යුද්ධයෙන් ස්වාමිපුරුෂයා අහිමිවූ කාන්තාවන් වැඩි වශයෙන් කිලිනොච්චියේ ජීවත්වන හෙයින් කාන්තා ගෘහ මූලික පවුල් නඟා සිටුවීම සඳහාවන ජාතික මධ්‍යස්ථානයක් කිලිනොච්චියේ පිහිටුවීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සැරසෙයි.
උතුරු ප්‍රදේශයේ සිටින කාන්තා ගෘහ මූලික පවුල් 50,000 කගේ ඉදිරි ආදායම් හා ජීවන මාර්ග ඉලක්ක කර ගනිමින් අගමැති මෙම මධ්‍යස්ථානය පිහිටුවීමට තීරණය කර තිබේ.
2025 දෙසැම්බර් මස 04
721
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හිමි අහිමි උතුරු කතුන්ට අත්වැලක්
ඈන් Sunday, 05 April 2015 05:58 PM
උතුරට සැළකීම පිළිබඳව කිසිම අමනාපයක් නැහැ. කළයුතු දෙයක්. ඒ වගේම රටේ අනිත් ප්‍රදේශවල ත්‍රස්තවාදීන්ගේ ක්‍රියා නිසා දුකට පත්වුණ ජනතාවටත් පිහිටක් වෙන්න. එයාලා ගැන කිසිම රජයක් බැලුවේ නැහැ. මීට දශක දෙකකට පෙර මගේ ඥාති සොහොයුරියකගේ තරුණ සැමියා කොළඹ බෝම්බ පිපිරුමකදී මියගියා. ඒ දිනවල අත දරුවෝ වුණ එයාලගේ දරුවන් අද තරුණ වයසට පත්වෙලා. එයාලට තාත්තාව මතක නැහැ. දකින්නේ ෆොටෝ වලින්, තාත්තා ගැන දැනගන්නේ අනිත් අයගෙන්. ඒ සොහොයුරිය ළමයි හදාගන්න අපමණ වෙහෙසක් ගත්තා තරුණ මවක් විදියට. රටේ තිබෙන අස්ථාවරභාවය අනුව තාමත් ජීවන අරගලයේ. කිසිම ආණ්ඩුවකින් කිසිම පිහිටක් ලැබුනේ නැහැ. මේ එක උදාහරණයක් විතරයි. (නි)
නිමල් ලලිතා Monday, 06 April 2015 03:32 AM
සිංහල පළාත් වල සිටින සහ සෙසු වැන්දඹු භාර්යාවන්ගේ සුබ සාදනය ගැනත් සොයනවද.? නැති උනු මොවුන් වැඩිම දෙනෙක් දේශපාලන ගැත්තන් නිසා අවශ්‍ය නැද්ද? (නදී)
දුමින්ද Monday, 06 April 2015 03:59 AM
රටට සංහිඳියාවක් ඕනෑ , උතුරට -දකුණට එකම දැක්මක් (නි)
නිලාන්- කටාර් සිට Monday, 06 April 2015 03:58 AM
පුදුමය කියන්නේ දකුණේ මියගිය අහිංසක සිවිල් වැසියන්ගේ දරුවන් ගැන අමතකවෙන එකයි. (නි)
ප්‍රකාශ් Monday, 06 April 2015 04:05 AM
මෙයා තව ටික දවසකින් වෙනම රටක් කියාවි.ජාතික සේවක සංගම් කාරයෝ (යුඑන්පි) එක තමයි 83 කළු ජුලිය හැදුවෙත් .87-89 සංහාරයට වග කිව යුත්තේත්.දකුණට රනිල් මොනවාද කරන්න යන්නේ. (ස)
ඉසුරන්දි Sunday, 05 April 2015 02:12 PM
මොනදේ කලත් ඉක්මනින් ඒවායෙන් ප්‍රතිපලත් ලැබෙනවා නම් තමයි හැමෝම කැමති. (නදී)
නිපුන් Sunday, 05 April 2015 03:17 PM
අනිවාර්‍යෙන්ම මේක හොද වැඩක්. ඒ අයත් අපේම දමිල සහෝදරයෝ (නදී)
විජයබාහු Monday, 06 April 2015 07:49 AM
සිංහලයන්ට නම් නැතත් කමක් නැහැ එයාලට දෙන්න. සිංහලය මහා ජාතියනේ එයාලට මොකුත් ඕනේ නැහැ. (නදී)
අබේරත්න-ටෝකියෝ Sunday, 05 April 2015 04:52 PM
දකුණේ සිටින විරෝධාර සෙබළුන් එලෙස මියගියේ අපිට යහපත් රටක් හිමිකරදීමටය. (නි)
අබේරත්න-ටෝකියෝ Sunday, 05 April 2015 05:12 PM
දකුණේ විරෝධාර සෙබළුන්ගේ දරු පවුල් ගැනත් සොයබලන්න (නි)