IMG-LOGO

'හන්කිති දහතුන' එනකන් අපි මඟ බලා හිඳිමු

2016-06-03-ent-207

ඩිම්.....ඩිම්.......ඩිම්.......ආ.......ආ

ආ දැන් හුස්ම ඉහළට ගන්න. ආ දැන් හුස්ම හෙමින් පහළට හෙලන්න. ආ දැන් කට ඇරලා ඩිම් ශබ්දය කියන්න. ඩිම්. වේදිකා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි තමන්ගේ රංග කැළත් එක්ක කරන රංගන අභ්‍යාස වලට අපි බාධාවක් නොවෙන්න අපි බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතන රංග ශාලාවේදී අන්තිම පේළියේ අසුනකට බර වුණා.

අපි සාමාන්‍යයෙන් නාට්‍යය පුහුණුවීම් පටන් ගන්න කලින් රංගන අභ්‍යාසවල මෙහෙම නිරත වෙලා තමයි වැඩ පටන් ගන්නේ. ජයන්ත කිවුවේ නාට්‍යය පුහුණුවීමක් බලන්න. ආපු අපිට මෙතන මොකක්ද වෙන්නෙ කියලා. අපේ හිතේ දෙගිඩියාවක් ඇතිවුණ බව දැකපු නිසාවෙන්න ඇති. ජයන්ත කියන්නේ අත්, මෝරා වැනි පර්යේෂණාත්මක නාට්‍ය නිර්මාණ සිංහල කරළියට කැන්දු අපූරු නිර්මාණකරුවෙක්. ඒ නිර්මාණ කරුවා හරියටම අවුරුදු 23 කට පස්සේ තවත් අපූරු වේදිකා නිර්මාණයක් එක්ක ඔබව හමුවීමට සුදානම්. ”හන්කිති දහතුන” තමයි ඒ අපූර්ව වේදිකා නිර්මාණයේ නවතම වගේම නිර්මාණයක් වන අපුර්ව නාට්‍යමය ගුණාංගයන්ගෙන් පොහොසත් කියලා නාට්‍යයට සම්බන්ධ වී සිටින ප‍්‍රවීණ ශිල්පීන් දිහා බැලූවාම පැහැදිලියි.

රංගන අභිනය අවසන් කරපු පිරිස වේදිකාවේ වටේට ඉඳගත්තේ තවත් කටයුත්තකට මුල පුරමින්. සුපුරුදු පරිදි පුහුණුවීම් කරන්න කලින් කට්ටිය නාට්‍ය පිටපත එක පාරක් කියවනවා. ශි‍්‍රයන්ත මෙන්ඩිස්, වසන්ත විට්ටච්චි, කුසුම් රේණු, ජයලාල් රෝහණ වගේ දන්න කියන මූණු වගේම තවත් චරිත නිරූපණය කරන්න චරිත ගණනාවක් හන්කිති 13 නාට්‍යයේ චරිත නිරූපනය කරන්න සූදානමින් සිටිනවා.

ජයන්ත කියන්නේ නිර්මාණකරණයට සොඳුරු ආඥාදායකයෙක්. ඒ බව ජයන්ත නළු නිළියන්ට උපෙදස් දෙන ආකාරයෙන්ම පැහැදිලියි. ගණිකා නිවාසයක් සහ නඩුකාරයෙකු අතර ඇතිවන නාට්‍යෝචිත අවස්ථා රැුසක් හන්කිති දහතුන නාට්‍යය සඳහා ජයන්ත මෙවර පාදක කරගෙන.

ගණිකා නිවාස ඇසුරු කරන අය වගේම ඉන් පස්සේ ඔවුන් සමාජයට මුහුණ දෙන ක‍්‍රියාවලියට අපුරු හැඩයක් එක්ක ප්‍රේක්ෂකයා හමුවට ගෙන ඒමයි ජයන්තගේ බලාපොරොත්තුව. දැන් රාත‍්‍රී 8.00 කණිසම උදා වෙන්නත් ඔන්න මෙන්න. කට්ටියටම පුංචි විවේකයක් ලැබිලා තේ බොන්න. රස සාගරය උදාවෙන්නේ ඉන් පස්සේ. ශි‍්‍රයන්තලා, ජයලාල්ලා, ජයන්තලා, විට්ටච්චිලා ඉන්න තැන කලා ලෝකේ රස කතා ගොඩයි. වැඩිහරියක්ම කතා වෙන්නේ මෝරා, අත් නාට්‍යය කරද්දි සිදුවුණු රසවත් සිදුවීම්. එකපාරටම තේ බොන්න ගෙනාපු රෝල්ස් පිඟානට අත දිගු කරපු ජයලාල් රෝහණ කෑ ගහන්න ගත්තා.

කෝ මේ රෝල්ස් කන්න කවුරුත් නැද්ද? ඔන්න මට තරහා යනවා. එහෙම කියපු ජයලාල් රෝල්ස් කෑම පිඟාන විවෘත කළා. හරි ආපහු වැඬේ පටන් ගමු. ජයන්තලා නැටුම් පුහුණුවීම් ආපහු ආරම්භ කළා. හන්කිති දහතුන කට්ටිය විනිශ්චයකට භාජනය කරන අවස්ථාව වේදිකාවට ගැළපෙන ලෙස නිර්මාණය කරන්න තමයි ප‍්‍රධානම නාට්‍යයේ තවම සෙට් එක හදලා නැති නිසා කුසුම්ලාටයි ගෑනු ළමයි කණ්ඩායමටයි රඟපාන්න පහසුවෙන විදිහට පතුරු ටිකක් ගෙනත් විත්ති කූඩුවක් ක්ෂණිකව නිර්මාණය කළා.

ජයන්ත ඕකට වඩා අපි මේ රාක්කය තියමු. ඒක ඔක්කොටම වඩා පහසුයි. විට්ටච්චි අහළ පහළ තිබුණු රාක්කයක් ගෙනවිත් කුසුම්ලා ළඟින් තිබ්බා. මේක නම් නාට්‍යයට කියලා හැදුවා වගේ ජයන්තගෙයි විටටච්චිගෙයි පරිශ‍්‍රමයට ජයලාල් ඌණපුර්ණයක් එකතු කළා.

හන්කිතිි දහතුනේ පාළිකාව තමයි කුසුම් රේණු. ඇය සහ ජයලාල් අතර අපුරු සංවාදයක් ඇති වන්නේ නාට්‍යය කණ්ඩායම සිනහගස්වමින්. කුසුම් විත්ති කූඩුවේ ගැහැණු ළමයි පිරිස සමඟ සිටිනවා. ජයලාල් ගැඹුරු අඩි තබමින් කුසුම් ළඟට ළං වෙනවා.

අපි හරියටම මුණ ගැහෙන්නේ හරියටම අවුරුදු තුනකට පස්සේ. මං හිතන්නේ තුනක් කියන්නේ ඒක එච්චර ලොකු දෙයක් නෙමෙයි.

ඒ කියන දෙබසට කුසුම්ගේ මුහුණේ සෝපාහාස සිනහවක් ඇදෙනවා.

ඔවු ඉතින් තුනක් කියන්නේ අපිට එච්චර ලොකු දෙයක් නොවේ.

කුසුම් කියන්නෙත් ඇඟට පතට නොදැනී. හන්කිති දහතුනේ කණ්ඩායමට තිබෙන චෝදනාව මොකද්ද කියලා ශ‍්‍රියන්ත විමසන්නේ මුළු රංග ශාලාවම දෙගුරුම් කවමින්.

දරුණු ලෙස අනාචාරයේ හැසිරීම් ස්වාමීනි

ඒ මොකක්ද යකෝ? ඒ විනිශ්චයකාරයාටත් ඒක හරි ප‍්‍රශ්්නයක්.

මතුපිට දෙබස්වලට වඩා යටින් දිවයන අපුරු සෝපාහාසයක් හන්කිති දහතුන නිර්මානය යටින් දිවෙන බව පැහැදිලියි.

ජයන්ත මේ නිර්මාණයෙන් අපට ආමන්ත‍්‍රණය කරන්නේ ”ඔබේ මුහුණ පිටුපස සිටින්නේ ඔබමදැයි බලන්න යැයි අපිට යෝජනා කරමින්” පුහුණුවීම් සිදුවන අතරතුරේ ජයන්ත චන්ද්‍රසිරි කියන සුවිශේෂී නිර්මාණකරුවා කාලයකට පස්සේ වේදිකාවට එන්න බලපෑ හේතුව ගැන අපට මෙහෙම පැහැදිලි කළා.

මගේ මුල්ම ප‍්‍රකාශන මාධ්‍ය විදියට මම තෝරා ගන්නේ වේදිකාව. අනිකුත් මාධ්‍ය වලට මම ගියත් වේදිකාව හැමදාම මං ළඟ තිබුණා. වේදිකාව කියන්නේ නිර්මාණකරණයට පොහොසත් මාධ්‍යයක්. මා තුළින් දීර්ඝ කාලයක් නාට්‍ය නිර්මාණයක් නොකෙරුණත්් මා තුළින් නාට්‍යයක් පහළ වනතුරුම මා බලා සිටීම. මොකද මම ස්වතන්ත‍්‍ර නිර්මාණකරුවෙක්. මට ලැබුණු කෙටි නිර්මාණ විවේකය හන්කිති දහතුන වෙනුවෙන් යොදා ගත්තා.

 

2016-06-03-ent-211

 

ජයන්ත හන්කිති දහතුන තුළින් ගෙන එන්නේ අත්, මෝරා නාට්‍ය ගෙන ආ වටපිටාවට වඩා සංකීර්ණ සමාජ වටපිටාවක්. ජයන්ත හැමවිටම මිනිසුන්ගේ මනෝ භාවයන්ගේ සංකීර්ණතා නිර්මාණවලට ගෙන ආ කලාකරුවෙක්. ජයන්තගේ මුල් නිර්මාණ හා සසඳලා බලනකොට හන්කිති දහතුන කියන්නේ ආකෘතිය රංග විලාසය ප‍්‍රස්තුතය යන කාරණා වලින් වෙනස් නිර්මාණයක්. ජයන්ත දීර්ඝ කාලයක් වේදිකාවේ නොසිටියත් නිරන්තරයෙන් වේදිකාව දිහා නෙත් දල්වාගෙන සිටි බව ජයන්තගේ මේ නිර්මාණයෙන් පැහැදිලියි.

ඔබට හන්කිති කවා ගන්න ආසද? වේදිකාවම ජීවිතය කරගත් අපුරු නිර්මාණකරුවන් පිරිසක් මාසයක විතර කාලයක් ඉඳන් නිර්මාණ කළලය පෝෂණය කරන්න මහන්සි වෙනවා. මේ නිර්මාණයේ වැඩිපුර ඉන්නේ කාන්තාවන්. ඒ වගේම තවමත් පුහුණුවීම් මට්ටමේ තිබෙන හන්කිති දහතුන දහ තැනක පෙන්වන්න තරම් දර්ශනවාර මේ වන විටත් වෙන්වෙලා හමාරයි.

ශි‍්‍රයන්ත මෙන්ඩිස් මේ නාට්‍යයට දායක වෙන්නේ නඩුකාරයෙක් විදියට. නාට්‍යය අවසන් වන්නේ නඩුකාරයා ලබා දෙන තීන්දුවකින්. වසර විසිගණනකට පස්සේ ජයන්තගේ වේදිකා ආගමනය ලාංකීය වේදිකාවට සුභ ලකුණක් විදිහට තමයි ශ‍්‍රියන්ත සලකන්නේ. මමත් ත‍්‍රස්තවාදියෙක් වගේ මරාගෙන මැරෙනවා යකෝ.

ජයලාල්ගේ ආවේගශීලී හඬ ශාලාව පුරා දෝංකාර දෙනවා.

ජයලාල් කට පොඞ්ඩක් හැඩ අඩු කරලා ඒ ඩයලොග් එක ගන්න. ජයන්ත වේදිකාව උඩටම ගිහින් ජව සම්පන්න අධ්‍යක්ෂවරයෙකුගේ භූමිකාවට පණ පොවනවා. අගෝසතු 13 සවස 7.00 ට මරදාන ටවර් රඟහලට ”හන්කිති දහතුන” එනකන් අපි මඟ බලා හිඳිමු.

 

අමිල චින්තක ගමගේ / ඡයාරූප - ඉෂංක සුනිමල් 

 

sandalla

 

2016-06-03-ent-212
2016-06-03-ent-210
2016-06-03-ent-208
 



අදහස් (0)

'හන්කිති දහතුන' එනකන් අපි මඟ බලා හිඳිමු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 117 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 380 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site