2016-12-28-ent-74

ටෙලි නාට්‍යය හා සිනමා නළුවෙකු ලෙස ජනප්‍රිය අකිල සඳකැළුම් වර්තමානයේ තිර පිටපත් රචකයෙකු ලෙසද කටයුතු කරමින් සිටියි. එළැඹෙන වසරේ ඔහු රචිත තිර පිටපත් නිර්මාණ කිරීමට සුදානම් කර තිබේ. ඒ පිළිබඳව ඔහු අපිට මෙළෙස අදහස් දැක්වුයේමු.

මේ අවුරුද්දෙ මගේ තියෙන ලොකුම බලාපොරොත්තුව තමයි තිර පිටපත් රචකයෙකු විදිහට ඉදිරියට එන්න. දැනට මා විසින් රචිත තිර පිටපත් කිහිපයක්ම තියෙනවා. ඒ ඔක්කොම සිනමා තිර පිටපත්. මේ තිර පිටපත් සිනමා නිර්මාණ කරන්න තමයි මම මේ අවුරුද්දේ වැඩිපුර වෙහෙසෙන්නේ. ඒ වෙනුවෙන් හොඳ නිෂ්පාදකවරු කිහිප දෙනෙක් සොයමින් ඉන්නවා. ඊට අමතරව මා විසින් රචිත ටෙලි තිර පිටපත් වුණ "විණාවී", "ගුරුපාර" හා "නෙතු අග පිපි මල්" මේ අවුරුද්දේ විකාශය වෙන්න නියමිතයි. මේ ටෙලි නිර්මාණ හරහා මාව නළුවෙක් ලෙස දකින්නත් මගේ ආදරණීය රසික, රසිකාවියන්ට පුළුවන්කම තියෙනවා.

 

2016-12-28-ent-75