ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඵෛතිහාසික හිඳගල රජමහා විහාරයේ සඳුන් දැවෙන් නිර්මාණය කළ බුදු පිළිමයක් කඩා වැටී ඇතැයි එහි භාර කාර සන්සුන්ගම ඥානරතන හිමියෝ කියති.
හිඳගල රජමහා විහාරයේ ලෙන් ගලෙහි ශ්‍රී ලංකාවේ එකම හා පැරණිතම සිතුවම් කිහිපයක් ඇති බව හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයකුවූ මහාචාර්ය සෙනරත් පරණවිතාන සහ ආනන්ද කුමාරස්ස්වාමි මහත්වරු මෙම විහාරස්ථානය නිරික්ෂණය කර පවසා ඇත.
එහි ඇති යුග 4 කට අයත් බිතු සිතුවම් ද වර්ෂාවට තෙමී හානි වන බව පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට හා මධ්‍යම සංස්කෘතික දෙපාර්තුමේන්තුවට ද දන්වා සිටියත් කිසිදු ප්‍රතිඵලයක් නොලැබුණු බවද ඥානරතන හිමියෝ පැවැසුහ.
ඇඹිල්මීගම පඤ්ඤාකිත්ති හිමියන් පැවැසුයේ පුරා විද්‍යා දෙපාර්තුමේන්තු නිලධාරින් පැමිණ ලෙන සහිත විහාරය සඳහා වහලයක් සැදුවත් වැස්සට ඇද හැළෙන ජලය විහාරය ඉහළින් ඇති ගල මතට වැටී මැටි බදාමයට වැටිම නිසා මැටි තට්ටුව ඇතුළෙන් ජලය කාන්දු වී සිතුවම් විනාශ විමේ තත්වයක් උදාවී ඇති බවයි.
වියලි කාලය පැමිණි විට ඒ සදහා අවශ්‍ය ක්‍රමවේදයක් අනුගමනය කර සිතුවම් ආරක්ෂා කිරිමට පියවර ගන්නා බවත් පුරාවිද්‍යා කොමසාරිස්වරයා පැවැසිය.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය දකිනකොට හදවත උණුවෙනවා. සමහර භික්ෂුන් වහන්සේලා ලෝකේ පුරාම යනවා. මේ මුදල් ඉතුරු කරලා ඉතා පැරණි දේවල් ආරක්ෂා කරන්න ඕනෑ නේද? නිකාය බෙදාගෙන දේශපාලනය කර ගහගෙන සසරෙන් එතර වෙන්නේ නැති වැඩනේ කරන්නේ (නි)
හරිම සංවේදී දසුනක්. මොනවාහරි කරලා මේවා ආරක්ෂා කරන එක ලොකු පින්කමක්. කිව්වත් වගේ ලොකු ලොකු පන්සල් වලට පිරිකර පූජා කරනවට වඩා මේවට වියදම් කරන එක ලොකු පිනක් (නි)
සත්‍යාගේ කතාව ඇත්ත. (නි)
මේවා ආරක්ෂා කර අනාගත පරම් පරාවට දායාද කිරීම අපගේ වගකීමයි. (ර)
මෙවැනි විනාශයන් වළක්වන්න ක්‍රියාකළ යුතු අය තාම මරනින්දේ නිදි ඇති. (නි)
අපි හෙමින් මේවා පිළිසකර කරමු හාමුදුරුවනේ. සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයයි. (නි)
මෙම විහාරය ආරක්ෂා කරගැනීමට සුදුසු පියවර නොගැනීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තුමේන්තු නිලධාරින්ට දඬුවම් දීම සුදුසුයි කියා සිතමි (නි)
මහින්දව ආරක්ෂා. කරන්න දගලන හාමුදුරුවන්ට මේවා ඇහෙන්නේ ,දකින්නේ. නැතිද . බුදු හාමුදුරුවෝ රකින්නේ. නැතිව. මහින්දව රැකලා නිවන් දකින්න පුලුවන්ද . අරමුදල් එකතුකරන්න මේවගේ. දේවල් වලට සිවුරු ඇරලා මහින්ද රකින්නේ නැතිව. (බ)
ඕවා ආරක්ෂා කරලා අනාගත පරපුරට දායාද කරමු. (ර)
අපේ රටේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ගැන නම් ඇත්තටම තියෙන්නේ කණගාටුවක් වගේම තරහක්. ගොඩක් තැන්වල මම දැකලා තියනවා රකින්න ඕනෑ දේවල් හරියට රකින්නෙ නැහැ. වැඩිය ඕනෑ නැහැ, නුවර මාළිගාවට ගිහින් බලන්න. මඟුල් මඩුවේ ලී ටික, රජවාසල, රජවාසලේ වහළය බලන්න. ඔයාලටම පැහැදිලි වෙයි එහෙම තිබුනොත් තව කොච්චර කාලයක් මේවා රැකෙයිද කියලා. අපේ රටේ තරම් පුරාවස්තු වලට නොසළකන පිරිසක් ලෝකේ වෙන කොහෙවත් නම් නැතුව ඇති. (නි)
මේවායේ වටිනාකමක් නූතන සමාජයට නැති එක ගැන දුකයි (නි)
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට කියල වැඩක් නැත්නම් එෆ්සීඅයිඩී එකටවත් කියන්න ඕනෑ. නැත්නම් තව දෙපාර්තමේන්තුවක් හදමු. (නි)
වසන්ජය, මාව තේරුම් ගැනීම පිළිබඳ ඔබට ස්තුතියි. (නි)
කොළඹ අවට තිබෙන සමහර පන්සල් වල කැට වලට දවස පුරා එකතුවෙන මුදල් හැන්දෑවට එකතු කරන්නේ ගෝනිවල. ඉපැරණි වටිනාකමක් ඇති ඵෙතිහාසික පන්සලක බිතු සිතුවමක් රැකගන්නවත් සතයක් නොදෙන මේ පන්සල් වලට බෞද්ධයෝ මොනවට යනවද මන්දා. (නි)
සත්‍යා සත්‍ය ප්‍රකාශකර ඇති බව සිතමි (බ)