2014 හෝමාගම ප්‍රාදේශිය සභාවේ අය වැය පරාජය වීමෙන් හිස් වු සභාපති ධුරයට නව මසකට පසු නව සභාපති ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී රුවන් ප්‍රබෝධ පීරීස් මහතා යළිත් අද (19) පත් කැරිණි.
ජනපති මහින්ද රාජපක්ෂ මහතා හෝමාගම ප්‍රාදේශිය සභා සන්ධාන මන්ත්‍රීන් සමඟ පැවැත් වු සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.
2014 ජනවාරි 1 සිට අප්‍රේල් දක්වා උප සභාපති ඉන්දික කෝරළගේ වැඩ බැලීය. අප්‍රේල් 9 වැනිදා ඔහු සභාපති ලෙස පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය යළි 10 වැනිදා අවලංගු කළේය.
පසුව පක්ෂ මහලේකම්වරයා විසින් සභාපති අද (19) යළි රුවන් ප්‍රබෝද පිරීස් පත් පත් කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පක්ෂ බේදයෙන් තොරව හෝමාගම මුළු ප්‍රදේශටම වැඩක් කළේ මංජු ශ්‍රී අරංගල මැතිතුමා සභාපති වෙලා සිටින අවස්ථාවේ පමණයි .(අ)
මේක පෙරළිකාර ආණ්ඩුවක්නේ කොහෙන් බැලුවත්. (නදී)
මේක පරාජය වෙන බවට පෙර ලකුණක් (නදී)
පුටු විතරක් නොවෙයි ඔහොම ගියොත් වැඩිකල් නොගොස් මේසත් පෙරලෙයි වගේ ! (ස)
පක්ෂ විපක්ෂ වේදිකා ජනතාව ඔක්කොම එකම පවුලක අය ලෙස තමා මංජු මහතා සැලකුවේ. රුවන් මැතිද ඔබට ජය ! (නදී)