(සෙනරත් බණ්ඩාර )
හන්තාන ගවේෂණය සදහා අද(29) පැමිණි කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 290 දෙනකු අතිරින් 40 දෙනකු අධික මිදුමත් වර්ෂාවත් හේතුවෙන් අතරමන්ව සිටි බවත් පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගවේෂණ සිසුන්ගේ අධාරයෙන් රාත්‍රී අට පමණ වන විට උඩ හන්තාන නිවාඩු නිකේතනය අසලට පැමිණ ඇති බවත් පොලිසිය පවසයි.
ඒ අතර සිටි සිසුවියන් 6 දෙනෙකු හට ඇවිදගත නොහැකිව අඳුරත් සමග මාර්ගය සොයා පැමිණීමට නොහැකිව මෙසේ ප්‍රමාද වී ඇති බව ආරක්ෂක අංශ සදහන් කරයි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශයේ ආධාරයෙන් සිසුන් උද හන්තාන සිට විශ්වවිද්‍යාල භුමිය දක්වා ගෙන ඒමට කටයුතු කර ඇති අතර ඇවිද ගත නොහැකි සිසුවියන් හට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සිදුකෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතරමන් වුණු කට්ටියගේ පොටෝ ටිකත් දාන්නකෝ අම්මල තාත්තලටත් බලාගන්න. ළමයි විශ්වවිද්‍යාලේ ගිහින් හන්තානේ සුව විඳින හැටි දැනගන්න.
සරසවි සිසුන් කොහොමත් අතරමං තමයි. ඕක අමුතු දෙයක් නොවෙයිනේ ලංකාවේ. මම ඇතුළු දහස් ගණනක් සරසවියෙන් එලියට ඇවිල්ලත් අතරමං.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ ආධාර ඇතුව මේ ගමන් ගියොත් නේද හොඳ!
මේ අයගේ පොතේ දැනුම විතරයි ප්‍රයෝගික නැහැ . පුද්ගලික අංශවලට බදවා ගන්න කැමති නැහැ