IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


හෝමාගම අදත් පුටු පෙරළියක්

2014  හෝමාගම  ප්‍රාදේශිය සභාවේ අය වැය  පරාජය වීමෙන් හිස් වු සභාපති ධුරයට  නව මසකට පසු නව සභාපති ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී  රුවන් ප්‍රබෝධ පීරීස් මහතා යළිත් අද (19) පත් කැරිණි.

ජනපති මහින්ද රාජපක්ෂ මහතා හෝමාගම ප්‍රාදේශිය සභා සන්ධාන මන්ත්‍රීන් සමඟ පැවැත් වු සාකච්ඡාවකින් අනතුරුව  මෙම තීරණය ගෙන  ඇත.

2014 ජනවාරි 1  සිට අප්‍රේල් දක්වා උප සභාපති ඉන්දික කෝරළගේ  වැඩ බැලීය. අප්‍රේල් 9 වැනිදා ඔහු සභාපති ලෙස  පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය  යළි 10 වැනිදා අවලංගු  කළේය.

පසුව පක්ෂ මහලේකම්වරයා විසින් සභාපති  අද (19) යළි රුවන් ප්‍රබෝද පිරීස් පත් පත් කැරිණි.



අදහස් (0)

හෝමාගම අදත් පුටු පෙරළියක්

කුමාරසිරි Saturday, 20 September 2014 03:52 AM

පක්ෂ බේදයෙන් තොරව හෝමාගම මුළු ප්‍රදේශටම වැඩක් කළේ මංජු ශ්‍රී අරංගල මැතිතුමා සභාපති වෙලා සිටින අවස්ථාවේ පමණයි .(අ)

:       0       0

ඉසුරන්දි Saturday, 20 September 2014 05:07 AM

මේක පෙරළිකාර ආණ්ඩුවක්නේ කොහෙන් බැලුවත්. (නදී)

:       0       0

ප්‍රදීප් Saturday, 20 September 2014 07:05 AM

මේක පරාජය වෙන බවට පෙර ලකුණක් (නදී)

:       0       0

ගාමිණී සිරිවර්දන Friday, 19 September 2014 02:40 PM

පුටු විතරක් නොවෙයි ඔහොම ගියොත් වැඩිකල් නොගොස් මේසත් පෙරලෙයි වගේ ! (ස)

:       0       0

තිස්ස Saturday, 20 September 2014 09:24 AM

පක්ෂ විපක්ෂ වේදිකා ජනතාව ඔක්කොම එකම පවුලක අය ලෙස තමා මංජු මහතා සැලකුවේ. රුවන් මැතිද ඔබට ජය ! (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 236 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site