කොළඹ හලාවත දුමිරිය මාර්ගයේ හලාවත මැරවල දුම්රිය හරස් මගේ ගේට්ටුව වසා තිබිය දි පාපැදියකින් යාමට තැත් කළ අඹුසැමි යුවළක් අද ( 14 ) දුම්රියට හසුවී මිය ගිය බව හලාවත පොලිසිය කියයි.
මියගිය දෙදෙනා හලාවත අසරප්පා වත්තේ පදිංචි අඹු සැමියන් වන අතර ඔවුන් ගමන් කළ පාපැදියේ රැගෙන යමින් තිබූ කසිප්පු බෝතලද තිබූ බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කසිප්පු බොන්න තිබුන කෑදරකම නිසාද, එහෙම නැත්නම් "බඩු" භාරදීමට තිබුන හදිස්සිය නිසාද මේ අනතුර සිද්ද වුනේ කියන්න මේ ජෝඩුවට දැන් පුළුවන්කමක් නැතිවීම ගැන අප කනගාටුවෙනවා. සමහර විට හොඳට සූර් වෙලා ඉන්නත් ඇති. කොහොම වුනත් මෙවැනි භාණ්ඩ සයිකල් වලින් ගෙන ගිය කාලේ දැන් ඉවරයි. කසිප්පු මුදලාලි මේ යුවලට යතුරු පැදියක් දුන්නා නම්, මේ අවාසනාවන්ත සිද්දිය නොවෙන්න තිබුණා. කසිප්පු මුදලාලි වරුනි, මේ ඔබේ අවධානය පිණිසයි !!! (බ)
මටත් පුදුම දුකක් දැනුනා. දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනි! (නි)
අනේ පවු දෙවියනේ අහිංසක මිනිස්සු! (නි)
කසිප්පු තිබුනා නම් හොඳ යුවළක් වෙන්න බැහැ (නි)
මිනිස්සු දැනගන්න ඕනෑ ආරක්ෂා වෙන්න. මේ ගොල්ලෝ පොඩි ළමයි නෙමෙයිනේ (නි)
මොන දේ වුණත් පරිස්සමට කරන්න ඕනෑ.මීටවැඩිය හොරු කොච්චර අපුරුවට ජීවත්වෙනවද? (නි)
නීතියට හොරෙන් මොනවා කරන්න හැදුවත් තම හිත ඒකට ඉඩ දෙන්නේ නැති බව මේකෙන්ම සනාත වෙනවා.මොනවා වුණත් අකල් මරණ දෙකක්. (නි)
මේ ගොල්ලෝ කසිප්පු පොවලා කී දෙනෙක් මරුතුලට යවල ඇද්ද? කී දෙනෙක් ගෙ පවුල් විනාශ කරලා ඇද්ද?(ම)
එහෙම පරිසන් දෙනවානම් හොදයි එත් එක හැමෝටම වෙන්නේ නැ.ඔය දේශපාලකයෝ කුඩු අරක්කු තැබෑරුම් (කරන තාරක වැරදි දේවල් කරන්නේ සල්ලි තියෙන ය.එයාලට මුකුත් වෙන්නේ නැ සොබා දහමෙන්.දුප්පත් අයට තමයි සේරම විපත්ති (ම)
එතකොට කසිප්පු ටිකක් පොවපු යයි පවු කාරයෝ? කිලෝ ගණන් කුඩු ගෙන්නන අරක්කු වලට කලවම් කරන්න එතනෝල් ගෙන්නන අය? උන් නීතියට බය නැහැ. මේ වගේ දුප්පත් මිනිස්සු නීතියට බයයි මොකද අහු වුනොත් බන්ධනාගාර රෝහලුත් නැහැ, ඇත අඩංගුවට නොගන්න අධිකරණ නියෝගත් නැහැ, (ම)
රේල් ගේට්ටුව වහලා නම්? හදිසි නම්? බසිකලය තල්ලු කරගෙන ගියා නම් අනතුරෙන් බේරෙන්න පුළුවන්. ඔබ දෙදෙනාට නිවන් සුව පතමි! (නි)
අනේ පව්! ප්‍රමාද වුණොත් පොලිසියට අසුවෙතැයි බියකින් මෙසේ කළා විය හැක. දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනි. (නි)