හුනුවටය සිංහල වේදිකා නාට්‍ය දෙමළ බසට පරිවර්ථනය කර ‘‘වෙන්කට්ටි වට්ටම්” නමින් උතුරේ ස්ථාන කිහිපයක ප්‍රදර්ශනය කිරීමට පියවර ගෙන ඇතැයි ප්‍රවීණ නාට්‍ය නිෂ්පාදක පරාක්‍රම නිරිඇල්ල මහතා කියයි.
එම නාට්‍ය ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු එලෙස කීවේය.
‘‘සාමය තේමාව කරගත් නාට්‍යයක් නිෂ්පාදනය කොට එය උතුරු පළාතේ ප්‍රදර්ශනය කර සංහිදියාව ගොඩනැගීමට උත්සහ දැරීමකට වඩා එම පළාත්වල ජනතාවගේ හදවතට සමීප සිංහල නාට්‍යයක් දෙමළට පරිවර්තනය කර ප්‍රදර්ශනය කිරීම සංහිදියාව ගොඩනැංවීමට වඩා වැදගත්. හුණුවටය වේදිකා නාට්‍ය ''වෙන්කට්ටි වට්ටම් ''ලෙස දෙමළ භාෂාවට පරිවර්ථනය කළේ කුලදේ ෂන්මුගලිංගම් නම් නාට්‍යකරුවෙක්. ‘‘
හෙන්ද්‍රි ජයසේනගේ පිටපතට අනුව පරාක්‍රම නිරිඇල්ල අධ්‍යක්ෂණය කළ හුණුවටය සිංහල නාටකයේත්,දෙමළ නාටකය වූ ''වෙන්කට්ටි වට්ටම්'' නාටකයේත් ගෲෂාගේ චරිතයට පණපොවණු ලබන්නේ ලීලාවතී සෙල්වරාජ් නැමති දෙමළ තරුණියයි.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම තමයි. එක එක ක්‍රම ගෙනල්ලා බලන්න ඕනෑ සාර්ථක වෙයිද කියලා (නි)
කාලෝචිත ප්‍රයත්නයක්..අපිත් ලෝකයේ විශි්ෂ්ට නාට්‍ය නිර්මාණ අපේම භාෂාවෙන් රසවිඳ තිබේද?(සඳු)
බලාගෙන! ආවා ආවොත් ගමකට කතහැකි (නි)
පරාක්‍රම, ඔබට ස්තුතියි! (නි)
හ්ම්! බලමුකෝ එහෙමවත් කරලා (නි)
මා මිත්‍ර පරාක්‍රම නිරිඇල්ලයන් එදා අගය කළාක් මෙන්ම අදත් අගය කරන තත්වයක සිටීම ගැන මා උදක්ම සතුටු වෙනවා. අප කවදත් ප්‍රකාශ කළ පරිදි වර්ග අතර සංහිඳියාව ඇතිවිය යුත්තේ දේශපාලකයින්ගේ පටු පරමාර්ථ ඉටුකරන්න නොව ප්‍රශ්නයෙන් සැමදා බැටකන සාමාන්‍ය වැසියන් අතරේ එය සිදුවිය යුතු බවයි. මේ සඳහා දෙපිරිසම අතර බෙදාගත හැකි සංස්කෘතික අංග වලින් පොහොසත් කලාකරුවන් වගේම කලාලෝලීන්ද සිටීම සමස්ත ක්‍රියාදාමයට රුකුළක්. අපගේ ඉල්ලීම නම්, හැකිතරම් දුරට වාර්ගික අනෝන්‍යය අවබෝධය ගොඩනැගෙන අන්දමේ දේශීය පදනමක් ඇති දේශීය නාට්‍යකරුවන් විසින් රචිත කතා වස්තු මේ නාට්‍යය සඳහා යොදාගන්නා ලෙසයි. (නි)
මේක බලලාවත් ආණ්ඩුව බලාපොරොත්තුවෙන සංහිඳියාවට උතුරෙන් සහයක් ලැබුනොත් හොඳයි (නි)
සතුටුදායක පුවතක්. අපි පාසල් යන කාලයේ මේ චරිත පන්ති කාමරයේ රඟපානවා (නි)
ඉතාම හොඳ දෙයක්. වෙනත් හොඳ නාට්‍යයනුත් මෙහෙම කළොත් තමා හොඳයි (ම)