විදේශ ශ්‍රමිකයකු ලෙස සේවය කරන මවට හෝ පියාට කරන ලොකුම ගෞරවය වන්නේ උගතකු බුද්ධිමතකු වී විදේශයන්හි සේවය කරන්නට අදිටන් කර ගැනීම යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අරලියගහ මන්දිරයේදි අද (08) පැවසීය.
විදේශ රට වලට ගොස් මව හෝ පියා කරන ශ්‍රම පරිත්‍යාගය වෙනුවෙන් අනාගත පරපුර උසස් වෘත්තීයක් ලබාගැනීමේ අධිෂ්ඨානය ඇති කර ගත යුතු බවද ජනපති කීවේය.
විගමනික දෙමාපිය දූ දරු ශිෂ්‍යත්ව ජාතික මහෝත්සවය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සංවර්ධන නිලධාරීන්හට පරිගණක ලබා දීමේ වැඩසටහන සහභාගි වෙමින් ජනපති මේ බව කීය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඔව් ජනපතිතුමා, මෙහෙ දුප්පත් ජනතාවගේ සල්ලි වලින් නොමිලේ ඉගෙනගෙන පිටරට වලට රස්සාවලට යන්න. හොඳ අදහසක්! අපේ රටේ මෝඩයෝ ටික ඉතුරුවුණාම ඔය ඇත්තන්ට හිතුන හිතුන විදියට වැඩ ටික කරගන්න පුළුවන්නේ. (නි)
විදේශයන්හි සේවය කරන්නට අදිටන් කර ගන්න? (හේ)
සිංහල ළමයින්ට ඉංග්‍රීසි හොදට ඉගැන් වීමට කටයුතු කිරීම , ඔබ තුමාගේ වගකීම වේ.(හේ)
අද අපේ රටේ මැති ඇමතිලා දිහා බැලුවහම පෙනෙන්නේ ඉගෙන ගැනුමට වඩා මොන ජාවරමකින් හරි සල්ලි සොයාගෙන පාර්ලිමේන්තුවට පැනගන්න එක තමයි හොදම... ඊළගට තමන්ගේ පුතාලට දුවලට ඉගෙනගන්න ඕනත් නැහැ නිකම්ම දේශපාලනයෙන් ලොකු තනතුරු ... (හේ)
බදු ගෙවන අපේ මුදලින් නඩත්තුවෙන අයට නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන බුද්ධිමතුන් වෙලා විදේශයන්හි සේවය කරන්න කියන එක ප්‍රායෝගික හා සාධාරණ නැහැ. (නි)
අපි ඉගෙනගන්නවා. එ්ත් අපේ තාත්ත නම් කිවුවේ රටේ ආණ්ඩුවක් රජෙක් නැහැ වගේ කියලා (නි)
විදේශ ශ්‍රමිකයන් වෙනුවෙන් මීට වඩා දෑ කල යුතුයි රටට විදේශ විනිමය ලබා දෙන්නේ වැඩි වශයෙන් මේ අය.විශේෂිත බැංකු ගිණුමක් මේ අය වෙනුවෙන් ආරම්භ කලෝත් ඉතා කලෝචිතයි.(හේ)
ඔහොම කිව්වට වැඩක් නැහැ. විදෙස් ශ්‍රමිකයන්ට සාධාරණයක් කරන්න...(හේ)
මේවට කියන්න හිතට එන උත්තර මෙතන ලියන්න බැහැ (නි)
ඔව්. මම රට ගිහින් අවුරුදු 28 ක් දුක්විදලා, පෙර පාසලේ සිට විශ්ව විද්‍යාලය දක්වා උගන්වා ගත් උපාධියත් ලංකාවට වටින්නේ නැති නිසා, උපාදිය දාලා ගියා අරාබි. මොනවටද උගත්කම සහ උපාධි? (නි)
එහෙනම් ඇයි ජනාධිපතිතුමා විදෙස්ගත ශ්‍රමිකයන්ට ලකාවට ඇවිල්ලා සේවය කරන්න ආරාධනා කරන්නේ. (නි)
අප නිත්‍යානුකූල බැංකු මාර්ගයෙන් රටට එවන මුදල් ලදුපත් ඉදිරිපත්කර වාහන පර්මිට් එකක්වත් ගන්න පුළුවන් නම් හැම කෙනෙක්ම උනන්දුවෙයි නිත්‍යානුකූල බැංකු මාර්ගයෙන් රටට මුදල් එවන්න. එවිට අප උපයන සියලුම මුදල් භාණ්ඩාගාරයට ඒවි. උන්ඩියල් ක්‍රම වැහිලා යාවි. (නි)
බුද්ධිගලනය නවත්වන්න කටයුතු කරන්න (නි)
රට දියුණු කිරීමට මාර්ග හදලා පිටරටවල සේවය කරන අයගේ දරුවන් ඒ රටවල ඉගෙනගෙන ඉවර වුණාම අපේ රටට ගෙන්වාගෙන ඒ රටවලින් ලැබූ නවීන තාක්ෂණික දැනීමෙන් වැඩක් කරවාගෙන මේ රට දියුණු කරනවා මිස ඒ දරුවන් ඒ රටවලම තබාගෙන ඔවුන් උපයන ධනය අප රටට ගෙන්වා ගැනීම පමණක් කළයුතුයි කියලාද මේ කියන්නේ. මේ අයට අවශ්‍ය රට දියුණු කිරීම නොව ඔවුනගේ සුඛවිහරණයට අවශ්‍ය විදේශ විනිමය පමණයි කියන එකද මේ කියන්නේ. (නි)
ජාත්‍යන්තර පාසල් වල ලංකාවේ ඉතිහාසය විෂය ඉගැන්වීම අනිවාර්ය කළයුතුය. නැත්නම් මේ ළමයි පිටරටවලට ගිහින් ඉගෙනගෙන ලංකාවේ සිරිත් විරිත් අමතකොට විනෝද සවාරියේ ලංකාවට එයි (නි)
කියනකම් තමයි අපිත් මේ හිටියේ.. (නි)
ඔව්! ඉගෙනගත්තොත් අඩුමගානේ දෙමව්පියන් ඉන්න රටේ හරි රැකියාවක් කළහැකිය (නි)
පිටරට වල ඉන්න අපි කවදාහරි ලංකාවට ආවහම අපිට ජීවත්වෙන්න ක්‍රමයක් හදාදෙන්න (නි)
මෙහෙ ඉගෙනගෙන වෙන රට වලට වැඩ කරන්නකෝ.... රටේ වාසනාව (නි)
බොහොම හොඳ කතාවක් (නි)
දුප්පත් ශ්‍රමිකයින්ගෙ සල්ලි කාබාසිනියා කළ, ශ්‍රමිකයන්ට හරියට කතාකරන්නවත් දන්නෙ නැති අයගැන පරික්ෂණ ඉවරද? දඬුවම් දුන්නද? (නි)
තමන්ගෙ උවමනාවට රට ගියා නම් තමාම බලාගන්න කියලා වගේ කතාවක්නේ! (නි)
මෙතුමා කොහොමත් ඉගෙනගන්න අතදෙන කෙනෙක් (නි)
60% ශ්‍රී ලාංකික මෝඩයින් නිසා ශ්‍රී ලංකාවට යන කල! (නි)
මේවට වෙන්න ඕනෑ ආප්තෝපදේශ කියන්නේ (නි)
අනේ මන්දා මහත්තයෝ මේ කතා? (නි)
කොහොම හරි අපොස සාපෙළ දක්වාවත් ඉගෙනගන්න පුතේ. ඒ හොඳටම ඇති රටේ ඉහළම තැනකට වුණත් යන්න (නි)
මම අදයි දැනගත්තේ, තම රටට සේවය කරනවාට වඩා විදේශ රටකට සේවය කිරීම තමයි උතුම් කියන එක. (නි)