( කේ බුද්ධික කුමාරසිරි )
මාලබේ රත්නාරාම ප‍්‍රදේශයේ නිවෙසක් තුල දෙදෙනෙක් මිය ගොස් ඇති බවට ලැබුණු තොරතුරකට අනුව මරණ පරීක්ෂණය සදහා හදිසි මරණ පරීක්ෂකවරිය සමග එහි ගොස් පරීක්ෂා කිරීමේදී මිය ගොස් ඇතැයි සැක සිතූ එක් කාන්තාවකගේ හුස්ම වැටෙනු දැක වහා රෝහල් ගත කර ජීවිතය බේරා ගැනීමට කටයුතු කළ බව අතුරුගිරිය පොලිසිය පවසයි
මාලබේ රත්නාරාම මාර්ගයේ පස්වන පටුමගෙහි පදිංචිව සිටි හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු සහ ඔහුගේ බිරිඳ නිවස තුලම මිය ගොස් ඇතැයි පොලිස් හදිසි ඇමතුම් අංකයට තොරතුරු ලැබී ඇත.
පසුව බොහෝ වේලාවක් ඔවුන්ට කතා කළද කිසිදු ප‍්‍රතිචාරයක් නොමැති බැවින්ද මෙම ගෙහිමියන් දින දෙකකින් පමණ නොදුටු බව අසල්වාසීන් පැවසූ නිසාවෙන් ද ඔවුන් දෙදෙනාම නිවස තුළ මිය ගොස් ඇතැයි සිතූ පොලිසිය තලංගම දකුණ හදිසි මරණ පරීක්ෂකවරිය වන පේ‍්‍රමලතා අබේවර්ධන මහත්මිය සහ නුගේගොඩ පොලිස් අපරාධ පරීක්ෂණ නිළධාරීන් කැදවාගෙන මරණ පරීක්ෂක කටයුතු සදහා නිවසේ දොරගුලු කඩා ඇතුළු වී තිබේ.
කාන්තාවගේ හුස්ම වැටෙනු දැක වහාම සුව සැරිය ගිලන් රථයක ආධාරයෙන් රෝහල් ගත කිරීමට කටයුතු කිරීම නිසාවෙන් එම කාන්තාවගේ දිවි බේරා ගැනීමට හැකි වූ බවත් හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා මිය ගොස් සිටි බවත් පොලිසිය පවසයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ සේවයට උපහාරයක් ම වේවා !!!
කෙනෙකුට ආපදාවක් වී ඇතැයි සැක අවස්ථාවක ක්රියාත්මක වෙන ක්රමවේදයක් තියනවා. එය ඉංග්රීසියෙන් ඩොක්ටර් ඒ බී සී ලෙස හැඳින්වෙනවා. එහි මුලකුරු වලින් කියවෙන්නේ උදව් කරන්න ආ තැනැත්තාට යම් අනතුරක් විය හැකිද? ආපදාවට ලක් වූ තැනැත්තාගෙන් යම් ප‍්‍රතිචාරයක් මීට ලැබේද?
මේ සුවසැරියේ ගිලන් රථ වලට තමා දොස්තර පාදෙණිය මහතාගේ අය බැන්නේ...
ඇයි මුස්ලිම් අයටත් හරි තැනක් දෙන්නේ නැත්තේ?
ඔය සුවසැරිය එපා කියල තමා පාදෙණිය මහතා ඒකාබද්ධ විපක්ෂය එක්ක අමනාම වුණේ. දැන් පේනවා නේද එ්කෙන් ජීවිත බේරගන්න හැටි. එවැනි අයගෙන් මේ රට බේරගන්න කාලයයි මේ ඇවිත් තියෙන්නේ...
අපි දාන අදහස් දාන්න බැරිනම් අපගෙන් අදහස් ඉල්ලන්න එපා...
පැසසුම් ලැබියයුතු ක්රියාවක්, සහභාගි වුණ හැමෝටම පින්....!!!