IMG-LOGO

‘හන්තානෙන් මහනුවරට අවදානමක් නෑ’

හන්තාන කදු වැටියේ නාය යැමක් ඇති වූවත් එමගින් මහනුවර නගරයට කිසිදු අවදානම් තත්වයක් ඇති වන්නට ඉඩක් නැතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ මහනුවර දිස්ත්‍රික් ස්ථාන භාර නිලධාරී ජ්‍යෙෂ්ඨ භු විද්‍යාඥ නිශාන්ත පීරිස් මහතා පැවැසිය.

නායයැමේ අවධානමට ලක්වු 4 කණුවවත්ත හා 5 කණූවවත්ත පදිංචි ජනතාව පවසා සිටින්නේ වර්ෂාව පැය 3 ට ආසන්නව දිගින් දිගටම පවතින්නේ නම් ආරක්ෂිත තැන් වලට යන ලෙස නිලධාරින් පැවැසු බවයි. නායයැමට ලක්ව ජිවිත විනාශ වන්නට කලින් තමන්  ස්ථිර බිම් කොටසක් ලබා දෙන ලෙස වැසියෝ ඉල්ලති.

හන්තාන කදු අඩවියේ අවපාත බැවුම මහනුවර නගරය දෙසට යොමු වී ඇති අතර එයට දකුණු දෙසින් එහි මොහොර බැවුමේ මෙම නායයැම් සිදු වි ඇති අතර  හන්තාන උඩ කොටසේ 4 කණුව ප්‍රදේශය පිහිටා ඇති නිසා එම වතු ප්‍රදේශයට මෙලෙස නායයැමේ අවදානම 4 කණුව ප්‍රදේශයට ඇති නමුත්  එම නායයැමෙන් මහනුවර නගරය ආශ්‍රිත පෙදෙසට අවදානමක් නොමැති බවද පිරිස් මහතා පවසයි.

මෙම නාය ගිය ප්‍රදේශය භු විද්‍යාඥයින් විසින් පසුගිය දා නිරික්ෂනය කළ බවත් හන්තාන උඩ කොටස් වසර දහස් ගණනක සිට සිදුවූ නායයෑම් නිසා තැන්පත් වූ සුණුපහන් පස් අංශු වලින් සැදුණු ප්‍රදේශයක් බවත් අධික වර්ෂාවක් ඇති වන විට මෙම පසෙහි ඇති කුඩා හිඩැස් තුළට ජලය දිගින් දිගටම ඇතුළු විම නිසා භූමිය ජලයෙන් සංතෘප්ත වීමෙන් මෙය නැවත සක්‍රිය වී දැඩි අවදානම් තත්ත්වයක් ඇති බවත් එනමුත් වර්ෂාව අඩු වි භූගත ජල මට්ටම අඩු වීමේදී අවදානම ද අඩු වන බවත් පීරිස් මහතා පවසයි.

2a20ff70-e78b-4f9f-9604-da3d702fada2 7fa259b8-c4a5-4515-8b4b-46a9e5f90198 f41e30fa-238f-45bc-88b2-3ad53c25aad1



අදහස් (0)

‘හන්තානෙන් මහනුවරට අවදානමක් නෑ’

සාලිය Wednesday, 01 June 2016 02:02 PM

අවධානමක් නැත්තේ මොකද?(හේ)

:       0       0

ජයම්පති Wednesday, 01 June 2016 10:13 AM

ප්‍රශ්නයක් නැහැ කියලා කියන්නේ, ඔය කියන ප්‍රදේශය මහනුවර නගරයෙන් ඈතට වෙන්න තියෙන නිසානේ. මහනුවර රෝහල ආසන්නයේ තියෙන පහළ හන්තාන අනවසර ඉදිකිරීම් නිසා නගරයට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ කියලා කියන්න පුලුවන්ද?.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 141 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 429 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site