් දීම මගින්. (බ)
හරියට මොනවද කීව්වේ මොනවද කරන්නේ කියලා අවබෝධයක් නැති පිරිසක්.(හේ)
ජනතාවගේ ඡන්දයෙන් එන කවුරු වුණත් කරන්නේ රට විකුණලා තමන්ගේ බඩ වඩාගන්නා එකයි. (නි)
මාරම වැඩේ මේ යහපාලන අාණ්ඩුවේ ඉන්න ගොඩක් අයට රටගැන කථාකරන දේවල් වැරදියටමනේ අැහෙන්නේ.(හේ)
අැමතිතුමා ඉස්සරවගේ දැන් ඉන්න අය ඔබතුමාල කියන දේවල් එ් විදියටම පිළිගන්නෙ නැහැ. (හේ)
තුර්කියේ කළා වගේ මෙහේ කරන්නේ කොහොමද මෙහේ මිනිස්සු කෙසේවෙතත් බල්ලොවත් සහයෝගෙට එලියට බහියි කියල හිතන්න එපා. (බ)
ඔච්චර දගලන්න දෙයක් නැහැනේ. ප්‍රජාතන්ත්‍රවාදිව මේ ආණ්ඩුව නියමිත කාලයට මැතිවරණ ටික තිබ්බනම්. මේ ආණ්ඩුව නැති ප්‍රශ්න විහින් හදා ගන්න යන බවක් පෙනෙන්න තියෙනවා. පසුගිය ආණ්ඩුව ඒකාධිපති ආණ්ඩුවක් කියපු මේ උදවිය අද ක්‍රියා කරන්නේ කොහොමද. (බ)
බොහෝ දේශපාලකයන් ප්‍රජාත්‍රන්තවාදය ගැන කතා කරන්නේ ඒ වෙනුවෙන් පෙනී සිටින ඉටු දෙවිවරුන් මෙනි.එහෙත් ක්‍රි.ව.1977 න් පසු රටේ ප්‍රජාත්‍රන්තවාදයක් අපට දැනුණේ නැත. සමහර විට පසුගිය සමයේ දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රජාත්‍රන්තවාදය හඳුනාගෙන නොතිබෙන්නටද පුළුවන.යහපාලනය පැමිණෙන මොහොතේ අජිත් පි.පෙරේරා මහතා ගැන යම් විශ්වාසයක් අප වෙත පැවතියත්, අද වෙනකොට එතුමා තම පක්ෂය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයෙක් බවට ඔප්පුකරගෙන ඇත. (බ)
යහපාලන ආණ්ඩුවට විරුද්ධව ජනතාව පාරට බහින දවස වැඩි ඇතක නැහැ. දිනේෂ් මැතිතුමා කිවේ යහපාලනයට මුවාවී හමුදවට කරන අකටයුතුකම් නිසා ඉදිරියේදී සිදුවෙන්න පුළුවන් විපතක් ගැන පමණයි,(ක්‍රයිසිස් මැනේජ්මන්ට්). කතාව තේරුම් නොගත් ,නිදාගෙන සිටින ආණ්ඩුවේ ඇමතිලාට අලුත් මාතෘකාවක් ලැබී ඇති හෙයින් හැමදාම මාධ්‍ය සංදර්ශන තියාවි. ඒ අතරතුර ජනතවගේ අැස් වහලා ජලගාස්තුව ඉහල දමාවි. (බ)
දිනේෂ් ගුණවර්ධන ට ඕනනම් එක දැන්මම රනිල්ට කරන්න පුළුවන් . සරත් ෆොන්සේකාට වැඩේ බාරදුන්න නම් හරි . (බ)
හමුදා කමන්ත්‍රන කුමටද ..? (හේ)
වෙන්න ඕනෑත් ඒකතමයි (නි)
විපුල, සමහරු නම් ඔය උඩුබිරුම් වලට සතුටු ඇති. එ්ත් වැදගත් මනුෂ්‍යයින් එ්ක ප්‍රියකරන්නේ නැහැ (නි)
හොඳයි හොඳයි ඔහොම යමුකෝ! (නි)
තවම කාලය ඇත. තව තවත් ජනතාව මෙම රජයෙන් ඈත්වීමට පෙර වහ වහා ජනතාවට විශ්වාසය ඇති කරවීම පිණිස මිස, පාර්ලිමේන්තුවේ සිටින අයගේ විශ්වාසය තහවුරු කිරීමට කරන මෝඩ වැඩ නවතා කටයුතු කළයුතුය. නැතහොත් මෙම රජයට හා එහි රසය තලුමරන අයට අත්වන ඉරණම ළඟදිම මහජනතාව වන අපට බලා ගත හැකිය. (නි)
හමුදා කුමන්ත්‍රණ තිබුණේ ඉස්සරනේ! අැයි මේ අායෙමත් (නි)
ඔන්න බළලා මල්ලෙන් එළියට පැන්නා. මේ ගැන සොයාබලා තීන්දුවක් ගැනීම රජය සතුයි. ජනතාවගේ ඡන්ද බලය ආරක්ෂා කිරීම රජයේ වගකීමයි (නි)
ජනතාවට සේවය කරන්න ඇවිල්ලා පඩි මදි කියන අයත් මේ රටේ ඉන්නවනේ (නි)
අපේ ගෝඨාභය මැතිඳු එන එක නවත්වන්න කාටවත් බැහැ. ඡන්ද තිබ්බා කියලා අපේ මිනිස්සු හරි පාලකයෝ තෝරන්න දන්නා එකක්ද? (නි)
මෙයාලත් එක්ක පාරට බහින්න කවුරුවත් එන්නේ නැහැ (නි)
දිනේෂ් මහතා නොගැළපෙන කතාවක් කළ බවයි අපේ නම් හැඟීම (නි)
යහපාලනයට එරෙහි වන්නේ ජාතිය දේශය ගැන හැඟීමක් නැති අය බවයි අපිට හිතෙන්නේ (නි)
දැන්තමයි හැමෝටම හැමදේටම හමුදාව ගාවාගන්න මතක්වෙලා තියෙන්නේ (නි)
හමුදා ආණ්ඩුවක් පිහිටුවීම කෙසේවෙතත් ඔබතුමන්ලාගේ දේශපාලනය නම් අපිට වහකදුරු වලටත් වඩා තිත්ත වෙලා. (නි)
කට ඇරියොත් ඔහොමයි! දිනේෂ් මන්ත්‍රීතුමා කිව්ව දේ ගැන වැරදි අර්ථයක් මවන්න හදන ඔබ ගැන අප ඇත්තේ තරහක්. ඇත්තටම මට ඔබ වැනි අය ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දැන් රටේ ඔක්කොම වැඩ හොඳට කෙරීගෙන යනවා කියලද හිතාගෙන ඉන්නේ? මැතිවරණයක් තියලා පොඩ්ඩක් ටෙස්ට් කරලා බලන්න, රටේ මිනිස්සු ඔබලාගේ යහපාලනේ ගැන මොනවාද හිතන්නේ කියලා. (නි)
මට නම් තේරෙන්නේ මට පිස්සු හැදිලා වගේ (නි)
එක්කෝ එයාට පිස්සු, නැත්නම් අපිට පිස්සු. (නි)
මෙයාලා පස්සෙන් එන්න දැන් කවුරුත් නැහැ (නි)
අනේ වෙච්ච දෙයක්? දැන් බලයට කෑදරකම ඉහවහා ගිහින්. ඒකයි මේ ඝෝෂාව. (නි)
කවුද අනේ මේ? (නි)
එහෙම වෙනවා නම් අපි කැමතියි. මේ හොරු සියල්ල එළවන්න (නි)
බලාගනම ඉන්න. ඔබලත් එකකේ මේ රටේ ජනතාව පාරට බහීවි මේ ලැබෙන සහන සම්පත් වලට (හේ)