තමා ශ්‍රී ලංකාවේ ජනපති වුවහොත් හැම ගොවියකුටම ට්‍රැක්ටරයක් නොමිලේ පිරිනමන බව ජනසෙත පෙරමුණේ නායක ජනපති අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ හෝමාගමදී කීහ.
ඒ හිමියන්ගේ ඡන්ද ලකුණද ට්‍රැක්ටරයයි.
තමා ශ්‍රී ලංකාවේ ජනපති වුවහොත් හැම ගොවියකුටම ට්‍රැක්ටරයක් නොමිලේ පිරිනමන බව ජනසෙත පෙරමුණේ නායක ජනපති අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ හෝමාගමදී කීහ.
ඒ හිමියන්ගේ ඡන්ද ලකුණද ට්‍රැක්ටරයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබෑවටම හොඳයි. ඊට නරකද ගොන් බානකුයි කරත්තයකුයි දුන්නා නම්. ඉඩම් නැති මිනිස්සු උරුමය පෙන්නලා පාරේ හරි යාවි. අධිවේගේ යන්න බැරි වුණත්.... (නි)
එක අපේක්ෂකයෙක් කිව්වා සියලුම මුස්ලිම් ජනයා මක්කම යවනවා කියල. ඔබ වහන්සේ කියන්නොකෝ සියලුම බෞද්ධ ජනයා දඹදිව යවනවා කියල.(ම)
අනේ මදි, හොඳටම මදි. දෙන්නකෝ ලෝභ නැතුව හොඳ පොරොන්දු ටිකක්. (නි)
ඇත්ත දන්නා නිසා මෙවැනි පොරොන්දු දෙන එක අමාරු දෙයක් නොවෙයි. (නි)
ගියසැරෙත් 2010 ජනවාරි මස 12 වෙනිදා ඡන්දෙට දින 14ක් තියෙද්දී ඉල්ලා අස්වුණා නේද කෙනෙක්? බයනැතුව පොරොන්දු දෙන්න ඔබවහන්සේ (නි)
සමාවෙන්න ස්වාමින් වහන්ස, මම සිංහල බෞද්ධ අයිතිය ගැනම පමණක් සිතන කෙනෙක්. මේ රටේ අද නැතිවෙමින් තියෙන්නෙත් එයයි. ඒ ගැනත් ටිකක් සිතා බැලුවොත් නරකද? (නි)
ට්‍රැක්ටර් රෝද දෙකේ ඒවාද?රෝද හතරේ ඒවාද ?ආනයනය කරන්නේ චීනයෙන්ද? ජපානයෙන්ද? ඉන්දියාවෙන්ද? මෙහෙ නිෂ්පාදන කම්හලක් හදනවාද? ඒ ටිකත් නොකිව්ව එක අඩුවක් නේද? (නි)
එතකොට ඩීසල් කාගෙන්ද? (නි)
මොකද ඡන්ද ඔහොම ලබාගන්න හදන්නේ හාමුදුරුවනේ? ඕක සාධාරණ බෞද්ධ ප්‍රතිපදාවට විරුද්ධ නැද්ද? (නි)
පසුගිය ජනපතිවරණයකදී කෙනෙක් කියලා තිබුණා හැම ගෙදරකටම කිරි හරකෙක් බැගින් දෙනවා කියලා. හිතට එන ඕනෑම දෙයක් පොරොන්දු වෙන්න හාමුදුරුවනේ. කිසිම ප්‍රශ්නයක් නැහැ (නි)
ට්‍රැක්ටර් මොනවා කරන්නද අපිට? (නි)
මේ කියන්නේ ඇත්තටම කරන්න පුළුවන් වැඩක්ද? (නි)
දෙන්න පුළුවන් පොරොන්දුවක් මොකද ලංකාවේ ගොවියෝ ඉන්නේ ටික දෙනානේ ඔක්කොම ඉන්නේ මහත් හොරු නේ. (බ)
ගියවරත් (2010) ඔහොම කිව්ව එක්කෙනෙක් හිටියා. දන්නෙම නැහැ එයා ඡන්දෙට සති දෙකකට පෙර අස්වෙලා ඇප බේරගත්තා (නි)
අනේ හාමුදුරුවනේ, ඕවා වැඩක් නැහැ. ජාතිය,ආගම ගැන හිතලා වැඩක් කරන්න බලන්න (නි)
හැම ගොවියෙක්ටම නිකන් ට්‍රැක්ටර් දෙන්න ගියොත් ඉවරයි.නැති අයත් ගොවියෝ වෙනවා.(හේ)
අනේ කොහොම හරි බන්දුලට පෙරේරාටත් එකක් දෙන්නකෝ (නි)
කවුරුහරි දන්නවද මෙතන ජනාධිපති අපේක්ෂකයෙකුට තිබෙන වරප්‍රසාද? (නි)
බලාගෙන ගිහාම ඒකෙත් ඇති වැරද්දක් නැහැ (දී)
මට ට්‍රැක්ටරයක් මොනවා කරන්නද (දී)
මෙම හිමිපාණන්ට ජනපති අසුනේ වැඩ සිටීමට හැකිවුවහොත් මෙම පොරොන්දුව ඉටුකිරීම සඳහා විදේශාධාර ලබාගැනීමට බලාපොරොත්තු වන්නේ කෙසේදැයි මහජනයා දැනුවත් කළොත් හොඳයි නේද? (නි)
මම ඹබ වහන්සේ සමගයි!(හේ)
මම ඹබ වහන්සේ සමගයි! (බ)
ට්‍රැක්ටරයත් එක්ක රියදුරෙකුත් දෙනවද? දැන් ශාසනය සහ පොදුජනතාව අතර වෙනසක් නැතිගාණයි. (නි)
නඟුලක් දුන්නොත් නරකද? (නි)
අනේ හාමුදුරුවනේ, පින්සිද්ධ වේවි. හැම දේසපාලන නියෝජිතයෙකුටම සිංහ මොළ අඟල් කාලක් බැගින් ලබාදෙන්න. (නි)
අපේ ස්වාමින් වහන්ස, ඔබවහන්සේගේ අදහස නම් පංකාදුයි. (නි)
ඡන්ද ලකුණ ට්‍රැක්ටරය නිසා ගොවීන්ට ට්‍රැක්ටර් එක ගානේ දෙනවාලු. ඒ නිසා හාමුදුරුවනේ ඔබ වහන්සේ කාර් එකෙන් යන්නේ නැතුව ට්‍රැක්ටරයෙන් මැතිවරණ ප්‍රචාර සඳහා ගියා නම් නේද හොඳ? (නි)
මේවටද මන්දා කියන්නේ අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා කියලා? (නි)
කැමති අයව අඟහරු ග්‍රහයා වෙත යවන්න බැරිද? (නි)
දෙන්න පුළුවන් දෙයක් ගැන කතා කරානම් නේද හොද?(හේ)
ඔය දේවල් වෙන්නේ නෑ.ඔය බොරු පොරෙන්දුයි.(හේ)
ඔබ වහන්සේ දිනුවම මගේ ගානේ මම ට්‍රැක්ටර් අරන් දෙනවා ඔබ වහන්සේට බෙදන්න. (ස)
ඔයිට වඩා හොඳ නැද්ද භික්ෂු පිළිවෙත් රැකගෙන හිටියනං. (ස)
මොන විහිලුවක්ද මේ මිනිස්සු කරන්නේ ? මේ වගේ අය වටේ ඉන්න මිනිස්සුන්ට තමයි පිස්සු.(හේ)
උතුම් වූ සිවුරක් දමාගෙන නොකෙරෙන දේවල් ගැන කියමින් හාමුදුරුවන් කරන්නේ අකුසලයක් නොවෙයි ද? මුසාවාද සහ සම්ප්‍රප්පලාප දෙඩවීමක් විතරයි. (ස)
විහිලු නොකර පන්සලටවෙලා හිටියනම් නරකද? (ස)
ගොන්නුන්ට ට්‍රැක්ටර් මොකටද ? (අ)
ඔය කිව්වට දෙන්න බෑ.(හේ)
ඊට ඉස්සර ගොවියාට අමුඩයක් දුන්නා නම් නරකද ?(හේ)
පළමුව මවුබිම,දෙවනුව මවුබිම ,තෙවනුව මවුබිම.(හේ)
ඔබ වහන්සේට ත්‍රි වීල් එකක්වත් නැතිව කොහොමද අනිත් අයට ට්‍රැක්ටර් දෙන්නේ? (නදී)
හාමුදුරුවනේ නිවන් මඟට යන්නේ මේ වහනයෙන්ද?(හේ)
බොරු බයිලා කියන්න එපා ,පුළුවන් දෙයක් කියන්න ඕන පිස්සු කෙලින්නේ නැතිව.(හේ)
අපිත් පුංචි කාලේ සෙල්ලම් කරනකොට ඔය එක එක වාහන සිතින් මවාගෙන කාඩ් බෝඩ්, හිස් ටින් කැබලි වලින් සෙල්ලම් කළා. එක තමයි අපේ සිහින ලෝකේ . මම හිතනවා මේකත් එහෙම එකක් වෙන්න ඇති..(හේ)
කරන්න පුළුවන් දෙයක් කියන්න.(හේ)
ඔය කියන විදියට හැමෝටම දෙන්න බෑ.(හේ)