යුද්ධයෙන් ස්වාමිපුරුෂයා අහිමිවූ කාන්තාවන් වැඩි වශයෙන් කිලිනොච්චියේ ජීවත්වන හෙයින් කාන්තා ගෘහ මූලික පවුල් නඟා සිටුවීම සඳහාවන ජාතික මධ්‍යස්ථානයක් කිලිනොච්චියේ පිහිටුවීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සැරසෙයි.
උතුරු ප්‍රදේශයේ සිටින කාන්තා ගෘහ මූලික පවුල් 50,000 කගේ ඉදිරි ආදායම් හා ජීවන මාර්ග ඉලක්ක කර ගනිමින් අගමැති මෙම මධ්‍යස්ථානය පිහිටුවීමට තීරණය කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරට සැළකීම පිළිබඳව කිසිම අමනාපයක් නැහැ. කළයුතු දෙයක්. ඒ වගේම රටේ අනිත් ප්‍රදේශවල ත්‍රස්තවාදීන්ගේ ක්‍රියා නිසා දුකට පත්වුණ ජනතාවටත් පිහිටක් වෙන්න. එයාලා ගැන කිසිම රජයක් බැලුවේ නැහැ. මීට දශක දෙකකට පෙර මගේ ඥාති සොහොයුරියකගේ තරුණ සැමියා කොළඹ බෝම්බ පිපිරුමකදී මියගියා. ඒ දිනවල අත දරුවෝ වුණ එයාලගේ දරුවන් අද තරුණ වයසට පත්වෙලා. එයාලට තාත්තාව මතක නැහැ. දකින්නේ ෆොටෝ වලින්, තාත්තා ගැන දැනගන්නේ අනිත් අයගෙන්. ඒ සොහොයුරිය ළමයි හදාගන්න අපමණ වෙහෙසක් ගත්තා තරුණ මවක් විදියට. රටේ තිබෙන අස්ථාවරභාවය අනුව තාමත් ජීවන අරගලයේ. කිසිම ආණ්ඩුවකින් කිසිම පිහිටක් ලැබුනේ නැහැ. මේ එක උදාහරණයක් විතරයි. (නි)
සිංහල පළාත් වල සිටින සහ සෙසු වැන්දඹු භාර්යාවන්ගේ සුබ සාදනය ගැනත් සොයනවද.? නැති උනු මොවුන් වැඩිම දෙනෙක් දේශපාලන ගැත්තන් නිසා අවශ්‍ය නැද්ද? (නදී)
රටට සංහිඳියාවක් ඕනෑ , උතුරට -දකුණට එකම දැක්මක් (නි)
පුදුමය කියන්නේ දකුණේ මියගිය අහිංසක සිවිල් වැසියන්ගේ දරුවන් ගැන අමතකවෙන එකයි. (නි)
මෙයා තව ටික දවසකින් වෙනම රටක් කියාවි.ජාතික සේවක සංගම් කාරයෝ (යුඑන්පි) එක තමයි 83 කළු ජුලිය හැදුවෙත් .87-89 සංහාරයට වග කිව යුත්තේත්.දකුණට රනිල් මොනවාද කරන්න යන්නේ. (ස)
මොනදේ කලත් ඉක්මනින් ඒවායෙන් ප්‍රතිපලත් ලැබෙනවා නම් තමයි හැමෝම කැමති. (නදී)
අනිවාර්‍යෙන්ම මේක හොද වැඩක්. ඒ අයත් අපේම දමිල සහෝදරයෝ (නදී)
සිංහලයන්ට නම් නැතත් කමක් නැහැ එයාලට දෙන්න. සිංහලය මහා ජාතියනේ එයාලට මොකුත් ඕනේ නැහැ. (නදී)
දකුණේ සිටින විරෝධාර සෙබළුන් එලෙස මියගියේ අපිට යහපත් රටක් හිමිකරදීමටය. (නි)
දකුණේ විරෝධාර සෙබළුන්ගේ දරු පවුල් ගැනත් සොයබලන්න (නි)