හෝමාගම උසාවි භූමියේ අදත් (27) පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබළුන් යොදවා ආරක්ෂාව තර කර ඇතැයි පොලිසිය කියයි.

පොලිසි 15කින් 300ක් පමණද පොලිස් විශේෂ කාර්ය බළකායේ 50ක් ද කැරලි මර්දන හා ජල ප්‍රහාරක බල ඇණිද කැඳවා ඇත. මාර්ග බාධක යොදා උසාවියට පිවිසෙන මාර්ගවල ආරක්ෂාව දැඩි කර ඇත.

පෙරදින බොදු බල සේනා සංවිධානය උසාවි භූමියේ කළ කලහයෙන් පසු උසාවියේ ආරක්ෂාව තර කළ බව පොලිසිය පවසයි. උසාවියේ වැඩ සුපුරුදු පරිදි සිදුවේ.

උසාවිය අවට ආරක්ෂක දැඩි කර ඇති නමුත් අද දිනයේ කිසිදු කලබලකාරී ස්වරූපයක් දක්නට නොලැබිණි.

පොලිසියට ලැබුණු ආරංචියක් අනුව මෙසේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇත.

vlcsnap-2016-01-27-09h57m20s50 vlcsnap-2016-01-27-09h57m26s116 vlcsnap-2016-01-27-09h57m36s211 vlcsnap-2016-01-27-09h57m53s129 vlcsnap-2016-01-27-09h58m00s193 vlcsnap-2016-01-27-09h58m07s5 vlcsnap-2016-01-27-09h58m12s61 vlcsnap-2016-01-27-09h58m29s233