මන්නාරම අඩම්පන්හි නිවසක ඇති කළ තිබූ හඳුන් දිවි පැටවකු සමග දඩයක්කරුවකු අත්අඩංගුවට ගත් බව අඩම්පන් පොලීසිය කියයි.
මෙම හඳුන් දිවි පැටවා විකිණීමට සැලසුම් කර තිබූ බවටද අඩම්පන් පොලීසියට තොරතුරු ලැබී ඇත.
සති තුනක් පමණ වයසැති මෙම හඳුන් දිවි පැටවා නිරෝගිමත්ව සිටින බවත් අඩම්පන් පොලීසිය විසින් මඩු වනජීවි කාර්යාලය වෙතට භාර දීමට පියවර ගත් බවත් කියති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතාගේ වයසේ හැටියට දාලා තියෙන දම්වැල නම් අනුමත කරන්න බැහැ. ළඟ තබාගැනීම සහ ඔහොම බැඳ තබා තිබීමම සත්ව හිංසනයක්! (නි)
ජීවත්වෙන්න තමන්ගේම දරු පැටියව විකුණන තත්වයේ මිනිස්සු නිර්මාණය කරලා තියන රටක, දරුවාට කන්න අඳින්න දෙන්න බැරුව වෙන කෙනෙක්ට හදාගන්න දෙන්න සිද්ධවෙන මිනිස්සු නිර්මාණය කරපු රටක, සතුන්ව විකුණන තත්වෙට මිනිහෙක් පත්වෙන එක මහ ලොකු දෙයක්ද. (නි)
අනේ පව්. හොඳටම බයවෙලා ඉන්නේ (නි)