2017-01-03-ent-54

කලාවට නොගැළපෙන ක්‍ෂේත්‍රයක ජීවත් වුවද කලාවට ඇති දැඩි ආශාව නිසාම නිරූපණ කටයුතු හැදැරීම් කටයුතු කරමින් කලාවට පායන මේ නවක තාරකාවිය නමින් විදුකා දිසානායකයි. ඇගේ ආගමනය සම්බන්ධයෙන් ‘සාරවිට’ අප සමගින් මෙලෙස අදහස් දැක්වූවාය.

 

ඔයාගේ නම කිව්වොත්?

2017-01-03-ent-57මගේ නම විදූකා දිසානායක. ඒත් මගේ යාළුවෝ නම් කියන්නේ විදූ කියලා.

 

රැකියාවක් කරනවාද? ඉගෙන ගන්නවාද?

දැනට මම පෞද්ගලික අංශයේ රැකියාවක් කරනවා.

 

ඇයි නිරූපණයට එන්නේ?

මට පොඩි කාලෙ ඉඳන්ම ලොකු ආසාවක් තිබ්බා මේ ක්ෂේත්‍රයට.

 

ගෙදරින් කැමැති වුණාද නිරූපණය කරනවාට?

ගෙදරින් නම් ලොකු කැමැත්තක් නැහැ. ඒත් ඉතිං මගේ ආසාව නිසා එයාලාගේ දැන් ලොකු බලපෑමක් කරන්නේ නැහැ.

 

රැකියාව නිසා නිරූපණයට කාලය යොමු කරන්න පුළුවන්ද?

ටිකක් අමාරුයි. ඒත් දෙකෙම බැලන්ස් කරගෙන කරන්න උත්සාහ කරනවා.

 

නිරූපණයෙන් වැඩියෙන්ම කැමති අංශයක් තියෙනවාද?

එහෙම්මම කියලා නැහැ. කරන දේ හරි විදිහට කරන්න තමයි උත්සාහ කරන්නේ.

 

නිරූපණය කරන අය දිහා අද ගොඩක් දෙනා බලන්නේ වපර ඇහෙන්?

හැමෝම එකම මිම්මෙන් මනින්න බැහැනේ. මම හිතන්නේ හොඳ දේවල් කළොත් කවුරුත් එහෙම බලන එකක් නැහැ කියලයි.

 

ඔයාගේ බලාපොරොත්තු කිව්වොත්?

නිරූපණය සහ රංගනය පිළිබඳ හැදෑරීමක් කරලා ක්ෂේත්‍රයේ හොඳ ගමනක් යන්න තමයි බලාපොරොත්තුව.

 

කවුරු හරි උදවු කරපු පිරිසක් ඉන්නවාද මතක් කරන්න?

ඔව් මුලින්ම මගේ අම්මව මතක් කරන්න ඕනේ. එයා තමයි මගේ ශක්තිය කියලා විශේෂයෙන් කියන්න ඕනේ. DK Studio හි ධනුක කල්හාර, ධනුෂ්ක පුෂ්පමාල් දෙන්නවයි. මට මේ තැනට එන්න ලොකු සහයෝගයක් දුන්නා. ඒ වගේම ඩිලාන් මධුෂංඛවත් ආදරෙන් මතක් කරන්න ඕනේ.

 

2017-01-03-ent-56
2017-01-03-ent-55
2017-01-03-ent-53