හෝමාගම ස්වර්ණාභරණ සාප්පුවක් කොල්ල කා අහසට වෙඩි තබා පළා ගිය බව කිය පස් දෙනකු සොයා පොලිසිය මෙහෙයුමක් අැරැඹීය.
කොල්ලකරුවන් තුවක්කු තුනක් හා කඩුවක් ද රැගෙන පැමිණි බවත් හෝමාගම අතුරුගිරිය මාර්ගය මිනිත්තු පහකට පමණ අවහිර කර පැන ගිය බවත් අවට වැසියෝ කියති.
පැහැරගත් රන් අබරණවල වටිනාකම මෙතෙක් වාර්තා වී නැත.
කොල්ලකරුවකු මුලින්ම රන් බඩු සාප්පුවේ දී බිමට වෙඩි තබා ඇතැයි ද, එහි උණ්ඩ සොයා ගත් බව ද පොලිසිය කියයි.
කොල්ලකරුවන් කළු කාරයකින් හා යතුරු පැදියකින් පැමිණි බවට තොරතුරු ඇත.
කොල්ලය වැරදී කොල්ලකරුවන් පළා ගිය බව මුලින්ම වාර්තා විය.
(ඡායාරූප බුද්ධික කුමාරසිරි)








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම මාසෙම කොහේ හරි මන් කොල්ලයක් සිද්ද වෙනවා කාටද මේවා කියන්නේ. සී.සී.ටීවී වීඩියෝ නැද්ද ? (නදී)