(තිළිණි ද සිල්වා)
කොළඹ තරු පහේ හෝටල් තුනක සහ දේවස්ථානයක පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ ප්‍රහාර හේතුවෙන් මිය ගිය හඳුනා නොගත් විදේශිකයින් 25 දෙනෙකු ගේ මළසිරුරු කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය ආරංචි මාර්ග සඳහන් කරයි.
ඊට අමතරව මියගිය පුද්ගලයින් අතර සිටි ඉන්දීය ජාතිකයින් 3 දෙනෙකු ද , එක් පෘතුගීසි ජාතිකයෙකු ද , තුර්කි ජාතියින් 2 දෙනෙකුද , එක්සත් රාජධානියේ 2 දෙනෙකු සහ ඇමෙරිකා හා එක්සත් රාජධානි පුරවැසිභාවය දරන දෙදෙනෙකුද හඳුනාගත් මළ සිරුරු අතර වන බව විදේශ කටයුතු අමත්‍යාංශ නිලධාරියෙකු පැවසීය.
මීට අමතර ප්‍රහාර සිදු වු ඊයේ (21) සවස 6.00 වන විටත් තවත් විදේශිකයින් 19 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටින බවද විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක කර්මාන්තයටත් මේක ලොකු හානියක්.
විදේශිකයින් නැවතිලා සිටි හෝටල් වල හිමිකරුවන්ට මොවුන්ගේ පවුල් වලට දැනුම් දීමට කටයුතු කරන්න අණ දෙන්න. කළමනාකරුවන් ලග සියලුම විස්තර තිබෙන නිසා ඇතුල් වෙනකොට සේරම ගන්නවනේ. මොවුන්ව තනි නොකරන්න. මොවුන්ගෙන විශාල මුදලක් අය කරනවා වගේ ඊට වැඩිය ලොකු සේවයක් ඔවුන්ට ලබාදෙන්න. නැවත නොඑන්න වැඩ නොකරන්න