ඉබ්බාගමුව කුඹුක්ගැටේ කුවේනිගල පාමුල ගෙදරකින් සොයා ගත් වැල්ලව නිකදළුපොත පන්නම අඹකොළවැව තමාරා කේෂාණි බණ්ඩාර විජේකෝන් දැරිය ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගිය බව රෝහල් ආරංචි කියයි.
ඉබ්බාගමුව කුඹුක්ගැටේ කුවේනිගල පාමුල ගෙදරකින් සොයා ගත් වැල්ලව නිකදළුපොත පන්නම අඹකොළවැව තමාරා කේෂාණි බණ්ඩාර විජේකෝන් දැරිය ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගිය බව රෝහල් ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගඩොලෙන් තියා යකඩින් බිත්ති හැදුවත් නොසැලකිලිමත් අම්මලා වෙනස් වෙන්නේ නැහැ. ළමයාගේ ආරක්ෂාව බිත්තියකට පවරන්න පුලුවන්ද ? වැඩිහිටියන් පුදුම නින්දක නේ එදා රාත්‍රී ඉඳල තියෙන්නේ. (නදී)
මේ උදවිය හරියට බලි තොවිල් ගුරුකම් විස්වාශ කරනවලු. වාර්තා වෙලා තිබුනා කට්ටඩියා ගෙදර නතර වෙලා හිටියේ මේ කාන්තාවට සාත්තර කියන්න දේව වරමක් දෙන්නලු. (නදී)
මමත් කියන්නේ අනවශ්‍ය ප්‍රසිද්ධිය ළමයාට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. (නදී)
දරුවා අරන් ගිය මිනිහට නම් දඬුවමක් දෙන්න ඕනි (නදී)
මේ සැකකරු විකෘති ආශාවන්ගෙන් පෙළෙන කෙනෙකුලු නේද? මේ නරුම මිනිසා ගැන මට තිබෙන අප්‍රසන්නකම මෙතන ලියන්න වචන නැහැ. (නි)
සමාවෙන්න මෙහෙම ලිව්වාට. අම්මලා පුතාලගේ වැරදි වහනවා. ඒකෙන් සමාජයට වෙන අයහපත ඒගොල්ලෝ හිතන්නේ නැහැ. (නි)
රත්නත්‍රයේ සරණයි දෝණියේ ඔයාටත් ඔයාගේ දෙමාපියන්ටත්! (නි)
මෙතන පරීක්ෂණ ඉවර වෙනතෙක් එලි නොකරන දේවල් ඇති. උදව් කරන එක ඉතා හොඳයි. නමුත් මම නම් මුලික පරීක්ෂණ නිම වුනාට පසුව තමයි කරන උදව්වක් කරන්නේ. මේක දෙමව්පියන් ඉදිරිපිට කල පැහැර ගැනීමක් නෙවෙයි. නොයෙක් කතා පැතිරෙනවා. මව් පියන් කියන දේ වෙනස්. ඒ නිසා උදව් කිරීමට මම ඉක්මන් වෙන්නේ නැහැ. (නදී)
මේවා ඇහෙනකොට අපේ ඇඟේ ලේ කෝප වෙනවා. (නි)
ප්‍රධාන සැකකරු මීට කලිනුත් චෝදනා සහිත කෙනෙක්ලු. මේ අයගේ ඥාති වෙලත් ඒ පුද්ගලයා ගැන පුදුමයිනේ මව්පියන් දැන නොසිටීම. ගෙදරටත් ආවා ගියාලු. (නි)
දැන් එතකොට මීට කලින් සැකකරු විසින් පහර ගන්නට තැත් කලා කියන දැරියන්ගේ අම්මලා මොකද කියන්නේ ? මොනවා කිව්වත් ඒ දරුවන්ගේ නම් විස්තර ප්‍රසිද්ධ නොකරන තරමට හොඳයි. ගැහැණු දරුවෙකු පැහැර ගැනීමක් කියන්නේ රටටම ඇගේ විස්තර අණ බෙර ගහන්න ඕන කාරනාවක් නෙවෙයි කියන එක මගෙත් පුද්ගලික අදහස . මට ඉන්නෙත් දුවෙක් . (නදී)
තව තව දේවල් ගැනත් අපිට හොඳ ටිකක් ආරංචියි. (නි)
මරණ දඬුවම ක්‍රියාත්මක නොකර කිසිම වැඩක් නැහැ. ඕනෑම අපරාධයක් කරලා සැනසිල්ලේ ඉන්න පුළුවන් එකම රට. (නි)
මේ නරුමයාගේ නෝනාත් දාලා ගිහිල්ලලු නේද? තවත් හොඳ ආරංචි තිබෙනවා. මේ දරුවාගේ පෙර පිනකට බේරිලා තියෙන්නේ. හොඳ සැළසුමක් ඇතුව තමයි දරුවා අරගෙන ගිහින් තියෙන්නේ. ඒවා පස්සේ හෙළිවේවි (නි)
මේ සිද්ධියේ අපි නොහිතන පැත්තක් තියෙන්න පුළුවන්. (නදී)
දරුවන් සම්බන්ධයෙන් සමහර අම්මලා හරිම නොසැලකිලිමත්. සමහරු රැකියාවට යන නිසා කාර්ය බහුල බව එහෙම වෙන්න පුළුවන්. එ්ත් දැන් බලන්න මේ පැහැර ගත් දරුවන් හැමෝගෙම අම්මල ගෙදර ඉන්න ගෘහනියන්. තමන්ගේ දරුවා ගැන ඇහැ ගහ ගන්න රැකියාවට යන කාන්තාවකට වඩා ඕන තරම් කාලය තිබෙනවා. රැකියාවට යන අම්මට මහන්සියට රෑට ගොරව ගොරව නින්ද ගියා. කියමු. එ්ත් පාරේ මග තොට රස්තියාදු වෙන තෙහෙට්ටුවක් නැති නම් රෑට සද්දයක් ඇහෙන්නේ නැති වෙන්න නින්ද යන එක හරි පුදුමයි. මම මේ කාටවත් විශේෂයෙන් දොස් කියනවා නෙවෙයි. රැකියාවට යන කාන්තාවකට වැඩිය ගෘහිණියකට දරුවන් ගේ ආරක්ෂාව ගැන වැඩි යමක් කරන්න පුළුවන් කියලා මම කියන්නේ. (නදී)
දරුවාගේ දෙමව්පියන්ගේ නිදි මරගාතය නම් පුදුමයක් තමයි. (නදී)
අනේ දුවේ, ඔයාට බුදු සරණයි! (නි)
අනේ අම්මේ තාත්තේ, ඔයාලගේ දරුවෝ ගැන බලාගන්න. පේනවනේ වෙන දේවල්. දරු පැටවුන්ට බුදු පිහිටයි! (නි)
කොණ්ඩය කැපූ බවක් නම් පෙනෙන්න නැහැ (නි)
දුවටත් අම්ම තාත්තටත් බුදු සරණයි. මීට වඩා තමන්ගේ ගෙදරට එන යන ගැන අවදානයෙන් දැනුවත්ව සිටියා නම් කිසිම දෙමාපියෙකුට මේ වගේ දුකක් ඇති නොවෙන්න තිබ්බා. මහා පොලව නුහුල්ලන අපරාද වෙන එක වැලැක්වීම දෙමාපියන්ගේ ලොකු වගකීමක්. මේ නිවසේ ආකාරය අනුව මේ දරුවන් ගැන මීට වඩා අවදානයෙන් ඉන්න තිබුනා. අපේ සමාජයේ ඉන්න නරුමයන් හඳුනාගන්න. පොලිසියට හමුවීමට කලින් ගම්මුන්ට අපරාදකරු හමුවීම ගැන සතුටු වෙන්න පුළුවන් මොකද පොලිසිය ගහන්නේ අහිංසකයින්ට විතරනේ. සුබ අනාගතයක් වාසනාවන්ත දුවේ. (නදී)
ඒක නම් සහතික ඇත්ත චාන්දනී. මේ නරුමයා 100% කින් වැරදියි. ඒත් එක්කම මේ අම්මත් ළමයා හරියට බලාගෙන නැහැ. (නදී)
පරීක්ෂණ සඳහා දෙන්න තිබෙන ලොකුම සහය කට කතා ප්‍රචාරය නොකර දරුවාගේ පුද්ගලිකත්වයට ගරු කිරීම කියලා මට හිතෙන්නේ. (නදී)
බුදුසරණයි ඔබට දුවේ (නදී)
තෙරුවන් සරණ ලැබුනා දුවට. මම දුර රටක ඉඳල ඔයා වෙනුවෙන් පඩුරු ගැට ගැහුවා දුවේ. අම්මලාට හොඳ පාඩමක් මේක (නදී)
මෙහෙම කෙලවර උන එක හොඳට ගියා. වාසනාවන්ත දියණියක් කියා මුහුණින් පේනවා (නදී)
අම්ම කියල තිබුනේ දෙරණට ළමය හම්බ උනාම ඔක්කොම කියනවා කියලා. මෙතන රහසක් තියනවා. (නදී)
ලොකු රහසක් මෙය පිටුපස තියනවා කියලා මට හිතෙනවා (නි)
මමත් කියන්නේ මේ දරුවා ගැන ගෙදර වැඩිහිටියන්ගේ අවධානය යොමු වුණා මදි කියලා. චාන්දනී කියනවා වගේ ඔහොමත් නින්ද යනවද නිදි බෙහෙත් බීලා වගේ. ඉටි රෙදි මදුරු දැල් කතුරෙන් කපන සද්දෙටවත් ඇහැරෙන්න ඕනෑනේ. මෙතන වෙනත් අභිරහසක් තියනවා වගේ (නි)
හරිම සතුටුයි දරුවා හමු උනා කීවම. (නදී)
සුදු දුවට තෙරුවන් සරනේ පිහිට ආරක්ෂාව ලැබී නිදුක් නිරෝගී ජීවිතයක් ගත කිරීමේ වාසනාව ලැබේවා. (නදී)
දරුවට බුදු සරණයි. මගේ දුව පොඩි කාලේ වගේ (නදී)
දරුවා ලැබුන එක ගැන ගොඩක් සතුටක්. ඒ වුනාට දරුවාගේ සම්පුර්ණ නම ආදි විස්තර මාධ්‍ය මගින් හෙලිකිරීම වැරදියි.(අ)
මේ පුංචි දියණිය මුළු සමාජයකම ඇස් ඇරෙව්වා. මෙය පාඩමකට අරන් දරුවන් ප්‍රවේශම් කරගන්න.අනික සමහරුන්ගේ මතයක් තියෙනවා රැකියාවට යන මවක් වෙහෙස වෙනවා ගෙදර ඉන්න අම්ම කෙනෙකුට වැඩිය කියා. මේ අම්මත් රස කැවිලි නිෂ්පාදනයක නියැලෙන කෙනෙක්. පය 8 ට වඩා වෙහෙස වෙනවා ඇති. (දිල්)
දැන් දැන් සිදුවන අපරාද දෙස බැලුවහම කරදරයක් නැතිව සොයාගත් එක ලොකුදෙයක්. වාසනාවන්ත ලස්සන බබෙක්. බබාට වාසනාවන්ත අනාගතයක්. (දිල්)
දැන් කාටවත් දොස් කියල වැඩක් නැහැ. අපේ රටේ දක්ෂ පොලිස් නිලධාරින්ට මගේ ආචාරය. ඔවුන්ගේ මහඟු සේවාවන් අගය කරමි. (අ)
ලොකු සතුටක් චූටි කෙල්ල හොයාගත්තු එක.මේ තිරිසන් වැඩේ කරපු එවුන් උල තියලා මදි.චූටි දුවගේ දෙමාපියන්ට ඉන්න පුලුවන් හොඳ ගෙයක් ලැබුනොත් ලොකුම ලොකු පිනක්.(අ)
මේ සැකකරුට මීට කලින් පාසල් ශිෂ්‍යාවක් සම්බන්ධ අපචාර චෝදනා තිබුනාලු. ඒකත් දැන දැන ද මේ මව්පියන් නැදාකම පවත්තලා තියෙන්නේ. ? (නදී)
මම පමාර දුව නැති උන දා ඉදලා උදේ හවස බුදුන්ටත් දෙවියන්ටත් කිවේ ඉක්මනින් දරු පැටියව හම්බ වෙන්න කියලා. මට වැඩක් පලක් කරන්නවත් හිතේ සැනසීමක් තිබුනේ නැහැ. මේ දුවව මතක් උනා නිතරම. මගේ නංගිගේ දුව වගේ මේ පොඩි දරුවෝ ඉන්න දෙමාපියන් මීට වැඩිය සැලකිලිමත් උනොත් හොඳයි නේද? (නදී)
මට නම් හිතාගන්න හරිම අමාරුයි ඇයි මිනිසුන් මේවගේ තිරිසන් වැඩ කරන්නේ කියලා. මේ දුව ඒ දවස් හතර මොනවගේ මානසික දුකකින්ද ඉන්න ඇත්තේ? (නි)
වාසනාවන්ත දරුවෙක් සහ දෙමාපියෝ! (නි)
අගතියට පත් දැරිය පැත්තක. සමහරු එයාගේ අම්මා ගැනනේ කියවන්නේ? (නි)
මේ පරීක්ෂණ අවසන් වුණ ගමන් මේ මව්පියන් දැරියව ආරක්ෂා සහිතව රැක බලා ගනීවි කියල හිතනවා. ඇයට ඉක්මනින් සාමාන්‍ය ජීවිතයට පත් කිරීම ඉතා වැදගත්. මෝඩ කමට අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබා දෙන්න හැම තැන ම අරන් යන්න පින්තුර ගන්න වගේ දේවල් වලින් ඈත් වෙන එක දරුවාට යහපතක්. මේවා යේ ප්‍රතිපල එන්නේ ඉදිරියට . මේ ගැහැණු දරුවෙක්. අනාගතයේ විවාහ වන කාලයක පවා ළමා වියේ සිදුවීම මතුවී ඇයට ප්‍රශ්න ඇති නොවීමට විශේෂයෙන් අම්මා වග බලා ගත්තොත් හොඳයි. ඒ නිසයි මම කිව්වේ දරුවාව අනවශ්‍ය ප්‍රසිද්ධියෙන් වලකා ගන්න තරමට හොඳයි කියලා. මොකද අපේ සමාජය තව කාලයක් ගියත් ගතිකානුගතිකයි. (දිල්)
සුදු පුතේ, ඔයාට තුණුරුවන්ගේ සරණයි! (නි)
දරුවා ලැබුන එක නම් ඇත්තටම සතුටක්. (නි)
අහිංසක දරුවෙක් මෙවැනි අන්තරාදායක තත්වයකට වැටීම ගැන ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය කුමන හෝ අන්දමේ පියවරක් ගන්නේ නම් තවත් මෙවැනි දරුවන් බොහොමයකගේ ජීවිත වලට පිළිසරණක් වේවි. (නි)
පොඩි දරුවන්ට කරදර කරන්න හිතන අයට ශාප වෙන්න ඕනා (නදී)
දරුවා දැක්කම සතුටුයි. මොනවා වුණත් මෙතන දෙමාපියන්ගේ නොසැළකිල්ලත් තිබෙනවා. මේ ගෙදර නිතර ආගන්තුකයන්ට ගැවසීමට නිදහස ඇති තැනක් කියලා පේනවා. දැන් රටේ සිදුවන දේවල් වල හැටියට දරුවන් ඇති උදවිය මීට වඩා සැළකිලිමත් විය යුතුයි. (නි)
මේ පවුලට ගෙයක් හරි ගස්සන්නට උදව් කරන්න (නදී)
මේක කාන්තා කාර්යාංශයට විතරක් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි චන්ද්‍ර. ගෙවල් වල ඉන්න වැඩිහිටියොත් දරුවන් සම්බන්ධයෙන් මීට වැඩිය අවධානය යොමු කරන්න ඕනෑ. සමහරු අපයෝජකයින්ව ගෙදරටම අඬ ගහ ගන්නවනේ. ඉතින් කොහොමද කරන්නේ? (නි)
ඔය පැහැරගත් අයට හොඳ දඩුවමක් දෙන්න ගම්වැසියනි (නි)
අපි දන්නේ නැහැනේ මේ ගෙවල් අතර ඥාති සම්බන්ධය ගැන. පරීක්ෂණය නිම වනතෙක් මට නම් කිසිම දෙයක් හිතාගන්න බැහැ. දැරිය නිරුපද්‍රිතව හමුවීම ගැන නම් ඉතා සතුටුයි. (නි)
අපිට නම් හැඟෙන්නේ මොහු මේ ගෙදර සමඟ හොඳින් ඇසුරු කරනවා කියලා. දරුවෝ හොරකම් කරනතුරු මේ අම්මලා දන්නෙ නැද්ද? (නි)
අත්අඩංගුවේ සිටි දින තුනම මේ දැරිවිය අම්මා තාත්තා ගැන අහලා නැති එකත් මවගේ ප්‍රකාශයත් මට නම් සැකසහිතයි. මේ දරුවා මොනවාහරි දන්නවා වුණත් කියාගන්න බැහැ වගෙයි. මම වැරදි වෙන්නත් පුළුවන්. (නි)
දෙමව්පියන්ට දොස් කියන එක හරි මදි. මේ අය සෑහෙන්න මහන්සි වෙනවා. මට පේන්නේ ජීවිතය ගැට ගහගන්න. තමන්ගේ දරුවන්ට හානියක් වෙන විදියට දෙමුපියෝ වරදක් කරලා නැහැ. එකම වරද නැති බැරි කමට ඉටිකොළ ගහල හිටපු එකනේ. ගඩොල් බැමි තිබුන නම් මේ කතාව මෙහෙම වෙන එකක් නැහැ. ගේ හදා ගැනීමට උපකාර කල හැකි අය එකතු වෙලා යමක් කරමු (නදී)
මම හිතන්නේ මේ අපරාධකරුව උල තියන්නයි වටින්නේ (නි)