IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


හෝමාගම උසාවියට අදත් එස්ටීඑෆ්

හෝමාගම උසාවි භූමියේ අදත් (27) පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබළුන් යොදවා ආරක්ෂාව තර කර ඇතැයි පොලිසිය කියයි.

පොලිසි 15කින් 300ක් පමණද පොලිස් විශේෂ කාර්ය බළකායේ 50ක් ද කැරලි මර්දන හා ජල ප්‍රහාරක බල ඇණිද කැඳවා ඇත. මාර්ග බාධක යොදා උසාවියට පිවිසෙන මාර්ගවල ආරක්ෂාව දැඩි කර ඇත.

පෙරදින බොදු බල සේනා සංවිධානය උසාවි භූමියේ කළ කලහයෙන් පසු උසාවියේ ආරක්ෂාව තර කළ බව පොලිසිය පවසයි. උසාවියේ වැඩ සුපුරුදු පරිදි සිදුවේ.

උසාවිය අවට ආරක්ෂක දැඩි කර ඇති නමුත් අද දිනයේ කිසිදු කලබලකාරී ස්වරූපයක් දක්නට නොලැබිණි.

පොලිසියට ලැබුණු ආරංචියක් අනුව මෙසේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇත.

vlcsnap-2016-01-27-09h57m20s50 vlcsnap-2016-01-27-09h57m26s116 vlcsnap-2016-01-27-09h57m36s211 vlcsnap-2016-01-27-09h57m53s129 vlcsnap-2016-01-27-09h58m00s193 vlcsnap-2016-01-27-09h58m07s5 vlcsnap-2016-01-27-09h58m12s61 vlcsnap-2016-01-27-09h58m29s233

 

 



අදහස් (0)

හෝමාගම උසාවියට අදත් එස්ටීඑෆ්

පද්මිණී Wednesday, 27 January 2016 07:49 AM

ජෙනරාල් ෆොන්සේකා හිරේ දානකොට හාමුදුරුවෝ රහත්වෙලා හිටියද (බ)

:       0       0

ප්‍රින්ස් Wednesday, 27 January 2016 08:01 AM

අමල්,ඔබගේ අදහසට මා 100% එකඟ වෙමි. (කෞ)

:       0       0

මහින්ද සෞදි Wednesday, 27 January 2016 08:10 AM

අමල්,බ්‍රා එක ගලෝනව වගේ,ගිහියන්ට බැහැ උත්තරීතර චීවරය ගලවන්න. (කෞ)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Wednesday, 27 January 2016 08:46 AM

චිත්තෙට පැය දෙකයි .සිවුරට දවස් 14 යි අවුලක් නැ රටේ නිතිය හැමෝටම පොදුයි (බ)

:       0       0

නාමල් Wednesday, 27 January 2016 09:08 AM

එතකොට උත්තරීතර චීවරය දරාගෙන කරන තරමක් වහුකුණු පරවැඩ කරන්න පුළුවන්ද? (බ)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Wednesday, 27 January 2016 09:20 AM

යම් කෙනෙක් මහණ වෙන්නේ රට. ජාතිය. ආගම.මේ තුනම ආරක්ෂා කර ගැනීම උදාර චේතනාවෙන්ය. තමන්ගේ ඇස් ඉදිරිපිටම ඒ දේවල් විනාශ වෙනවානම් ඇස් කන් පියාගෙන ඉන්නද කියන්නේ ? මේකද බුදුදහම කියල අහන අයට කියන්න තියෙන්නේ බුදුදහම ගැන ඔච්චර දන්නවනම් මහණ වෙලා මේ රටට බුදු දහම දේශනාකරගෙන සාසනෙත් ආරක්ෂා කරගෙන ඉන්න කියල (බ)

:       0       0

දිල්ශාන් Wednesday, 27 January 2016 02:43 PM

ප්‍රින්ස් ,අමල් යන නම් වලින් අදහස් දාලා කොටින්ගේ ඩොලර් කාක්කෝ. (අ)

:       0       0

උපාලි Wednesday, 27 January 2016 09:55 AM

චිවරය ඇඟලා ඉන්නේ සිල්වත් හාමුදුරු නමක් නම්.නමුත් චිවරය දා ගත් රස්තියාදු කාරයින්ගේ රෙදි ගැලවිය යුතුය (බ)

:       0       0

සරත් සෞදි Wednesday, 27 January 2016 09:53 AM

පද්මිණි යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ (බ)

:       0       0

සහන් Wednesday, 27 January 2016 05:31 AM

මොකද බොරු බයක් පෙන්නන්නේ. උසාවියේ හාමුදුරුවෝ නැත්නම් කවුරුත් ඔතනට එන්නේ නැහැ. නඩුකාරයා කළේ නඩුව අහන එක. නමුත් නියෝගය ආවේ ඉහලින් වෙන්න පුළුවනි. ඊළඟට අපි යන්න ඕන දියවන්නාවට මිස හෝමාගම නෙවෙයි, (බ)

:       0       0

දසුන් Wednesday, 27 January 2016 10:03 AM

අමල් සහ සමාගමට කියන්න තියෙන්නේ ඔය සිවුර ගලවන්න කියන නියෝගය වාරියපොළ සුමංගල සහ කඩහපොල හිමිවරුන්ටත් දන්වන්න. ඒ උත්තමයන් හිරේ ගිහින් සහ වෙඩි කාලා මැරුණේ ජාතිය සහ ආගම වෙනුවෙන්. මේ හාමුදුරුවන් කෑගහන්නේ අපේ රණවිරුවන් වෙනුවෙන් මිසක් දේශපාලුවන් හෝ තානාන්තාර වලට නෙවෙයි.ඒවා කියන්න අතුරලියේ රතන සහ දඹර අමිල වගේ දේශපාලන හිමිවරුන්ට. (බ)

:       0       0

සාගර Wednesday, 27 January 2016 10:04 AM

අමල් ඕව ගැනුන්ට කියන්න.ඔය ඒවා ගලෝනව වගේ, උත්තරීතර චීවරය ගලවන්න බෑ (බ)

:       0       0

අංගොඩ ලාල් Wednesday, 27 January 2016 10:16 AM

චීවරේ දාගෙන මැරකම් , මදාවිකම් කරන්න අයිතියක් තියෙන්න බැහැනේ . එහෙම නම් අමල් කියන දේ හරියටම හරිනේ . මහින්ද මොකද චීවරේ එක්ක බ්‍රා එක පටලවා ගන්නේ (බ)

:       0       0

අමල් Wednesday, 27 January 2016 06:21 AM

ඥානසාර හාමුදුරුවනේ කරන දෙයක් චීවරේ ගලවල කරන්න. සිංහල බෞද්ධයා රැකගන්න ඕන. බුදු දහමට නිගරු කරන්නේ නැතුව. මිනිස්සුන්ට ශාසනය ගැන තියෙන පැහැදීම නැති වෙනවා මෙහෙම ගියොත්. දැනටමත් පොඩි උන්ගේ ඔලුවට ගිහින් ඇති හාමුදුරුවෝ කියන්නේ කුණු හරුප කියන චන්ඩි කියල. (බ)

:       0       0

මලී Wednesday, 27 January 2016 11:59 AM

චණ්ඩියෝද මේ රට බේරගන්න ඇවිත් තියෙන්නේ ? ඕකට සිවුර ගලෝල අාවානම් නේද හොද ?කොළබට වෙලා තමන්ගේ ස්වාමිවරුන්ගේ අණට අනුව සුදු වැන් මෙහෙයවපු අය රණ විරුවන්ද ? සැබෑ රණවිරුවන්ට අපාහස කරන්න එපා .(බ)

:       0       0

තිස්ස Wednesday, 27 January 2016 12:02 PM

සරත් ෆොන්සේකා මහතා හිරේ යවන කොට ඔහුට උදවු කලා කියා සිය ගණනක් නිළදාරීන් අනිවාර්ය නිවාඩු යවන කොට .සමහර නිලධාරීන්ව හෝටල් ඉස්සරහ දැනගස්වල තියනකොට ඔය ජාති අලය කොහෙද තිබුනේ ? (කෞ)

:       0       0

විපුල වැලිකල Wednesday, 27 January 2016 12:11 PM

ජේවීපී කලබල කාලෙනම් ඔයවගේ අයට බෙහෙත් ලැබුන .ආයෙම ඉල්ලගෙන කන්න වගේ හදන්නේ .ඕකට තමයි බුදු හාමුදුරුවොත් විනය පිටකයක් හදල තියෙන්නේ දුශ්ශීල භික්ෂූන්ගෙන් සාසනය රැකගන්න .(කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 585 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site