(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

මල්වතු හිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක දි හිමිනමකට  වෙඩි තැබීමට  නාදුනන පුද්ගලයන් ආ බව කියන මෝටර් රථය  එකලැස්කර තැනූ එකක් බවට  රස පරීක්ෂක නිලධාරීන් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි කඩුවෙල පොලිසිය කියයි.

වෙඩි තැබීමෙන් අනතුරුව එම මෝටර් රථය කඩුවෙල ගොඩැල්ල ප්‍රදේශයේ ලදු කැලෑවකට රැගෙන විත් ගිනි තබා විනාශ කිරීමෙන් අනතුරුව පුද්ගලයන් දෙදෙනකු කඩ්මුඩියේ ප්‍රධාන මාර්ගයට පැමිණ පොලිසිය දෙසට පා ගමනින් යන අයුරු දර්ශන පෙළක් විමර්ශන සිදු කරන පොලිස් නිලධාරීන් වෙත මේ වන විට ලැබී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

අදාල වෙඩි තැබීම නිදන් හෑරීමේ සිද්ධියක් මුල් කරගෙන  ලබාගත් ගණුදෙනුවක් අපවත් වූ හිමිනම  කිසියම් සංවිධානාත්මක කල්ලියකට නිසි අයුරින් ලබා නොදීමේ හේතුවක් මත සිදුකළ එකක් බවට මේ වන විට අනාවරණය වී තිබෙන තොරතුරු අනුව බොහෝ දුරට සැක කළ හැකි යැයි එම නිලධාරියා කීය.

අපවත් වූ  කලපලවාවේ ධම්මරතන හිමියන්     යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සම්බන්ධයෙන් ඉහළ දැනුමක් තිබෙන   දේපළ රැසකට හිමිකම් කියති.  බහුතරයක් දේපළ ඔහුගේ නමට නොව ඔහු සමීපව ඇසුරු කරන පුද්ගලයෙකුගේ නමට ලියා ඇති බව  පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.